විනීතා එම් ගමගේ
කරදියාන කසල රැඳවුම් හේතුවෙන් බොල්ගොඩ ගඟ විනාශ වෙමින් ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය කළ අධ්‍යයනවලදී හෙළිවී ඇත.
එම කසල රඳවනය දෙහිවල මහ නගර සභාව, බොරලැස්ගමුව නගර සභාව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව, කැස්බෑව නගර සභාව කැස්බෑව ප්‍රාදේශීය සභාව සහ මොරටුව මහ නගර සභාවේ කසළ රඳවන ලද ස්ථානයකි.
2003 වසරේ සිට මේ දක්වා එහි කසල දමන අතර කිසිදු ප්‍රමිතියකින් තොරව එහි කසල රඳවන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යයනයෙන් හෙළිවී තිබේ.
එම කසල කන්ද හා බොල්ගොඩ ගඟ අතර මේ වනවිට ඇත්තේ අඩි හතරක පමණ පරතරය කැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා කළ විමසීමකදී ප්‍රකාශ කළේය.
මේ බව සනාථ වූයේ ගුවන් හමුදාවේ සහය ඇතිව ලබාගත් නිරික්ෂණ වාර්තා හා ඡායාරූප වලින් යැයි ද හෙතෙම සඳහන් කළේය.
බොල්ගොඩ ගඟ ආශ්රිත ප්‍රදේශය මෙරට ප්‍රධානතම තෙත්බිම් පද්ධතියක් වන අතර විශාල වපසරියක ජල ධාරිතාව රඳවාගන්නා ජලාශයකි.
තෙත් බිම් ආශ්රිත පක්ෂින් බෝවීම හා ගොදුරු බිම වන මෙම පරිසර පද්ධතියව සංක්රමනික පක්ෂින්ගේ ද නවාතැන් පොළකි.
එමෙන්ම නාගරික වටපිටාවක් සහිත මෙම තෙත් බිමෙන් ලංකාවේ දුර්ලභම ක්ෂිරපායි සත්වයින් රැසක් හමුවී ඇති බව පැවසේ.
විශේෂයෙන් දිය බල්ලා කොළ දිවියා හා හඳුන් දිවියා ද මෙම තෙත් බිමෙන් හමුවී තිබේ.
කෙසේ වෙතත් මේ වනතුරුත් බොල්ගොඩ ගඟ ආශ්රිත ප්‍රදේශයේ මේ වනතුරුත් නිසි අධ්‍යයනයක් සිදුවී නැතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කරදියාන කසල රැඳවුමෙන් බොල්ගොඩ වැවත් ඉවරයි
රවින් Wednesday, 03 October 2018 10:31 AM
දැන් ඔය කසල මධ්‍යස්ථාන පිහිටුවන්න ඉස්සර පරිසර සහතිකයක් ලබාගෙන නැද්ද? එසේ නොමැතිනම් 2003 සිට අද දක්වා මෙම ආයතනය තිබුනේ කොහෙද? නින්දෙන් නැගිටලා වගේ?