IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි පෙත්සමක්

( රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා )

 දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනායගමූර්ති මුරලිදරන් හෙවත්   “ කරුණා අම්මාන් ” අම්පාර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී මාධ්‍යයට කර ඇති ප්‍රකාශය හේතුවෙන් නීතීයේ ආධිපත්‍යයත් , තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් ඔහුව වහාම අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු හා උපකාරක පන්ති ගුරුවරයෙකු අද  (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

 කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු හා උපකාරක පන්ති ගුරුවරයෙක කඩුවෙළ බෝමිරියේ පදංචි බෝසෙත් කලෙහේ පතිරණ මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත.
 
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විනායගමූර්ති මුරලිදරන් හෙවත් “කරුණා අම්මාන්“ සහ වැඩ බලන පොලිස්පතිවරයා නම් කරනු ලැබ සිටිති.
 ගොනු කළ පෙත්සමේ මෙසේද සඳහන් වේ.
 
පෙත්සම්කරු වෘත්තීයෙන් උපකාරක පන්ති ගුරුවරයෙකු වේ.එසේම කඩුවෙල මහ නගර සභාවේ ජාතික හෙළ උරුමයේ නාගරික මන්ත්‍රීවරයෙකුද වේ.
 
විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන ඉදිරි මහමැතිවරණය සඳහා දෙමළ එක්සත් නිදහස් පෙරමුණ පක්ෂයෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරග වදි. ඉකුත් 20 වන දා අම්පාර දිගාමඩුල්ල ප්‍රදේශයේ පැවති මහජන රැස්වීමක දී අදහස් දැක්වූ කරුණා අම්මාන් තමා කොරෝනා වෛරසයට වඩා භයානක පුද්ගලයෙකු බවත් තමන් අලිමංකඩ ප්‍රදේශයේ එක් රැයක දී හමුදා සාමාජිකයින් 2000 ක් 3000ක් පමණ ඝාතනය කර ඇති බවත් ප්‍රසිද්ධියේ මාධ්‍යයට ප්‍රකාශ කරනු ලැබ ඇත.
 
 මෙම ප්‍රකාශය තුළින් කරුණාඅම්මාන් දණ්ඩ නීති සංග්‍රහයේ 293 සහ 294  යන වගන්ති යටතේ සඳහන් වැරදි මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකර ඇත. සාක්ෂි ආඥා පනතේ 17(1)  වගන්තිය ප්‍රකාරව මෙය අපරාධයක් පිළිබඳව සිදුකළ පිළිගැනීමක් මෙන්ම පාපොච්චාරණයක් ද වේ.
 
 මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මේ පිළිබඳ රහස් පොලීසියට පැමිණිලිකර ඇත. අපි සැවොම නීතියේ ආධිපත්‍යයට ගරු කළ යුතුය.
 එබැවින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් , විනාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
 
 

 



අදහස් (4)

කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි පෙත්සමක්

Nuwan Thursday, 25 June 2020 11:24 AM

අපේ මහරජතුමාගේ අවසරයෙන් ජාතික ලැයිස්තුවේ එන මේ වීරෝදාර මහතාව කොහොම අත්අඩංගුවට ගන්නද අපේ හාමුදුරුවනේ...?

:       0       3

Hafeel Thursday, 25 June 2020 11:57 AM

මහින්ද රාජපක්ෂ කරුණාව බේරන්න දැන් කියනවා ප්‍රේමදාසත් කොටින්ට ආයුධ දුන්නයි කියලා. රාජපක්ෂලාත් 2005දී ඡන්දය දිනන්න කොටින්ට මුදල් දුන්නයි කියලා ඔහුගේ සගයොත් කිව්වා. බලනකොට කරුණා, මහින්ද, ප්‍රේමදාස අතර වෙනසක් නැහැ. මෙදා පාර හරි ජනතාව බුද්ධියෙන් කතිර ගහන්න ඕනේ.

:       0       2

ISURU Friday, 26 June 2020 02:18 PM

බොරුවැඩක්... බඩුත්, නඩුත් හාමුදුරුවන්ගේ, එකම රටක්... එකම නීතියක්...

:       0       1

Bamunuarachchi Saturday, 27 June 2020 02:02 PM

කරුණා අම්මාන් ඔබ දෙමල ජනතාවට දුන්නු ලණුව කෑවේ ජෙප්පොයි, අලිමංකඩ, පාමංකඩ නොදන්නා ගොයියෝයි. මොකද ඒගොල්ලෝ හිටියේ ඇඳන් යට නිසා. අපි දන්නවා යුද්ධය කාලේ කිසිම අවස්ථාවක හමුදා සෙබළුන් 2000-3000ක් මැරුණා කියා වාර්තා වුනේ නැහැ. අනික හමුදාවම කියනවා 800ක් පමණ හමුදාව මරුණු සටන මෙහෙයවූයේ බාල්රාජ් සහ බානු කියලා. කරුණා සහය දුන්න පමණක් බව. අනික ඒකාලේ එපමණ මරුනානම් වග කීම ගන්න ඕනේ අපේ නායකයින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 97 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 59 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1380 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 3313 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1321 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 224 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site