IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කිලිනොච්චියේදී වැලි ජාවාරම්කරුවන් - යුද හමුදාව අතර ගැටුමක්

(රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය මුහමාලෙයි ප්‍රදේශයේදී වැලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ ගැටුමකිදී යුද හමුදාවේ වෙඩි තැබීමකිදී එක් අයෙකු මිය ගොස් ඇති බවට පලෙයි පොලිසිය පවසයි.

මුහමාලෙයි ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් පිරිසක් පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව යුද හමුදා සාමාජිකයින් පිරිසක් විසින් අදාල ප්‍රදේශයේ ඊයේ (20) වැටලීමක් සිදුකර ඇති අතර එහිදී වැලි ජාවාරම්කරුවන් හා යුද හමුදා සාමාජිකයින් අතර උණුසුම් තත්වයක් හටගෙන ඇත.

වැලි ජවාරම්කරුවන් පිරිසක් විසින් යුදහමුදා සාමාජිකයින් යටකර වාහන වලින් පලා යාමට උත්සහ දරා ඇති අතර තවත් ජාවාරම්කරුවන් පිරිසක් විසින් පැමිණි යුදහමුදා සාමාජිකයින්ට පහර දී ගිනි අවි පැහැරගැනීමට උත්සහ දරා ඇති අතර එම අවස්ථාවේදී ආරක්ෂාව වෙනුවෙන් යුදහමුදා සෙබගෙකුගේ ගිනිඅවිය පත්තුවීමෙන් එක් අයෙකුට බරපතල තුවාල සිදු වී ඇත.

බරපතල තත්වයේ සිටි තුවාලකරු පලෙයි රෝහලට රැගෙන ගොස් ඇති අතර රොහලේදී තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් ඇති බවට පලෙයි පොලිසිය පැවසීය.

වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ පලෙයි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ටී.රාමලිංගම් නැමති තරුණයෙක් වන අතර ඔහුගේ මහෙස්ත්‍රාත් මරණ පරික්ෂණ කටයුතු අද (21) දින සිදු කිරීමට නියමිත බවටද පලෙයි පොලිසිය පැවසීය.

තරුණයාගේ මිය යාමත් සමඟ ප්‍රදේශවාසීන් විසින් වෙඩිතැබීමට එරෙහිව පලෙයි රෝහලට පැමිණ විරෝධය පෑමට ගත් උත්සහයේදී පලෙයි පොලීසිය විසින් තත්වය පාලනය කිරීමටද පියවර ගනු ලැබූ අතර අදාල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරන බවට පලෙයි පොලීසිය පැවසීය.

 



අදහස් (6)

කිලිනොච්චියේදී වැලි ජාවාරම්කරුවන් - යුද හමුදාව අතර ගැටුමක්

tharindu Sunday, 21 June 2020 04:04 AM

හොර වැඩ කරන්න ගිහින් මෙහෙම වුණා නම් මොන උද්ඝෝෂණද? ගමරාළ ගොයියා හිටියා නම් වැලි හොරුන්ට වන්දලා සල්ලියි, තෑගියි, පදක්කනුයි දීලා යවන්නේ...

:       0       0

සේන Sunday, 21 June 2020 05:14 AM

ඔවුන් හැසිරිලා තියෙන්නේ ත්‍රස්තවාදීන් හැටියට..

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 21 June 2020 05:43 AM

කෙනෙකු මියගියවිට කුමන ජාතියක වුවත්, කණගාටුවක් දැනීම මනුෂ්‍ය ගතියක්. ඒත්, සිංහල මිනිසාට ඇති නීතියම රටේ අන් ජාතීන්ටත් එකසේ ක්‍රියාත්මක විය යුතුයි. නීතිය නම්, කාටත් නීතිය. වැලි ජාවාරම් කරුවන් පහර දෙන විට,වාහන වලින් යටකරන්නට හෝ කරන උත්සාහයකදී, නිකං ඉඳලා බැහැ. එය මෙල්ල කළ යුතුයි...

:       0       0

Bamunuarachchi Sunday, 21 June 2020 07:05 AM

ඔතනට හමුදාව යැව්වේ අත ගගා ඉන්න නොවෙයි ටිකක් ඉන්න. ඡන්දෙ ඉවර වෙනකන් ඊට පස්සේ පටපට ගාලා දෙන්න.

:       0       0

kamal Sunday, 21 June 2020 07:09 AM

හමුදා පාලනයක් තියෙන රටක යුදහමුදාවට සිවිල් වැසියන් අත්අඩංගුවට ගැනීමට බලය ඇත.

:       0       0

BamunuarachchiWednesday, 24 June 2020 02:31 AM

හමුදාව දාන්නේ කියනදේ හරියට කරන්න. හමුදාව නියෝග හරියටම ක්‍රියාත්මක කරනවා. ගොබ්බයින් වගේ අහක බලාගන්නේ නැහැ. මේ අපේ මිනිහා කියලා බේරා යැවීමක් හමුදාව කරන්නේ නැහැ. අපි නම් කැමති නීති කඩන්නට වෙඩි තියනවට. ඔබ අකමැතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 90 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 218 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 953 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 121 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 304 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 280 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site