IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කලණ හස්තියා ප්‍රතිකාර සඳහා රිදියගම සෆාරී උද්‍යානයට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයට අයත් කලණ හස්තියා  නේවාසික ප්‍රතිකාර කටයුතු සදහා රිදියගම සෆාරි උද්‍යානය වෙත රැගෙන ගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ මිරිස්ස සමුද්‍රජීවී ඒකකයේ ස්ථාන භාර නිලධාරී ඒ.ටී.ආර්.රවීන්ද්‍ර මහතා පැවසීය.

එම දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ලේකම් එස්.කොළඹගේ මහතා හා ඇත්ගොව්වා ඇතුළු පිරිසක් කලණ හස්තියා සුරක්ෂිතව  සෆාරි උද්‍යානය වෙත ගෙන ගොස් භාර දීමට කටයුතු කළේය.

රිදියගම සෆාරි උද්‍යානයේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී නන්දන පෙරේරා මහතා ඇතුළු පශු වෛද්‍යවරුන් සය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්   කලණ නහවා පිරිසිදු කර තුවාල සඳහා ප්‍රතිකාර  කළ අතර තුවාල පශු වෛද්‍යවරුන් විසින් පැය තුනකට වරක් පරීක්ෂා කිරීමට නියමිතව ඇත. ඊට අමතරව අවශ්‍ය පහසුකම් සැපයීමට වෙනමම කාර්ය මණ්ඩලයක් ද පත් කර  තිබේ.

සති දෙකක පමණ නේවාසික ප්‍රතිකාර වලින් පසු කලණ හස්තියාට අනෙකුත් අලි ඇතුන් මෙන් නිදහසේ එම භූමිය තුළ ඇවිද යාමේ අවස්ථාව ද උදා වනු ඇත.

මෙම අවස්ථාවට වන ජීවී සංරක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා  ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද සහභාගී වූහ.

වසර තුනක පමණ කාලයක් තිස්සේ එක තැන ගැට ගසා සිටි කලණ හස්තියාගේ ඉදිරිපස දකුණු පාදය යකඩ දම්වැලට කැපී මස් ලියලා දරුණු වේදනාවකින් පසු වන බවට මාධ්‍ය මගින් වාර්තා පළවීමත් සමග මේ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු විය.



අදහස් (10)

කලණ හස්තියා ප්‍රතිකාර සඳහා රිදියගම සෆාරී උද්‍යානයට

savi Sunday, 02 September 2018 09:22 AM

පින් කියන්නේ මේවට. පෙරහරේ බැලුබ් දාල අරන් යන එකට නෙවේ.

:       229       510

wasantha Sunday, 02 September 2018 09:30 AM

ලොකු පිනක් !!!

:       0       76

sirimal Sunday, 02 September 2018 10:30 AM

ලංකාවේ කුඩා ඉඩම්වල ගැටගසා තබාගෙන ඉන්නා සියලුම අලි ඇතුන් ඇතුළු අනෙකුත් සතුන් මේ ලෙසට නිදහස් කර ඉඩකඩ ඇති තැන්වල නිදැල්ලේ ජීවත්වීමට හැකිවන අන්දමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කල යුතුය. එමඟින් මේ සතුන්ට නිදහසක් ලැබෙනවා පමණක් නොව සංචාරක ආකර්ෂණයක් ඇතිකිරීමෙන් අවශ්‍ය විය පැහැදම්ද උපයාගත හැකිවෙනු ඇත.

:       110       216

Samathasena A . Aluthgamage. Sunday, 02 September 2018 10:37 AM

මේ අහිංසක සතාට ප්‍රතිකාර කරන්නට කටයුතු කරපු සියලු දෙනාට බොහොම පිං. දේවාලේ ඉන්න මේ අහිංසක දැවැන්තයාට කරපු විනාශයට සත්ව හිංසාව යටතේ උපරිම දඬුවම් ලබාදිය යුතුයි...

:       6       255

රවින් Sunday, 02 September 2018 12:11 PM

සතා සිව්පාවා උනත් දයාව කරුණාව හොදින් දන්නවා. ප්‍රවෘති වල තිබුන හැටියට මෙම සතාට සලකලා නැත්තේ මදකිපිලා සැර පරුෂ වුන හින්දලු. මෙහි පලවන පින්තුර අනුවනම් එහෙම දෙයක් පෙනෙන්න නැහැ. පොඩි ළමයෙක් වගේ අපුරුවට වාහනේට නගින්නේ බෙහෙත් ගන්න යන්න. සතාගේ වේදනාවට සැර පරුෂ වුනබවක් තමා පෙනෙන්නේ. ඇතාගේ නඩත්තු මුදල පිල්ලි ගහලා වගේ.

:       0       0

සෙනෙවි Sunday, 02 September 2018 05:04 PM

මේ සම්බන්ධව ඉක්මනින් කටයුතු කල සියළුම අයට අපගේ උපහාරය.. නැවත මෙම සතා එහි ප්‍රදර්ශන භාණ්ඩයක් නොකර වනයට මුදාහරින්න. මෙම සතාගේ වේදනාව දැක දැකත් දෙවියන් වැඳීමට එසවූ දෑත් ඇති ජනතාව ලජ්ජාවිය යුතුය. නිළමේ මෙය නොදන්නවා විය නොහැක. නිළමෙටත් දඬුවම් දෙන්න..

:       0       1

Nihal Sunday, 02 September 2018 07:05 PM

මෙච්චර බරපතල තුවල තිබිලත් මේ සතා ගැන කිසිදු අවදානයක් කරලා නෑ.

:       0       0

ලුම්බිණි Monday, 03 September 2018 02:17 AM

මේ සතුන් ගැන කරුණාවක් දක්වල කටයුතු කරන හැම දෙනෙක්ම ඉතාමත් අගය කලයුතු සේවයක් කරන්නේ.

:       0       0

රන්දිම වීරක්කොඩි Monday, 03 September 2018 02:51 AM

තෙවරප්පෙරුම ඇමතිතුමා ප්‍රායෝගික පුද්ගලයෙක් කියල පේනවා.

:       0       34

Bamunuarachchi Monday, 03 September 2018 03:19 AM

මට හිතෙන්නේ මේ අතාත් එයාට නියමිත අපලයක් ගෙව්වා........... විෂ්ණු දෙවියොත් අපලෙකට බටකොළ කෑවාලුනේ. අර ගොයියෝ දෙන්නත් නරක කර්මයක් කර ගත්තා.

:       119       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 230 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 625 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 692 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1114 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 772 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1635 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site