(සිරාජ් හසීම්/එස්.ප්‍රදීපන්)
ත්‍රස්තවාදයෙන් රට බේරාගත් කිසිදු රණවිරුවෙකු නීතිය හමුවට ගෙන විත් දඩුවම් නොකරන බවත් යුද්ධය මුවාවෙන් නිරපරාදේ දෙමළ ජනතාව මරා දැමූ අයට එරෙහිව කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යාපනයේදී පැවසුවාය.
එමෙන්ම යුද්ධයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් තම පිරිස් කෙසේ අතුරුදහන් වූවාදැයි විමසන බවත් ඔවුන් කිසිදු අවස්ථාවක ඊට සම්බන්ධ අයට දඩුවම් කළයුතු යැයි සඳහන් නොකළ බවත් කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.
යාපනයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම සදහා යාපනයට ගිය ජාතික සමගිය හා සංහිදියා කාර්යංශයේ සභාපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තෙල්ලිපලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයට සහභාගී වෙමින් මේ බව කියා සිටියාය.
‘‘පසුගිය වසරේ මම අවස්ථා දෙකකදී යාපනයට පැමිණියා. නමුත් අද මම මෙතනට පැමිණියේ ඉතා සතුටින්‘‘
‘‘අපි වසර දෙකක් පුරා සැලසුම් කරලා මුදල් හොයාගෙන දැන් උතුරට සංවර්ධන කටයුතු ලබා දෙන්න අපේ කාර්යංශය සමත් වෙලා තියෙනවා. අතුරුදහන් වූවන් සෙවීම සදහා අවංකව හා ක්‍රියාශීලී වැඩපිලිවෙලක් කරනවා කියලා රජය ජනතාවට ජාත්‍යන්තරයටත් පොරොන්දු වුණා. ඒ සදහා නීති රීතිත් ගෙනල්ල පාර්ලිමේන්තුවේ සම්මත කරගෙනත් ඉවරයි. දැන් ජනාධිපතිතුමා ඒ නීතිය අත්සන් කරලා ක්‍රියාත්මක කරන්න විතරයි තියෙන්නේ‘ යැයි ද හිටපු ජනාධිපතිනිය කීවාය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘කිසිදු රණවිරුවකු නීතිය හමුවට ගෙනෙන්නේ නෑ‘ - හිටපු ජනපතිනි
Amila Sunday, 26 March 2017 07:19 PM
බෝම්බ ගෙනා කොටීයා එළියේ අල්ලපු වීරුවා අැතුලේ.
siri Sunday, 26 March 2017 08:34 PM
රට විනාස කරලා දැන් බයිලා ගහනවා.
Perera Monday, 27 March 2017 06:15 AM
මිනිස්සු ඔයා කියන දේත් අහනවද මන්දා
amali Monday, 27 March 2017 11:26 AM
අනේ යන්න මෙයා යන්න බලයට කෑදර ඔයාද මහින්දද කියල අපිටත් තෙරෙනේව. මහින්දට තව ජන ආකර්ෂණයක් වත් තියෙනවා. ඔයාට ඉතින් යන යන තැන හුව තමයි.
sopi Monday, 27 March 2017 12:23 PM
අපොයි .....මෙයා කියන දේවල් ගැන කවුද නොදන්නේ ....??