IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබු කපුවා සොයයි

(තරිඳු ජයවර්ධන)


කතරගම කිරි වෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මානන්ද නාහිමියන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට දේවාලයක කපු මහතකු ලෙස කටයුතු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසියේ ආරංචි මාර්ග කියයි.


පෙර දින රාත්‍රියේ දී වාහනයකින් පැමිණි තිදෙනකු ඒ හිමියන්ට වෙඩි තබා පලා ගොස් තිබුණු අතර තුවාල ලැබූ විහාරාධිපති හිමි සහ තවත් හිමි නමක් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලැබූහ. ඒ හිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගෙන ඒමට මීට ටික වේලාවකට පෙර හම්බන්තොට රෝහලෙන් රැගෙන ගිය බවත්, ගුවන් මගින් කොළඹට වැඩම කරවීමට නියමිත බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.


වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි යූ.පී සීඒජී 8531 දරණ ජීප් රිය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
 
කිරිවෙහෙර පුදබිමේ තිබෙන මහසෙන් දේව මන්දිරයේ අයිතිය සම්බන්ධයෙන් හම්බන්තොට පළාත් බද මහාධිකරණයේ නඩුවක් පැවැති අතර වසරකට පෙර දුන් එහි තීන්දුව අනුව දේව මන්දිරයේ අයිතිය ඓතිහාසික කිරිවෙහෙර විහාරස්ථානයට පැවරිණි. නඩුතීන්දුව අනුව එම කටයුතු සිදුවූයේ ගෙවුණු මැයි මස 17 වැනි දාය.

නාහිමියන්ට වෙඩි තැබීමට හේතුව මෙම මහසෙන් දේව මන්ධිරයේ ආරවුල බව පොලිස් ආරංචි මාර්ග කියයි.


මෙම ආරවුල හා සම්බන්ධ පුද්ගලයකු මීට ඉහත දී ද නාහිමියන් අසලට පැමිණ අවියක් පෙන්වා මරණ තර්ජනය කර ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් කතරගම පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇතැයි ද, පොලිස් ස්ථානාධිපතිවරයා ද දැනුම්වත් කර ඇතැයි ද දැනගන්නට තිබේ.  නමුත් පොලිසිය මගින් සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නැතැයි කිරිවෙහෙර ආරංචි මාර්ග කියයි. කිරිවෙහෙර නාහිමියන්ට හා කටයුතු කරන තවත් පුද්ගලයකුට මීට පෙර තර්ජන එල්ල වී ඇති අතර ඔහුද ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබුණු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.


මෙම පැමිණිලි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුවූ වා නම් පෙරදින රාත්‍රී වෙඩි තැබීම වළක්වා ගත හැකිව තිබුණු බව එම ආරංචි මාර්ග පවසයි.


මේ සම්බන්ධයෙන් කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් කේ උපාලි මහතාගෙන් විමසීමේදී ඒ මහතා පැවසුවේ මීට පෙර නාහිමියන්ට තර්ජනය තිබූ බවට තොරතුරු නොලැබුණු බවයි.  මේ සම්බන්ධයෙන් දැන ගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.
 


 
 

 



අදහස් (18)

කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබු කපුවා සොයයි

nuwan Wednesday, 13 June 2018 10:13 AM

ඔය කපුවෝ කියන ජාතිය කරන්නේ මාකටින් කරලා සාක්කුව පුරවා ගන්න එක... කතරගම දේවාලය වටේ ඉන්න කට්ටිය දැක්කම තව මොන කතාද?

:       1       193

Samathasena A . AluthgamaWednesday, 13 June 2018 11:11 AM

නුවන් මහතාගේ කතාව ඇත්ත. ඔය කියන ජාතියේ කෙනෙකු මගෙන් අලුත්ම ට්‍රැක්ටරයක් ගත්තා බද්දට. ඒක මා ගෙනාවේ තේ දළු ප්‍රවාහනයටයි. ඒත් ඒක ඔහුට ඕන වුනා. කතරගම දේවාලේ මාරු කාසි ගෙනියන්න කියලයි ගත්තේ. මාත් විශ්වාස කරාට ඔහු කියා තියෙන්නේ බොරු. මුලින් දුන්න සුළු මුදල විතරයි වසර දෙකක් මඩ වැඩට යොදා වාහනය අබලන් කළා. පසුව ටේලරය විකුණා ගත්තා. කතරගම පොලිසියේ සිටි හොඳ නිලධාරීන් දෙතුන් දෙනෙකුට පින් සිද්ධ වෙන්න වාහනේ එන්ජින් කෑල්ල මා ගෙනත් අඩුවට විකුණා දැම්මා. පොලීසිය නොහිටින්න ඔහු ඒකත් කෑලි ගලවන්න විකුනනවා. මට විතරක් නොවෙයි බොහෝ අයට ඔහු මේ වගේ වංචා කොට තියෙනවා. කතරගම යනවා නම් ඔබ මොහුගෙන් පරිස්සම් වෙන්න. ඔහුට ඕනෑම අයෙකු රැවටීමට ලක් කල හැකියි. එය ඔහුගේ විශේෂ හැකියාවක්.

:       0       106

sirimal Wednesday, 13 June 2018 10:16 AM

කතරගම මැණික් ගඟ අසබඩ මහා මන්දිරයක් ඉදිකිරීමක් ගැන මේ ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලද හෙළිදරව්වක් මේ සිදුවීම පිටුපස තිබෙන බවත් කියැවෙනවා.

:       552       467

kikiWednesday, 13 June 2018 02:04 PM

සිරිමල් ඔයාලගේ සම්බන්ධයකුත් කියවෙනවා නේද ඔය මහා මන්දිරයට?

:       0       1

RoshanWednesday, 13 June 2018 02:22 PM

අපිට මේ ගැන ඔප්පු කරන්න පුළුවන්....

:       0       0

sisira Wednesday, 13 June 2018 10:20 AM

පොලිසිය මොනවත්ම දන්නේ නේ නැහැ.

:       0       138

නුමා Wednesday, 13 June 2018 10:30 AM

ඔය තියෙන්නෙ වෙඩි තැබීම, මරණතර්ජන අනුමත කරන්න බැරි වුනත්, මෙතන මුදල් , දේපළ පිළිබඳ ගැටුමක් තියෙන්නේ. දේවාල යනු තමන් පිළිබඳ විශ්වාසයක් නැති මිනිසුන්ගේ මුදල් යහමින් කඩාවඩා ගන්නා මාර්ගයක්. බුද්ධ දර්ශණය අනුන්ට දේශණා කලාට, තමන් පිළිපැද්ද නැති හැඩයි. තණ්හාය ජායතී සෝකෝ!

:       91       36

dasa Wednesday, 13 June 2018 10:46 AM

දේවාලයක හිමිකම උදෙසා නා හිමියන්ටම වෙඩි තියන්නේ ඒ කපුවාට " දේව භක්තිය" උපරිමව ඇති. බලන්න ඕන කපුවෝ ගතකරන සුඛෝපභෝගී ජීවිතය. කපුවෙකුට දෛනික වැටුපක් පමණක් ලබාදී දේවාලයෙන් එන ආදායම වෙන පුණ්‍ය කටයුතු සඳහා යොදාගත යුතුයි මේ "පඬුරු " පෙරේතකම නැතිවෙන්න.

:       0       61

dhamneth Wednesday, 13 June 2018 10:47 AM

දේවාලවල කපුවන් කරන්නේ ස්වං රැකියාවක්. රටේ මෝඩයන් වැඩිවුණා තරමට ඒ අයට වාසියි. ඒ අයගේ අදායම වැඩිවෙනවා.

:       0       104

lalithsjm Wednesday, 13 June 2018 10:48 AM

මාර වැඩේනේ දේසපලකයන්ගේ මතක නැතිවීමේ ලෙඩේ පොලිසියටත් බෝවෙලා වගේනේ. බයේ බෑ අපිටත් බෝ වෙයිද දන්නේ නැ.

:       0       18

kumar (gulf) Wednesday, 13 June 2018 10:52 AM

බොරු දෙවිවරු බොරු ආගම් අදහමින් වල්මත්වූ මෝඩ සෙනගක් ඉන්නා රටක් මේ ලංකාව.

:       2       103

de silva Wednesday, 13 June 2018 10:53 AM

ඔය කපුවාට අනිවාර්යයෙන්ම දේශපල්කයෙකුගේ රැකවරණය ලැබිලා ඇති, නැත්නම් පොලිසියෙන් මෙලහකට කුදලාගෙන ඇවිල්ල...

:       0       27

Hafeel Wednesday, 13 June 2018 10:58 AM

ස්වාමීන්වහන්සේලාටත් වෙඩි තියන්න තරමට අද රට පත්වෙලා. අපරාධකරුවන්ට ඕනෙම දෙයක් කරන්න පුළුවන් තත්ත්වයට අද රට පත්වෙලා තියන්නේ. දිනපතා කොහේ හරි මිනි මැරුම්, බාල වයස් දුෂණ. අපරාධකරුවන්ට දඬුවම් දෙනවයි කියමින් බලයට ආපු මේ රජය, අද ඉතිහාසයේ නොදුටු තරමට ඔවුන්ව ආරකෂා කරනවා.

:       0       75

kalani withanage Wednesday, 13 June 2018 11:36 AM

දෙවියන් පිලිබඳ විශ්වාසය මිථ්‍යාවක් ලෙස අර්ථ කථනය කලත් , ඉන් සමාජ චින්තනයට බලපෑමක් කල හැකි අදහසක් මතුවෙන්නේ නැහැ. එහෙත් එම ඊනියා දේව බල මහිමය බලපාන පුද බිම ,ශිෂ්ට සම්පන්න ලෝකයාම කම්පා කරවමින් වෙඩි හඩින් ගිගුම් දෙන විට අප කුමක් සිතුවත් බැතිමත්හු කම්පා නොවෙති.

:       0       1

dhamneth Wednesday, 13 June 2018 11:42 AM

මේ ප්‍රවෘතියෙන් පෙනෙන්නේ මුදලට තිබෙන තණ්හාව නිසා ඇතිවුන ප්‍රස්නයක් බවයි. බුදු රජාණන්වහන්සේ දේශනා කල විදිහට දිවි පැවැත්ම ගෙනයන හාමුදුරුවරුන්ට කවදාකවත් හොර සතුරන්ගෙන් කරදරයක් වෙන්නේ නැහැ.

:       1       19

Asanka Wednesday, 13 June 2018 02:04 PM

තිබෙන ආරංචි හැටියට කොළඹ බංගලාවක්, නෝනා කෙනෙක් හා දරුවෙක් ඉන්නවා. කොතන හෝ අපරාධයක් ඇත්නම් එතැන ගැහැනියක් හෝ ත්‍රිවීල් එකක් ඇති. මේ කථා වල ඇත්ත මම දන්නේ නැහැ. ඒ අවට අය දන්නවා.

:       0       0

Saj Wednesday, 13 June 2018 02:11 PM

සිවුරු දාගෙන දේශපාලනයට හේත්තුවෙලා තනතුරු අරගෙන පවුලුත් නඩත්තු කරනවා.. මේ වගේ උදවියට අනුකම්පා කරන්න නරකයි.

:       0       1

kalani Wednesday, 13 June 2018 03:11 PM

ශ්‍රී ලාංකික සමාජය මියැදෙන අන්දම අතිශයින් සාපරාධීය. අප ජීවත් වෙන ගොළු සමාජය, තවත් කෙටියෙන් පවසන්නේ නම් අපේ නිවස පවා වුවමනාවට වඩා නපුරුය. පීඩාකාරීය. වසර 70ක් තිස්සේ රැවටුණු, එ් නිසාම කල්පාන්ත මුරුගසන් වර්ෂාවට තෙමුණු මිනිසුන් සේ එකිනෙකා මරා ගනිමින් ජීවත් වේ. අතීත රජ දරුවන් තැනු වෙහෙර විහාරවලින් නොව විද්‍යුත් මාධ්‍යවලින් ඇසෙන බණ, පිරිත් අසමින් නින්දට යති. උදෑසන පිබිදෙති. පෞරාණික පුරාවිද්‍යාත්මක ස්ථාන ඩෝසර් කරන හඬ නොඇසුන සේ සිටිති. තෙද බලැති දෙවියන් වැඩ වසන පුද බිමකින් ඇසෙන වෙඩි හඬට කැළඹෙති. එහෙත් මොහොතකින් ගොළු වෙයි. මගේ මව්බිම පුරා වුවමනාවටත් වඩා ඇති වෙහෙර විහාර නටඹුන් වෙද්දී, පන්සලකට අවශ්‍ය ආර්ය මහා සංඝයා වහන්සේලා නැතිකමින් වැසි යද්දී, කෙනෙක් අලුතින් චෛත්‍ය විසිපහක් ගොඩනැගීමට කතා කරති. බඩගින්නෙන් හෙම්බත් වූ මිනිසුන්ට අවශ්‍ය කෑම ටිකක් මිස වෙන දෙයක් නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්නට යනවාද?’’
2024 අප්‍රේල් මස 19 96 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 109 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 500 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 846 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 287 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 255 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1517 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site