(රන්න චන්ද්‍රසේන ගමගේ සහ තංගල්ල ආරියදාස කොඩිතුවක්කු)
පෞද්ගලික කුරුළු උයන් වල හා නිවාස වල ඇති කරනු ලබන ඉතා වටිනා විදේශීය පක්ෂීන් සොරකම් කොට අළෙවි කිරීමේ නිරත වූ සොරමුලක් අත් අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් සමත්ව තිබේ.
පසු ගිය 06 වැනි දින හම්බන්තොට පිහිටි පෞද්ගලික කුරුළු උයනේ සිටි විදේශීය පක්ෂීන් රැසක් කිසියම් කෙනෙකු සොරකම් කොට ඇති බවට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශන වලින් අනතුරුව පක්ෂීන් සොරකම් කොට විකිණීමේ ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් 06 කු අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. සැක කරුවන් 06 දෙනා සමග සොරකම් කරන ලද විදේශීය පක්ෂීන් 23 දෙනෙකු පොලිස් භාරයට ගත් බවත් එම පක්ෂීන් ගේ වටිනා කම දළ වශයෙන් රුපියල් ලක්ෂ 50 ට ආසන්න වෙන බවත් පොලීසිය පවසයි.
මෙම ජාවාරම සදහා සැකකරුවන් සමග සොරකමට භාවිතා කළ මෝටර් රථයක්ද පොලීසිය විසින් සොයා ගෙන අති අතර එය ව්‍යාජ අංක තහඩු භාවිතා කොට පාවිච්චි කරන ලද බවට තොරතුරු ලැබී ඇතැයිද පොලීසිය පවසයි. මෙම මොටර් රථය සැකකරුවන් විසින් තිස්සමහාරාම ප්‍රදේශයෙන් කුලියට ගත් එකකි.
සැක කරුවන් සමග පොලිස් භාරයට පත් පක්ෂීන්ද මෝටර් රථයද අද (19) දින හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කුරුලු හොරකමේ ගිය සොර මුලක් අත් අඩංගුවට
රාජුන් Sunday, 19 November 2017 09:13 PM
මේ අයගෙන් අහිංසක සතෙකුටවත් බේරිලා ඉන්න බෑ. මම සත්ව උද්‍යානවල හෝ යම් තැනක කිසිම සතෙක් හිර කරලා තියාගන්නවට විරුද්ධයි. මේ අය කරල තියෙන වැඩේ ඊටත් වඩා නිහීනයි.