IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කරාපිටියේ වෛද්‍යවරුන් අතර ආරවුලකින් සායනික කටයුතු නවතී



(ඩී.ජී.සුගතපාල)


කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු සහ වාට්ටුබාර වෛද්‍යවරුන් දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක් නිසා අද(10) පෙරවරුවේ සිට රෝහලේ සායන නතර කර දමා බාහිර රෝගි අංශයද වසා දමා තිබිණි.


මේ නිසා ඈත පළාත්වල සිට සායනවලට පැමිණ සිටි රෝගින්ටද බාහිර රෝගි අංශයට පැමිණ සිටි රෝගින්ටද හිස් අතින් ආපසු යාමට සිදුවිය.


රෝහලේ වෛද්‍යවරුන්ගේ රථගාලේ විශේෂඥ වෛද්‍යවරයෙකු මෝටර් රථය නතර කරන ස්ථානයේ අද(10) උදෑසන වෙනත් වෛද්‍යවරන් දෙදෙනෙකු මෝටර් රථ නතරකර තිබිම නිසා උරණවු විශේෂඥ වෛද්‍යවරයා එම වෛද්‍යවරුන් දෙදෙනාට බැණ වැදි තිබේ.


මේ නිසා එම වෛද්‍යවරුන් දෙදෙනා රාජකාරිවලින් බැහැර විමත් සමග ඔවුන් දෙදෙනාට සහාය දීම සඳහා අනෙකුත් වෛද්‍යවරුන්ද සායන වලින් සහ බාහිර රෝගි අංශයෙන්ද බැහැරව ගොස් ඇත.


 මේ නිසා දුර බැහැර සිට පැමිණි රෝගින් දැඩි අපහසුවට පත්ව ආපසු හැරි ගියේය.



අදහස් (22)

කරාපිටියේ වෛද්‍යවරුන් අතර ආරවුලකින් සායනික කටයුතු නවතී

ලසන්ත Wednesday, 10 October 2018 09:18 AM

මේ රටේ රාජ්‍ය සේවයට විනයක්, රෙගුලාසි, නීතියක් නැතිද? බදු බර උහුලලා උහුලලා මේගොල්ලන්ට පඩි ගෙවනවා මදිවට, මේ දොස්තරගේ රන්ඩුසරුවල් වලටත් දුක් විඳින්න වෙන්නේ අසරණ ජනතාවටද?

:       802       2043

Perera Wednesday, 10 October 2018 09:20 AM

අන්තිමට කාර් දෙක වැරදි තැන නතර කරපු වරදට වන්දි ගෙවන්නේ අසරණ රෝගීන්. ඔන්න GOMA එකේ වැඩ.

:       903       2025

KANDEPOLA Wednesday, 10 October 2018 09:30 AM

ඔන්න අපේ රටේ උගත්තුන්ගේ වැඩ. උගත්කම තිබ්බට බුද්ධිය නෑනේ. ඉතින් රටක් ඉස්සරහට යයිද ? මේ අයට වෘත්තීමය වශයෙන් විනයානුකුලව පියවර ගන්න ඕනේ. එහෙම එක එක්කෙනාට ඕන විදයට රෝහල් වහන්න දෙන්න බෑ.

:       803       2032

sam Wednesday, 10 October 2018 09:51 AM

සිංගප්පූරු ගිවිසුම ගැහුවානං හොඳයි කියලා හිතෙන්නේ මට විතරද?

:       1041       1126

p.d goonawardena Wednesday, 10 October 2018 09:51 AM

මොලේ වැඩි වෙලා....

:       351       1014

Uditha - London Wednesday, 10 October 2018 10:03 AM

මේ ගොල්ලන්ට හොස්ස ලඟින් මැස්ස යන්න බැහැනේ යකෝ... කෙලින්ම රාජකාරිවලින් බැහැර වෙනවනේ.. එතකොට අහිංසක ලෙඩ්ඩුන්ට මොකද වෙන්නේ කියලා.. ඔය උගත් මොල ගෙඩිවලට තේරෙන්නේ නැද්ද? අර මස් වෙළෙන්දෝ මීට වැඩිය හොඳයි.. හිට්ලර්ගේ පාලනය තියෙන්න ඕනේ මේ ගොල්ලන්ට...

:       502       1861

බද්රානි Wednesday, 10 October 2018 10:15 AM

මෙන්න මේ වගේ අවස්ථාවල තමයි එදා තිබුණු වැඩවසම් ක්‍රමය අදටත් අපේ රටට වඩා ගැලපෙනවා යයි හිතෙන්නේ. සසර පුරාවටම කරත්තයක්වත් දක්කන්න පිනක් නොතිබුණු අයට, වාහනයක හිමිකම, හිසට වැටෙන ඔටුන්නක් ලෙස සිතන මට්ටමකට පත්වීම ගැන මොවුන්ට අනුකම්පා කල යුතුයි. කටපාඩම්, මතක තබා ගැනීමේ, අධ්‍යාපන ක්‍රමවේදයට පින්සිදු වන්නට වෛද්‍යවරයෙකු වූවාට, මානුෂික ගුණධර්ම අතින් උද්දච්ඡ ඉතාම අධම පිරිසක් බව මේ වනවිටත් ලාංකික සමාජය අවබෝධ කරගෙන හමාරයි. වෛද්‍යවරුන්ගේ රථගාල, මේ වෙද්දී, ත්‍රී වීලර් රථගාල හෝ පෞද්ගලික බස් රථ ගාල වැනි තත්වයකට පත්වී ඇත්නම්, රෝහල් ගැන කවර කතාද? හවස් වරුවක රජයේ රෝහලකට ගොඩවැදුණා නම්, බලාගන්න පුළුවන් වෙයි. වෛද්‍යවරුන්ගේ සෞඛ්‍ය සේවාවේ ප්‍රමිතියේ තරම...

:       1512       2582

MISHAL-MATARA Wednesday, 10 October 2018 10:16 AM

මතක නැතුව ඇති පිටකොටුව දුම්රිය ස්ථානයට වුනු දේ...

:       111       175

HafeelWednesday, 10 October 2018 05:23 PM

එදා කොටුව දුම්රිය ස්ථානයේ වෙච්ච දේ වගේ මෙතනත් වූනානම්, ඔක්කොම හරියාවි. ළඟදීම ඕක බලාපොරුත්තු වෙන්න පුළුවන්.

:       1       3

anura Germany Wednesday, 10 October 2018 10:36 AM

අසරණ රෝගීන්ට දෙයියන්ගේම පිහිටයි! අරවුල් විසදිම පිණිස අසරණ රෝගින් පලිහ ලෙස භාවිතයට ගැනීම ඉතාමත් අසාධාරණය. තම තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න වෙනස් ආකාරකින් විසදාගත යුතුයයි මගේ හැගීමය.

:       302       621

MO77 Wednesday, 10 October 2018 10:41 AM

මේ වෛද්‍යවරු විදේශ රටක වැඩකළා නම් ඒ අය බුරන්නේ නැතිව සද්ද නැති ව ඉඳීවි..

:       202       366

mahinda Wednesday, 10 October 2018 11:15 AM

ඒකනේ ඔය සයිටම් වෛද්‍යවරු රාජ්‍ය සේවයට තියා කිසිදු සෞඛ්‍ය කටයුත්තකට ගන්ට එපා කියලා මනව දයාවෙන් රටේ ජතාව වෙනුවෙන් වැටුප් නොගෙන දිවා රෑ නොබලා සති ගණන් නිරාහාරව වැඩකරේ......... .

:       124       224

ලක්ෂ්මන් Wednesday, 10 October 2018 11:30 AM

ඒ අදහස සියයට සියයක්ම හරි.

:       0       0

karolis Wednesday, 10 October 2018 11:31 AM

මෙයත් අර බීලා මනුස්සයෙක් මරපු දොස්තරගේ වර්ගේ එකෙක් වගේ. මේ අයට දොස්තර කියන නම වටින්නේ නෑ

:       1       110

ravi Wednesday, 10 October 2018 12:22 PM

මේ අපේ රටේ "උගත්තු" කියන අයද ?

:       120       251

රොමේෂ් Wednesday, 10 October 2018 02:15 PM

මෑත ඉතිහාසයේ දොස්තරලා තරම් බාල්දුවුණු වෙනත් කිසිම කෙනෙක් නැහැ. අඩුතරමේ හැමදාම බාල්දුවෙන රුපියලවත් මෙතරම් බාල්දුවෙලා නැහැ. ජීඑම්ඕඒ නමින් පෙනීසිටිමින් දේශපාලනය කරන දොස්තර නඩය රටේ වැදගත්ම වෘත්තියන්ගෙන් එකක් මස්තබාල්දුම කරලා දාලා තියෙන්නේ...

:       203       809

කරුණාපාල Wednesday, 10 October 2018 04:07 PM

කුමන ක්ෂේත්‍රයක වුවත්, වෘත්තියකට නොගැලපෙන අය ආවාම ඇතිවන තත්වය ඔහොම තමයි. ආයේ අමුතුවෙන් නැති නාස්ති වෙලා සමාජය ඉදිරියේ හෑල්ලුවට ලක්වෙන්න යමක් ඉතුරු වෙලා නැහැ. ජානවලින්ම ගෙනා දේවල් කුමන වෘත්තියක නියලුනත් වෙනස් කරන්න සක්‍රයාටවත් බැහැ

:       102       416

HafeelWednesday, 10 October 2018 05:20 PM

රොමේෂ්, ඔබ කිව්වා හරියටම් හරි. මේ රටේ ඉන්න ඉතා පහත් විනයක් නැති පිරිසක්. GMOA එකේ ඉන්න සේරම නොවෙයි. දේශපාලකයෝ තමයි කිසිම සුදුසුකම් නැති කොටස්.

:       0       49

sas Wednesday, 10 October 2018 03:07 PM

ලංකාවේ රාජ්‍ය සේවයේ ඉන්නේ විනයක් නැති වෛද්‍යවරු.

:       65       169

රුවන් Wednesday, 10 October 2018 04:22 PM

GMOA කෝ කෝ කෝ. ඔබලාගේ සගයන්නට විනයක් නැත්ද?

:       102       526

සනත් Wednesday, 10 October 2018 07:54 PM

ලොකු රෝහල්වල සේවකයින්ට වාහන නවත්වන්න ඉඩ මදි. ඒකට එක හේතුවක් තමයි විශේෂඥ දොස්තරලා වැඩට ආවත් නැතත් එක්කෙනාට පාර්කින් ලොට්ස් දෙකක්වත් වෙන්කරලා තියාගන්න එක. අනික දැන් හැම ලෙඩෙටම විශේෂඥයෝ ඉන්න නිසා එයාලට ඉඩ වෙන්කලාම අනික් කාටවත් වහනයක් නවත්තගන්න තැනක් නැහැ.

:       0       2

OMG Thursday, 11 October 2018 07:04 AM

රුවන් - විනය වෙන්දේසියේ විකුණලා දාලා ගොඩක් කල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 245 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 150 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 752 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 52 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2108 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 397 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site