(විනීතා එම් ගමගේ)
කුවේට් හි නිවසක සේවය කරමින් සිටිය දී රුපියල් කෝටි 13 ක මුදලක් සොරකම් කළේ යැයි චෝදනාවක් එල්ල වූ ශ්‍රී ලාංකික සේවකයෙකු එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර ගැනීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරිහු සමත්ව ඇත.
සොරකම් චෝදනාව මත චෝදනා එල්ල කර වද හිංසාවලට ද ලක්කර ඇති මෙම සේවකයා වෙනුවෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට එරට තානාපති කාර්යාලය මැදිහත් වී ඇත්තේ එවකට විදේශ රැකියා ඇමතිනිය වූ තලතා අතුකෝරල මහත්මිය ගේ උපදෙස් මතය.
මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ මතුගම යටියන අගලවත්තේ පදිංචි බියුටි චතුරංග මහතාය. ඔහු සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ පසු ඉකුත් දා දිවයිනට පැමිණි අතර තමන් වෙනුවෙන් වහා ක‍්‍රියාත්මක වූ අමාත්‍යවරිය බැහැ දකින්නට අධිකරණ අමාත්‍යංශය වෙත පැමිණියේය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා විසින් චතුරංග මහතා පිළිබඳ ප‍්‍රශ්නය අතුකෝරල මහත්මිය වෙත දැනුම් දී තිබු අතර ඒ අනුව අමාත්‍යවරිය මෙම පියවර ගෙන තිබිණි.
අමාත්‍යවරිය හමුවූ චතුරංග මහතා තමන් මුහුණ දුන් සිද්ධිය පිළිබඳව මෙසේ හෙළි කළේය.
‘‘මම කුවේට්වල සේවයට ගිහින් අවුරුදු දෙකක් යද්දි මාව හොරකමකට අහුවුණා. ලංකාවේ මුදලින් කෝටි 13 ක්. මම ජීවිතය නැති කරගන්නයි ගියේ. මම ඒ වෙලාවේ ජයන්ත සමරවීර මන්ත‍්‍රීතුමාට කථා කරල මොනව හරි කරන්න පුළුවන් ද කියල ඇහුවා. ඔහු ඇමතිතුමියට කියලා. එතුමිය වහා සොයා බලා මගේ ජීවිතය බේර ගත්තා. ඇමතිතුමිය පාලනය කරන කාලේ තානාපති කාර්යාලවලින් ලොකු සේවයක් වුණා. යැයි ද චතුරංග මහතා කියා සිටියේය.
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ
ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.
විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ
දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කුවේට් නිවසක කෝටි 13ක් වංචා කළැයි චෝදනා ලැබු ලාංකිකයා නිදහස්