(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දැනට වෙළෙඳපළේ පවත්නා,'ආහාර සඳහා යෙදීමට නොව' ලෙසින් සඳහන්ව ඇති පිපුම් කාරකයක් කසිප්පු පෙරීමේදී භාවිතයට ගන්නා බැවින් කසිප්පු විස වී ඇතැයි කසිප්පු පෙරීමේ නිරතවන්නෙක් පැවසීය.
වසර හතරකට පමණ පෙර භාවිත කළ පිපුම් කාරකය යෙදූවිට ගෝඩා මිශ්‍රණය පැසෙන්නට දින 6ක් 7ක් පමණ කල්ගත වන අතර, නිල් පැහැති ඇසුරුමකින් වෙළෙඳපොළට ආ නව නිෂ්පාදනය යෙදූවිට දිනක් ඇතුළත ගෝඩා සකසා පෙරා කසිප්පු ලබාගැනීමේ හැකියාව ඇත.
ගෝඩා මිශ්‍රණය වැඩි දින ගණනක් තිබෙන්නට ඉඩ හැරීමෙන් පොලිසියට අසුවීමේ අවදානමක් පැවතීමත් ඉක්මණින් තම නිෂ්පාදන මුදල් කර ගැනීමට හැකිවීමත් සලකා මෙම පිරිස් නව නිෂ්පාදනය භාවිතා කරන්නට පෙළඹී ඇති බවද කසිප්පු පෙරීමට සම්බන්ධවූවෝ පැවසූහ.
එමෙන්ම තම නිෂ්පාදනයේ ගුණාත්මක භාවය ඉහලින් පවතින බවට පාරිභෝගිකයන්ට හැඟවීම සඳහා පිපුම්කාරක පැකට් එකක් යෙදිය යුතු අවස්ථාවට පැකට් දෙකක් යොදන පුද්ගලයන්ද සිටින බවද හෙළි වී ඇත.
නිල් පැහැති ඇසුරුමකින් යුතු මෙම පිපුම්කාරකය ආහාර පිණිස නොවන බවට සඳහන්ව ඇතත් එය නිෂ්පාදනය කරන ස්ථානයක් හෝ සඳහන්ව නැතැයිද මෙවැනි අනාරක්ෂිත නිෂ්පාදන වෙළෙඳපළට පැමිණීමේ මාර්ග අහුරා දැමීම වහා කළ යුතු බවද ජනතාව පෙන්වා දෙති.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කසිප්පු විස වීමට හේතුව, නොයෙදිය යුතු පිපුම් කාරක භාවිතයයි
d.upul Wednesday, 07 August 2019 11:06 AM
තත්ත්ව සහතික අරගෙන නැවත වහාම පෙරන්න පටන්ගන්න. නැතිනම් පව් අසරණ ජනතාව...
sam Wednesday, 07 August 2019 11:29 AM
මේ සිද්ධිය මෙතනෝල් විසවීමක්... මෙතනෝල් සෙන්ටිග්‍රේඩ් 64 පමණ සිට ලැබෙනවා. එය උග්‍ර විෂ සහිතයි. බීමට සුදුසු එතනෝල් ලැබෙන්නේ සෙන්ටිග්‍රේඩ් 78 සිටයි. පිපුම්කාරක වලින් එතනෝල්, මෙතනෝල් වෙනස් වන්නේ නැහැ. එය වෙනස් වන්නේ ආසවන උෂ්ණත්වය මතයි.
thushara Wednesday, 07 August 2019 12:17 PM
මගේ පුද්ගලික අදහස නම් මේ කස්සිපු බීපු හැමෝම මැරෙන්න ඕනෑ. කසිප්පු වික්ක මිනිහට බැනලා වැඩක් නැහැ. මුන් ටික බොන්නේ නැත්නම් ඒ මිනිහා කසිප්පු පෙරන්නේ නැහැ. මේ මිනිහ කසිප්පු හැදුවේ නැති වුණත් වෙන තැනකින් ගිහින් බොනවා.
KamalWednesday, 07 August 2019 12:52 PM
එහෙනම් ඔයත් අද නැහැනේ...
BamunuarachchiWednesday, 07 August 2019 12:58 PM
මේ මොන අපබ්රංශයක්ද? සල්ලි තිබෙන එකා ඉස්තරම්ම වර්ගයේ ඇමරිකන් හරි ස්කොච්, විස්කි හරි බොන්නයි.. දුප්පත් එකා නොබී ඉන්නයි. මත්පැන් බීම ලෝකේ පැරණිම වෘත්තියට වඩා පැරණියි. මත්පැන් බීම සක්කරයාටවත් නවත්වන්න බැහැ. කළයුත්තේ අධික බදු අඩුකර අඩු ආදායම් ලාභීන්ටත් බොන්න පුළුවන් මුදලකට මත්පැන් ගන්නට ඉඩ හැරීමයි. අවමංගලයා බලන්නේ මිනිසුන්ගේ මිනී උඩින් හරි උගේ ආදායම සොයන්නයි....
Chanak los angelesWednesday, 07 August 2019 08:39 PM
කීවොත් මෝඩ කතාවක්මයි .. අඩු මුදලට මොන ඉස්තරම් ඒවා බීවත් ඒවා ගිනි වතුරයි ඒ මගින් ලෙඩවුනාම බෙහෙත් වලට ප්‍රතිකාර වලට ඒ අඩු මුදලට වඩා පිරිවැයක් රජයට දරන්න වෙන බව කියමි.
kolam boss Wednesday, 07 August 2019 01:29 PM
පව් අහිංසක මිනිස්සු... හොඳ අරක්කු අඩු මිලට තිබුණා නම් මේ වගේ ජරාව බොන්නේ නෑනේ... කොහෙද ඉතින් එ්කත් ලොකු මිනිහට හොඳ දේවල් කියලා රට විස්කි එකක් රුපියල් 10000ක් විතර කරලනේ... පිට රටවල් වල විස්කි, බ්‍රැන්ඩි, බියර්, වයින් මොනතරම් මිල අඩුද?
pakeer Wednesday, 07 August 2019 02:30 PM
සල්ලි තියෙන අයට බ්ලැක්, බ්ලූ, ග්‍රීන් වොඩ්කා ... දුප්පත් එවුන් ජරාව බීලා මැරෙනවා. අනේ මන්ද වරද කාගේද කියලා...
GuneWednesday, 07 August 2019 03:32 PM
ඒ අයට පින නැහැ... ඒකයි හේතුව..
Chanak los angelesWednesday, 07 August 2019 08:48 PM
මොන වර්ගයේ ඒවා බීවත් ශරීරයට වෙන්නේ හානියක්මයි. මද්‍යසාර බොන පුද්ගලයාගේ මනස විකෘර්ති වෙනවා .
de silva berlin Friday, 09 August 2019 09:32 AM
විස්කි, බ්‍රැන්ඩි, බොන අපි කස්සිපු බොන මිනිස්සුන්ට ගරහන එක වැරදියි. ඔවුන් ඒවා බොන්නේ ඔවුන්ට අරක්කු බොන්න තරම් ආර්ථික ශක්තියක් නැති නිසාය. ජර්මනියේ සාමාන්‍ය විස්කි බෝතලයක මිල යුරෝ 5-15ක් විතර, එ් කියන්නේ රුපියල් 1000-3000ත් අතර මිලක්.., මෙහි නොපුහුණු සාමාන්‍ය කම්කරුවෙක් පැයකට යුරෝ 8-15ත් අතර මුදලක් උපයනවා. ලංකාවේ අරක්කු බෝතලයක් රුපියල් 1500- 2500 වෙනවා... කම්කරුවෙක් දවසටම උපයන්නේ රුපියල් 1500ක් වැනි මුදලක්. ඉතින් ඔවුන් කසිප්පු බොන්නේ නැතුව මොනවා බොන්නද? ලංකාවේ අරක්කු බෝතලයකින් රුපියල් 1000ක් විතර රජය බදු වශයෙන් ගන්නා බව ඔබ දන්නවද?