(කේ ඩි දේවපි‍්‍රය )
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් හට වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව කතරගම පුදබිමට පැමිණෙන රථ වාහන සීමා කර පුජා භුමියට රැකවරණය ලබා දිමට පොලිසිය කි‍්‍රයා කර ඇත.
නිමක් නොමැතිව රථ වාහන පැමිණිම මත කතරගම පුදබිම නගරයක මෙන් පසු ගිය කාලය තුළ දිස්විය.
කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තබා තුවාල කිරීම පිණිස පැමිණි පිරිස රථයකින් පැමිණ ඇති බවට පොලිසිය සැක කරන අතර රථ වාහන විශාල ලෙස නිතර පැමිණිම මගින් කතරගමට පැමිණෙන ප්රභුවරුන්ටද මේ වැනි අයුරින් අනතුරු කිරීමට හැකි වන බැවින් බැතිමතුන්ගේ ද පුජා භුමියේද ආරක්ෂාව පිණිස මේ අයුරින රථ වාහන සීමා කළ බව පොලිසියේ උසස් නිළධාරියකු පැවසීය.
අද (15) නිවාඩු දිනය වු නමුත් සමාන්‍ය පරිදි බැතිමතුන් පැමිණි අතර පුජා භුමියේ රථ වාහන නොමැති වීම මත බැතිමතුන් නිදහසේ මාර්ග තුල ගමන් කරන අයුරු දිස්විය.
මේ වනවිට රථ වාහන අවසරපත් ලබා දිම සියලූම විහාරස්ථාන හා දේවාල කාර්යාලය මගින් තාවකාලිකව අත් හිටවා තිබේ.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කිරිවෙහෙර පුද බිමට පොලිස් ආරක්ෂාව
thushara Friday, 15 June 2018 09:30 AM
අන්තිමට දෙවියන් රකින්නත් වුනේ අපේ පොලිසියට.
sam Friday, 15 June 2018 10:14 AM
ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී
lalithsjm Friday, 15 June 2018 10:14 AM
ඔය කරලා තියෙන්නේ හිසේ රදේට කෝට්ටේ මාරු කරලා වගේ. ඔය මිනීමරු සංස්කෘතිය රටෙන් ඇතුගල දානවා වෙනුවට මොනාද මේ විකාරේ ???
Dileepa Friday, 15 June 2018 10:52 AM
දෙවියන්ටත් පොලිස් ආරක්ෂාව... මොන විහිළු වැඩද?
ධනුෂ්කFriday, 15 June 2018 05:26 PM
දිලීප මම හැම වෙලේම කියන්නේ මිනිසා මැව්වේ දෙවියන් නොව, දෙවියන් මැව්වේ මිනිසා. ටිකක් හිතන්න මිනිසා නැත්නම් දෙවියන්ට පැවැත්මක් තිබේද? බෞද්ධයන් ලැජ්ජා වෙන්න ඔ්නේ. තම සාස්තෘන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු බමුණු අාගමට අයත් දෙවියන් යැදීම ගැන. බුදුන් වහන්සේ වදාලේ දෙවියන්ටත් අපියි පින් දෙන්න ඔ්නේ කියලා. මේ රට කලින් කලට පාලනය කල සොලී හා හින්දු භක්තික රජවරු පන්සල තුලටද සූක්ෂමව දේව සංකල්ප රිංගවලා තියනවා. එ්ක වැරදි දෙයක්. බෞද්ධ දර්ශනය මැනවින් දන්නෝ දන්නවා මේවා මිත්‍යා විශ්වාස වලට අයත් දේවල්
ධනුෂ්කFriday, 15 June 2018 05:26 PM
දිලීප මම හැමවෙලේම කියන්නේ මිනිසා මැව්වේ දෙවියන් නොව, දෙවියන් මැව්වේ මිනිසා... ටිකක් හිතන්න මිනිසා නැත්නම් දෙවියන්ට පැවැත්මක් තිබේද? බෞද්ධයන් ලැජ්ජා වෙන්න ඕනේ. තම ශාස්තෘන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු බමුණු අාගමට අයත් දෙවියන් යැදීම ගැන. බුදුන් වහන්සේ වදාලේ දෙවියන්ටත් අපියි පින් දෙන්න ඕනේ කියලා. මේ රට කලින් කලට පාලනය කල සොලී හා හින්දු භක්තික රජවරු පන්සල තුළටද සූක්ෂමව දේව සංකල්ප රිංගවලා තියනවා. එ්ක වැරදි දෙයක්. බෞද්ධ දර්ශනය මැනවින් දන්නෝ දන්නවා මේවා මිථ්‍යා විශ්වාසවලට අයත් දේවල් කියලා...
Bamunuarachchi Friday, 15 June 2018 02:43 PM
හලෝ අස්වයා අල්ලගන්න බැරි තරම් දුර ගිහිල්ලාය. දැන් ඔය ගේට්ටුව වහලා වැඩක් නැත.
සෙනෙවි Friday, 15 June 2018 03:24 PM
කතරගම දෙවියනේ, මේ ගැන බලන්නේ නැත්තේ ඇයි?
JCN Saturday, 16 June 2018 04:55 AM
පුද බිමට පොලිස් ආරක්ෂාවක් අමුතුවෙන් මොකටද..? කතරගම දෙවියන්ට ඕක ආරක්ෂා කරන්නට හැකියි..
ranjith Saturday, 16 June 2018 06:30 AM
මමත් කතරගම රාජකාරි කළා... මීට අවුරුදු 25 කට පෙර. ඒ කාලයේ මැණික් ගඟෙන් එගොඩට යන්න තිබුණේ නම්බර් 3 පාලම පමණයි. එතන හිටිය පොලිසියෙන් යාමට අවසර ලැබුනේ කිරිවෙහෙරේ හමුදුරුවන්ටයි අගමැති හෝ ජනාධිපති කතරගම අවොත් විතරයි. තව දිසාපතිටත් පුළුවන්. ගඟෙන් එහා වාහනයක් දෙකක් පමණයි. බැතිමතුන් ඉතා සාමකාමිව පුදපූජාවල යෙදුණා. නමුත් ආණ්ඩුව ඡන්ද බලාගෙන තවත් පාලම් කීපයක් ඉදි කළාට පස්සේ දේවාලේ සහ කිරිවෙහර වටේ වාහන පිරීගිය හරියට සති අන්තයට ගෝල් ෆේස් එක වගේ... බැතිමතුන්ට වන්දනා කරන්නත් බැරි වුණා... වාහනවල ශබ්දය නිසා. දේවාලේ ළඟටම වාහනයෙන් යන්න නම් කතරගම යන්න එපා... දෙවියෝ පිහිට වෙන්නේ නැහැ. නවාතැන් පොලේ ඉඳලා නොම්මර 2 පාලමෙන් පයින් යන බැතිමතුන් දෙස තමයි දෙවියන්ගේ බැල්ම වැටෙන්නේ... ඒක තමයි සම්ප්‍රදායික සුදුසුම ක්‍රමය. මට නම් ක්‍රමය අනුගමනය නොකොළොත් කතරගම ගියේ නෑ වගෙයි. ප්‍රමාද වෙලා හරි වෙනත් හේතුවකට හරි ගඟෙන් එගොඩට වාහන යාම නතර කළ එකනම් මහත් පුණ්‍යකර්මයක්.