IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කිරි ආහාර නිෂ්පාදන සමාගමකින් අ‘පුර කිරි ගොවීන්ට කෝටි 12කට අධික මුදලක් ගෙවා නෑ

( දයාරත්න ඇඹෝගම)

ප්‍රසිද්ධ කිරි ආහාර නිෂ්පාදන සමාගමක්  විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරි ගොවියන් සඳහා රුපියල් දොළොස් කෝටි හතලිස් ලක්ෂයකට අධික මුදලක් මෙතෙක් ගෙවා නැතැයි අනුරාධපුර කිරි නිපදවන්නන්ගේ දිස්ත්‍රික් බල මණ්ඩලයේ ලේකම් එස්.තිලකසිරි මහතා  පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරි ගොවි සමිති 320 ක් වන අතර එහි සමාජික සංඛ්‍යාව හයදහසකි. මෙම කිරි ගොවියන් සදහා මෙම කිරි  සමාගමෙන් විශාල මුදලක් අයවිය යුතුව ඇති බව එස්.තිලකසිරි මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තිලකසිරි මහතා වැඩි දුරටත් මෙසේද පැවසිය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරි ගොවියන්ට මේ සමාගමෙන් රුපියල් දොළොස් කෝටි හතලිස් ලක්ෂයක් අය වෙන්න තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිනකට කිරි ලිටර් 8000 කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා.ඒ සඳහා සති දෙකෙන් දෙකට මුදල් ගෙවනවා. එහෙත් ජුනි මාසයේ සිට මේ දක්වා මෙම කිරි සමාගම කිරි ගොවියන්ට මුදල් ගෙවා ඇත්තේ එක් වාරිකයක් පමණයි.

මෙම හේතුව නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවිහු මහත් අසිරුවට පත්ව ඇති බවද එස්. තිලකසිරි මහතා මෙහිදි පැවසිය.කිරි ගොවින් සදහා  මෙම  සමාගම විසින් කිරි ගොවීන් සඳහා මුදල ගෙවීම දිගින් දිගටම පැහැර ඇරීම  පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික් කිරි ගොවි  ඒකාබද්ධ  බල මණ්ඩලයේ නිලධාරින් පිරිසක් අනුරාධපුරය දිසාපති ආර් .එම්.වන්නිනායක මහතා හමුවී ඒ සදහා විසදුමක් ඉල්ලා සිටියද තමන්ට පිළිගත  හැකි විසඳුමක්  නොලැබුණු බව ඔවුහු පවසති. ‘                       



අදහස් (3)

කිරි ආහාර නිෂ්පාදන සමාගමකින් අ‘පුර කිරි ගොවීන්ට කෝටි 12කට අධික මුදලක් ගෙවා නෑ

රවින් Thursday, 26 July 2018 11:56 AM

සමාගමේ නම කියන්න. එක්කෝ සමගම මුලු මුදලම ගෙවයි. නැතිනම් සදහටම කිරි මිලදී ගැනීම නවත්වයි. අනිකුත් ප්‍රදේශවල ගොවි ජනතාව සමාගමට කිරි දීම නවත්වයි. කවුරුන් හෝ කවදා හෝ පාඩම ඉගෙන ගත යුතුවේ.

:       0       8

සතයපාල Thursday, 26 July 2018 03:09 PM

දැන්වත් මේ සමාගම කිරි ගොවියගේ සල්ලී ගෙවයිද කියලා බලමු. එහෙම නැත්නම් ප්‍රධාන කාර්යාලය ළඟ උද්ඝෝෂණයක් ආරම්භ කරමු. රට පුරා කිරි ගොවින්ට හා පාරිභෝගිකයන්ට මෙම සමාගමේ නිශ්පාදන වර්ජනය කරන ලෙස එමගින් දැනුවත් කල හැකිවන අතර බහු ජාතික සමාගම් වලට මෙරට නිශ්පාදකයා හා පාරිබෝගිකයා සූරා කෑමට ඇති අවස්ථා අහෝසි කිරිමට අත්වැල් බැද ගනිමූ.

:       0       0

sarath perth Friday, 27 July 2018 01:51 AM

මෙන්න රජයට හොඳ අවස්ථාවක් තවත් රාජ්‍ය ඇමති කෙනෙක් පත්කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 489 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 1181 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 640 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 129 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 511 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 317 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site