ඉන්දිකා රාමනායක
සුනඛයකු සම්බන්ධයෙන් ඇති වු සිද්ධියක් මුල්කරගෙන ගුවන් තොටුපළ රේගු නිලධාරීන් පස් දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින කුවෙට් ජාතික යුවළට එම නඩුව අවසන් වන තෙක් මෙරටින් පිටවීම තහනම් කරමින් මීගමුව මහේස්ත‍්‍රාත් සජීන්ද්‍ර ජයසුරිය මහත්මිය අද (30) නියෝගයක් නිකුත් කළාය.
මෙම යුවළ කුවෙට් රටේ සිට ඉකුත් 27 වැනි දා මෙම සුනඛයා ගුවන් මගින් මෙරටට රැගෙන එමින් සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සත්ව නිරෝධායන රේගුලාසි යටතේ එම සුනඛයා රඳවා තබාගෙන සිටියදී එයට උරණ වු එම යුවළ සුනඛයා නිදහස් කිරීමට ප‍්‍රමාදවීම පිළිබඳව රේගු නිලධාරීන්ට සිය විරෝධය දක්වමින් ඔවුන්ට පහර දී තිබිණි.
රේගුව බාරයේ සිටි සුනඛයා බලහත්කාරයෙන් රැගෙන ගුවන් තොටුපොළින් පිටවීමට උත්සහ කිරීමේ දී ඔවුන් අත්අඩංගුවට පත්විය. මෙම නඩුව ලබන 10 වැනි දා නැවත කැදවීමට නියමිතය.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කුවේට් යුවළට රටින් පිටවීම තහනම් කරන නියෝගයක්
පිටිගල මිලානෝ Monday, 30 July 2018 11:50 AM
මෙයා මේ සෙල්ලම් යුරෝපේ හෝ ඇමරිකාවේ දායිද? අපේ රට ගැන හිතාගෙන ඉන්න විදිය තමයි.
ravi Monday, 30 July 2018 03:36 PM
සුනඛයින්ට " මත්ද්‍රව්‍ය, මැණික්... " වගේ දේවල් ගිල්ලවලා ගුවන්තොටුපලවල්වලින් එහාට.. මෙහාට මෙවැනි දේවල් ප්‍රවාහනය කිරීම හුඟක් රටවල්වල ආරක්ෂක නිලධාරීන් දන්නා දෙයක්...