අජිත්ලාල් ශාන්තඋදය සහ අරියරත්න මාමුහේවා
රත්නපුර තිරිවනාකැටිය හරහා කලවාන මාර්ගයේ කම්බාදොළ පාලමේ නිවිතිගල පැත්තේ ඉවුරේ පැතිබැම්මේ කොටසක් ගැලවී පාලම ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය අද (3) උදෑසන සිට තාවකාලිකව නවතා ඇති බව රත්නපුර පොලීසිය කියයි.
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෙම මාර්ගය තිරිවානකැටිය- අගලවත්ත මාර්ගය ලෙස නම් කර ඇත.
තිරිවනාකැටිය හන්දියේ සිට නිවිතිගල දෙසට කිලෝමීටර් හයක් පමණ ගිය විට හමුවන කම්බාදොළ හරහා ඉදිකර ඇති පාලමේ කොටසක් මෙලෙස ගිලා බැස ඇති බව ද රත්නපුර පොලීසිය කියයි.
රත්නපුර සහ නිවිතිගල පොලිස් වසම් දෙක වෙන් වන්නේ ද මෙම කම්බා දොළෙනි. මෙම මාර්ගය භාවිතා කරන සියලූ රථවාහන රියදුරන්ට විකල්ප මාර්ග හඳුන්වාදී ඇති බව පොලිසිය කියයි. මේ අතර පාලම හරහා පයින් ගමන් කිරිමට අවසර දී ඇති අතර දෙපැත්තේ වාහන නවත්වා තිබේ.
රත්නපුර සිට දෑල, නිවිතිගල, වටපොත, කරවිට, දෙල්වල, පෑබොටුව, කලවාන, මානාන, වැද්දාගල, පොතුපිටිය, හැරනියාවක, අයගම, අගලවත්ත ආදි ප‍්‍රදේශවලට ගමන් ගන්නා ප‍්‍රධාන මාර්ගය මෙය වෙයි. කලවාන කොළඹ, කජුගස්වත්ත කොළඹ, අලූත්ගම අම්පාර, මතුගම මොණරාගල, අලූත්ගම අක්කරපත්තුව ආදී දුර ගමන් පොදු මගී සේවා ද ක‍්‍රියාත්මක වන්නේ මෙම මාර්ගය ඔස්සේය.
දිනකට ලංගම සහ පෞද්ගලික බස් රථ ගමන්වාර එකසිය පනහකට වැඩි වාර ගණනක් මෙම මාර්ගය හරහා ගමන් කරයි. ඊට අමතරව තේ සහ රබර් කර්මාන්ත ශාලා ගණනාවක නිෂ්පාදන මෙන්ම අමු තේ දලූ පැටවු ලොරි ද, සිංහරාජ වනාන්තරය බලා යන විදෙස් සංචාරකයන්, ඇතුළු දහස් ගණනක ජනයා දිනපතා මෙම මාර්ය භාවිතා කරති.
වසා දැමූ මාර්ගය වෙනුවට විකල්ප මාර්ග කිහිපයක් පොලීසිය විසින් හඳුන්වා දී ඇත. ඒ අනුව රත්නපුර පලාවෙල හරහා කරවිට මාර්ගය, රත්නපුර හංගමුව හරහා කරවිට මාර්ගය, රත්නපුර අලූපොල හරහා යක්දෙහිවත්ත මාර්ගය එම විකල්ප මාර්ගයි. එහෙත් තනි මංතීරු සහිත මෙම මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.
ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.
විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ
දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ
බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කලවානේ කම්බාදොළ පාලම ගිලා බහී - ගමනාගමනය නවතී
රවින් Sunday, 03 June 2018 09:45 AM
කොන්ත්‍රාත් කරුවන්ගේ අතිවිශිෂ්ට වැඩ හා නිලධාරීන්, දේශපාලුවන්ගේ සාක්කු වල බරට තමා පාලම කඩා වැටිලා තියෙන්නේ.
kalpa Sunday, 03 June 2018 01:42 PM
කලවාන සිට කොළඹට මහනුවරට හා කෑගල්ලට ධාවනය කරන බස්රථ වලට අයගම ගලතුර ඉඩංගොඩ (කිරිඇල්ල) හිදුරංගල ඇරෑපොල හරහා ඇහැලියගොඩට පැමින අවශ්‍ය ගමනාන්තයට ගමන්කල හැකිය.