IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කාලසටහනේ විෂයන් 2ක අවුලෙන් උසස් පෙළ සිසුන් අමාරුවේ

(රංජන් කස්තුරි)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කාල සටහන අවුල්කර ගැනීම නිසා සිසුන් පිරිසකට විෂයන් දෙකකට පෙනී සිටීමේ අවස්ථාව අහිමි වී ඇතැයි වාර්තාවේ.

විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ විභාගයේ කාල සටහන ඉකුත්  මැයි මාසයේ 16 වැනි දින සහ ජූනි මාසයේ 25 වැනි දින අවස්ථා දෙකකදී විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළකර තිබූ අතර එම කාලසටහන් දෙකේ ඒ ඒ විෂයන් වලට අදාල වේලාවන් වෙනස් ලෙස පළකර තිබිණි.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ජූනි මස 16 වැනිදින පළකර තිබූ වැරදි කාලසටහන පරිහරණය කිරීම නිසා සිසුන් එම ගැටළුවට මුහුණපෑමට සිදුවී තිබිණ.

මෙම ගැටළුවට මුහුණ දුන් සිසුන් පිරිසකට ඉකුත් 7 වැනිදින පැවැති බෞද්ධ ශිෂ්ටාචාරය සහ 11 වැනිදා පැවැති සිංහල විෂයන්ට පෙනී සිටීමට නොහැකි වී තිබිණ.

මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුටව් ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ විභාග ප්‍රවේශ පත්‍රයක් සමඟ සෑම සිසුවෙකුටම නිවැරදි කාලසටහන් ලැබීමට සලස්වා තිබූ අතර ඒවා නිසි පරිදි පරිහරණය කිරීම සිසුන්ගේ වගකීමක් වන බවය.

 



අදහස් (7)

කාලසටහනේ විෂයන් 2ක අවුලෙන් උසස් පෙළ සිසුන් අමාරුවේ

හේමපාල ලියනගේ Thursday, 16 August 2018 02:42 PM

වෙබ් අඩවි වල පලකෙරෙන කාලසටහනට වඩා තමන්ට ලැබන ඇඩ්මිෂන් එක සමග ලැබෙන කාලසටහනට වැඩ කරන්න ඕනනේ.

:       5       72

naradha Thursday, 16 August 2018 03:45 PM

එහෙනම් ඇයි නිල වෙබ් අඩවියේ විභාග කාල සටහන සඳහන් කර තිබෙන්නේ? කෙනෙකුට සිතෙන්නට පුළුවන් වෙබ් අඩවියේ පල කර ඇති විභාග කාල සටහන වඩා යාවත්කාලීන කර ඇති නිවැරදි කාල සටහනක් කියා. මෙවැනි දෙයක් සිදුවුන විට, විභාග දෙපාර්තමේන්තුවේ යුතුකම විය යුත්තේ වැල්වටාරම් නොකියා තමන්ගේ වරද පිළිගැනීමයි.

:       66       196

diasFriday, 17 August 2018 01:22 AM

මේකට ඩිස්ලයික් දාන්නේ විභාග දෙපාර්තමේන්තුවේ වැඩ කරන අය වෙන්ට ඇති.

:       0       4

රවි Thursday, 16 August 2018 04:51 PM

⁣තමන්ට ලැබෙන නිවැරදි කාල සටහන ඇඩ්මිෂන් එක සමග ලැබෙන බවත් එය කියවීමටවත් උනන්දුවක් නොදක්වන සිසුන් ලංකාවේ ඕනෑ තරම් සිටිය හැකිය. එය සිසුන්ගේ වරදක් මිස විභාග දෙපාර්තමේන්තුවේ වරදක් ලෙස දැකිය නොහැක. මෙවැනි දේ සිසුන්ට අනවශ්‍ය වාසි ලැබෙන ලෙස ඉස්මතු නොකළ යුතුයි. මන්ද ඔවුන් නිවැරදි කාලසටහනට ආවත් විභාගය සමත්වීම පිළිඹද ප්‍රශ්නයක් ඇත.

:       39       62

vernon Thursday, 16 August 2018 05:37 PM

තමන්ට ලැබෙන විභාග ප්‍රවේශ පත්‍රයේ හරියට දිනය හා වේලාව තියනවා නම් ඒක තමන්ට පේන තැනක ලොකුවට ලියා ගත්තා නම් ප්‍රශ්නයක් නෑනේ.

:       8       26

darshana Friday, 17 August 2018 04:04 AM

1. අතට දීලා තියන කාලසටහන හැමෝම බලන්න ඕනෑ. 2. අන්තර්ජාලයේ වෙන එකක් තියෙනවා නම් කාගෙන් හරි අහල බලන්න ඕනි. මෝඩකම සහ සමාජ ආශ්‍රයක් නැතිකම තමයි. යාලුවෙක්ගෙන් හරි අහලා බලන්න පුළුවන්නේ.

:       1       3

lalith silva Friday, 17 August 2018 05:10 AM

තාක්ෂණික මෙවලම් ගැන තරුණ පරම්පරාව වැඩිපුර විශ්වාස කිරීම හා ඒ අනුව කටයුතු කිරීම නිසා තමන්ගේ ජීවිතය නැති වෙන බව සිතට ගත යුතුය. මෙම ළමයි පිළිබඳ ම හට ඇත්තේ කණගාටුවකි. අතේ සිටින කුරුල්ලට වඩා අත්තේ සිටින කුරුල්ලා වටින්නේ නැති බව මේ ළමයි දැනගත යුතුවේ.

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 136 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 294 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1255 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 175 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 379 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 343 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site