IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කාලගුණය හරියට කියන්න ඇමෙරිකාවෙන් අතහිත

(හර්ෂණ තුෂාර සිල්වා)

කාලගුණික තොරතුරු වඩාත් විධිමත්ව ප්‍රකාශ කළ හැකි පද්ධතියක් ස්ථාපිත කිරීමට සහයෝගය දැක්වීමට ඇමරිකාවේ නොට්‍රිඩෑම් විශ්වවිද්‍යාලය එකඟගත්වය පළ කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඉකුත් මාර්තු මාසයේදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම විශ්වවිද්‍යාලය සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුව එම විශ්වවිද්‍යාලය මෙලෙස එකඟත්වය පළ කර තිබේ.  

එම ගිවිසුමේදී කාලගුණික බලපෑම් නිසා ශ්‍රී ලංකාවට සිදුවන මානව ආපදා කළමනාකරණය කරගැනීමට අවශ්‍ය සහයෝගය දෙන්නැයි එම විශ්ව විද්‍යාලයෙන් ඉල්ලීමක් කර තිබිණි.

මේ අනුව එම විද්‍යාලය ශ්‍රී ලංකාව තුළ ‘අන්තර් මෝසම් උච්චාවචනය’  නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කර ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.

එම ව්‍යාපෘතියට අනුව මෙරට තුළ වර්ෂාපතනය, උෂ්ණත්ව වෙනස්වීම්, ආද්‍රතාව, සුළං හැමීම, සාගරයේ උණුසුම් හා ශීත දියවැල් ගලායාමේ දිසා හා වේගය ඇතුළු සමස්ත කාලගුණ වෙනස්කම්වලට බලපාන සියලු කරුණු සම්බන්ධයෙන් පුර්ව අනාවැකි පළ කළ හැකි පද්ධතියක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.

නොට්‍රිඩෑම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හරීන්ද්‍ර ජේ.එස් ප්‍රනාන්දු  මහතා මෙම ව්‍යාපෘතිය බාරව කටයුතු කරන අතර නාරා ආයතනය සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි.

ලබන වසරේ ආරම්භ වන මෙම ව්‍යාපෘතිය 2020 වසර වන විට අවසන් කිරීමට නියමිතය.



අදහස් (4)

කාලගුණය හරියට කියන්න ඇමෙරිකාවෙන් අතහිත

KAMAL Thursday, 27 July 2017 07:41 AM

ඔන්න යහපාලන රජයට තිබෙන ජාත්‍යන්තර පිළිගැනිම. අපේ ප්‍රණාමය.!!!

:       405       311

sachith Thursday, 27 July 2017 08:49 AM

ඔයිට කලින් ගෙනාපු රේඩාර් පද්ධතියක් හයි කරන්න යනකොට කන්දක් පල්ලමට පෙරලිලා විනාශ වුණා නේද? ඒ දේ මේ කරන්න යනදේටවත් නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා.

:       1       1

abaran Thursday, 27 July 2017 08:51 AM

එතකොට වහිනවද?

:       1       0

Tss Thursday, 27 July 2017 09:29 AM

හැමදේම නිකන් දෙනු ඇතියි විශ්වාස කල නොහැකිය. ඕනෑම ද්විපාර්ශවීය සම්බන්ධතා වල හොඳනරක දෙකම තිබේ. මෙහෙම සම්බන්ධතා දියුණුවන අපවැනි රටවලට අත්‍යවශ්‍යයි. දේශපාලන පුද්ගලික වාසි වලින් තොරව රටේ දියුණුවට ක්‍රියාත්මක කිරීමයි වටින්නේ... රජය ගෙනයන විදේශ ප්‍රතිපත්තිය සුබදායි බවයි පෙනෙන්නේ !!! පෙරදිගින් එන සුළඟට නිවාස තුලට ඒමට ඉඩදෙන්න. නමුත් එහි සුළඟින් නිවසේ ඇති දේ විනාස නොවන්නට බලාගනිත්වා !!! මගේ රටට බුදුසරණයි ජයවේවා !!!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 769 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1751 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2018 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1078 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 290 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2232 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1641 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site