IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කසළ බාර නොගැනීමෙන් කොළඹ කුණුවෙයි

(ජයන්ත සමරකෝන්)


කොළඹ නගරයේ කසළ බැහැර කරලීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ මණ්ඩලයට ලබාදෙන මුදල වැඩි නොකරන ලදැයි කියන සිද්ධියක් මත ඊයේ (06) සිට කොළඹ නගරයේ කසළ භාරගැනීම එම මණ්ඩලය විසින් අත්හිටුවා ඇති බවට කොළඹ මහ නගර සභාව චෝදනා කරයි.


මේ හේතුවෙන් නගරයේ කැලි කසල මේට්‍රික් ටොන් 1200ක් පමණ ගොඩගැසී බරපතල පාරිසරික ගැටලුවක් මතුවී ඇතැයි නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අද(07) පැවසුවාය.


මේ සම්බන්ධයෙන් විසඳුමක් ඉල්ලූ ජනාධිපතිවරයාට ද දැනුම් දුන් බව පවසන නගරාධිපතිනිය පසුගිය වසරේ පමණක් පහත්බිම් මණ්ඩලයට නගරයේ කැලි කසල බැහැර කිරීම සඳහා රුපියල් මිලියන 525ක් ලබා දී ඇතැයි ද, තවත් රුපියල් මිලියන 207ක් ලබාදෙන්නැයි ඔවුන් ඉල්ලා ඇතත් නගරයේ ජනතාවගේ බදු මුදල් මෙලෙසින් විනාශ කිරීමට තමා සූදානම් නැතැයි ද ඇය ප්‍රකාශ කළාය.

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි )


 
 



අදහස් (7)

කසළ බාර නොගැනීමෙන් කොළඹ කුණුවෙයි

සතයපාල Sunday, 07 October 2018 01:04 PM

කොළඹ නගරයේ වැදගත්ම ප්‍රශ්නය වන කසළ බැහැර කීරිම ක්‍රමවත්ව කීරීම සඳහා රාජ්‍ය ආයතනයකට අත්‍යාවශ්‍ය මුදල ගෙවන්න තමයි මෙයාට බැරි. ලක්ෂ හැට හැත්තෑව වියදම් කරලා තමන්ට වැසිකිළි භදා ගන්නයි, නාගරික මන්ත්‍රීවරුන්ගේ වැටුප වැඩි කරන්නයි, ලැප්ටොප් බෙදන්නයි නම් මෙයාට සල්ලි තියනවා. දෙන්න සල්ලි නැත්නම් කොළඹ කසල ඔහේ තිබුණාදෙන්. මහආණ්ඩුවේ සල්ලි මේවට යොදවන්න අවශ්‍ය නැහැ.. සල්ලි තියෙන හා සල්ලි යොදවන්න පුළුවන් කෙනෙක් කොළඹ නගරාධිපති කෙරුවා නම් හරි...

:       36       241

Perakum Sunday, 07 October 2018 01:46 PM

ජනතාවගේ බදු මුදල් මෙලෙසින් විනාශ කිරීමට තමා සූදානම් නැතැයි නගරාධිපතිනිය ප්‍රකාශ කළා. එහෙනම් අර පහුගිය දවස්වල කවුරුත් කතා කරපු ඒවට වියදම් කරන්න ගියේ ජනතාවගේ බදු මුදල් නැතුව ගෙදරින් ගෙනාපුවද දන්නේ නෑ.

:       0       107

sam Sunday, 07 October 2018 02:03 PM

රෝසි.. කුණු ඉල්ලන් කනවා. රෝසිට කුණු බාරයි.

:       16       83

Hafeel Sunday, 07 October 2018 02:39 PM

ජනතාවගේ බදු මුදල් ගැන මෙයාට දැන් අමුතු අනුකම්පාවක් ඇවිල්ලයි තියන්නේ. අර ලක්ෂ 57 වැසිකිලි, මන්ත්‍රී දීමනා වැඩිකිරීම්, මංගල රැස්වීම වෙනුවෙන් හිතවතුන්ට තුන්වෙලා තරු පහේ කෑම. ඕවා අමතකද?

:       19       209

himal Sunday, 07 October 2018 02:57 PM

මෙතන වෙන්නේ රජයේ මුදල් එක් තැනකින් තවත් තැනකට යන එක. මේ තනි සිදුවීමක් වුණත් පහුගිය වසර 10ක වගේ කාලය තුළ අඛණ්ඩව දකින්න පුළුවන් දෙයක් තමයි රාජ්‍ය ආයතන පුදුමාකාර ආත්මාර්ථකාමී බවකින් හා ආයතන අතර ගහ මරා ගන්න එක...

:       9       33

OMG Sunday, 07 October 2018 03:13 PM

කණ්නාඩි දාපු කොළඹ 7 නෝනා කෙනෙක්නේ. ඒකයි.

:       0       43

vipula. Sunday, 07 October 2018 05:20 PM

කොළඹ නගරය දැන් ආපස්සට ගිහිල්ලා ගොඩක් කල් වෙනවා. දැන් නහය වහගෙන යන්න වෙන්නේ. තිබුණු දේ දියුණු කරන්න කතා කරන කොට ආපස්සට යන තීරණනේ ගන්නේ

:       0       107

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 201 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 31 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1616 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 329 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1532 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1517 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site