ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට අයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වරයා වන එච්. එම්. බී. පී. හේරත් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා උපදෙස් දී තිබේ.
මෙම ඉවත් කිරීමට ආසන්නතම හේතුව වුයේ වී ඇත්තේ අද (මැයි 05) ආරම්භ වීමට නියමිත දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනා සහ ක්‍රීඩා උපදේශකයින් 15 දෙනෙක් වන පිරිසට අවශ්‍ය නේවාසික පහසුකම් නිසි පරිදි සැලසීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අපොහොසත් වීමයි.
ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල අද දින (මැයි 05) සිට සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙයි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනෙකුගෙන් හා ක්‍රීඩා පුහුණු කරුවන් 15 දෙනෙකුගෙන් සමන්විතය.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතු ටොරින්ටන් හි පිහිටි ක්‍රීඩා සංවර්ධන නේවාසිකාගාරයේ මම කණ්ඩායමට නේවාසික පහසුකම් සලසා තිබිණ. එහෙත් ඊයේ (මැයි 04) උදය වර්වේ සිට නේවාසිකාගාරය තුල විදුලිය බිඳ වැටී තිබී ඇති අතර ඒ හේතුවෙන් උදය කාලයේ සිට නේවාසිකාගාරය තුල ලැගුම් ගෙන සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවී තිබිණ. ඊයේ සවස් කාලය වන විටත් මෙම තත්වය පැවතී ඇති අතර නේවාසිකාගාරයේ ජල පහසුකම් ද විදුලිය ඇන හිටීම නිසා අඩපන වී ඇත. ඊයේ සවස 5.00 වන විටත් මම ගැටලුව විසදීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වරයා විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබිණ.
ක්‍රීඩා ඇමතිවරයාගේ උපදෙස් පරිදි මෙම තරගාවලියට සහභාගි වන සියලුම නේවසිකයින් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ තරු 4 හෝටලයක නවාතැන් ගැන්වීමටත් ඔවුන්ට අවශ්‍ය අහාර පාන සැපයීමටත් කටයුතු යොදා තිබේ.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් නෙරපයි
sanath Saturday, 05 May 2018 05:46 AM
මේකෙදී ක්‍රීඩා ඇමති තමයි ඉස්සරවෙලා ඉල්ලා අස්වෙන්න ඕනෑ. ඊට පස්සේ ඊළඟ ලොක්කා අයින්කරන්න ඕනේ...
Mahee Saturday, 05 May 2018 07:14 AM
ඇමතිතුමාට අපි එන්න එන්නම බයවෙමින් ඉන්නේ. අපිට වඩා ඉහල අයත් බයවෙලා. අර හොර හෝටල්වල ටික දකුණු මුහුදු තීරයෙන් ඉවත් කරන එක පවා නැවැත්තුවනේ. ඉතින් අපි බය වෙන එක අහන්නත් ඕනෙද? නෙරපලා දාන්න ඇමතිතුමෝ, බයවෙන්න එපා යකෙකුටවත්...
hashanSaturday, 05 May 2018 02:11 PM
ඔව් ඔව්, ඔක්කොම තනතුරු ටිකෙන් කට්ටිය එලවලා මුස්ලිම් කට්ටියම පත් කරගනිමු... ටිකිරි මොලේ කොහොමද...?
maheshikaSunday, 06 May 2018 07:31 AM
අාගම අදාල නැහැ. ශ්‍රී ලාංකික වුණාම ඇති... වැඩ බැරි දාසලව ගෙදර යවලා වැඩ කරන්න පුළුවන් අය ගන්න. නැත්නම් අපි එරිලා ඉන්න මඩ ගොහොරුවෙන් මේ රට ගොඩගන්න බැහැ.
himal Saturday, 05 May 2018 07:42 AM
මේවා ගැලරිය පිනවන්න ගන්න තීන්දු. ලයිට් ගිය එකට අධ්යක්ෂ ජෙනරාල්වරයා අස්කරනවා නම් පළාත් පාලන මැතිවරණය පරක්කු වෙච්ච එකට මෙයා ඉල්ලා අස්වෙන්න ඕනෑ.
Suranga Saturday, 05 May 2018 09:25 AM
ඇත්තටම කමෙන්ට් කරන බයියෝ දැක්කම රටේ අනාගතය හිතාගන්න පුළුවන්... කොච්චර කිව්වත් අත, අලි, පොහොට්ටු වෙලා මරා ගන්නවා. ගෝත්‍රිකත්වය උපරිමයි.
samith Saturday, 05 May 2018 11:17 AM
කොමෙන්ට් කරපු ඔබ සුරංග වුනත් ඔබ සුරංගම නොවේ. ඔබටත් දකුණු මුහුදු තීරයේ හොර හෝටලයක් තියෙනවා නේද?
samanSunday, 06 May 2018 08:52 AM
ක්ෂණිකව අැතිවන යම් යම් පොඩි කාරණාවන්ට අැමතිට දොස් කියලා හරියන්නේ නෑ. මේවට වගකියන්න ඕනේ නිලධාරීන් .... ඔවුන්ට වගකීමක් පැවැරුවහම එ් දේ කරගන්න බැරිනම් ඉතින් එ් තනතුරුවල ඔවුන් තියලා වැඩක් නෑ.
Kithsiri Saturday, 05 May 2018 10:21 AM
අමාත්‍යාංශය ඇමැතිතුමාගේ අම්මගේ, අප්පගේ බූදලයක්ද? කෙනෙක්ගේ වැඩ නවත්වන්න ඕනේ නිසි පරීක්ෂණයක් කරලා වරදකරු වුණොත් නේ...
පිටිගල මිලානෝ Saturday, 05 May 2018 11:20 AM
වැඩ කර නැත්නම් ගෙදර යායුතුය. මෙය හොඳ ආදර්ශයක් ලංකාව වගේ කම්මැලියෝ ඉන්න රටකට...
samurai Saturday, 05 May 2018 11:27 AM
කොන්ද පොඩ්ඩක් හරි තියෙනවා කියලා පෙන්නපු එක හොඳයි. නමුත් රාජ්‍ය සේවය ඔයවගේ අස්කරලා දැම්මොත් අන්තිමේට තමුන්නාන්සේටත් ඔය හැන්දෙන්ම බෙදා ගන්නයි වෙන්නේ...
dakune ekek Saturday, 05 May 2018 11:44 AM
හොඳම වැඩේ ඔය අයට... නිසි ක්‍රමවේදයක් නැති අමාත්‍යාංශයක්.. පගාවට හිතවතුන්ට දිනුම දෙන පුදුම නරක වැඩ කරන තැනක්... මේ අය ක්‍රීඩාව නැති කළා ..
Bandara Saturday, 05 May 2018 02:56 PM
ඇමතිතුමෝ ඔහොම මෝඩ තිරණ ගන්න එපා. හරියට හොයලා බලලා තීරණ අරගෙන වචන පිට කරන්න. නිලධාරින් අයින් කරන්න කලින් ඇමතිතුමා අයින් වුනොත් හොඳ ආදර්ශයක් වේවි රටටම...
maheshikaSunday, 06 May 2018 07:37 AM
එක් එක් යට පැවරුණු රාජකාරි තියනවා. ඔවුන්ට එම වගකීම කරන්න බැරිනම් තනතුරේ ඉන්න එකේ ඵලය මොකක්ද? ඔය ක්‍රීඩකයන්ට නේවාසික ප්රශ්නය ගිය වසරේත් ඔය විදියටම තිබුණා. නමුත් වගකිව යුත්තන්ට අබමල් රේණුවක ප්‍රශ්නයක් වුනේ නැහැ. ප්‍රශ්න වුනේ රට වෙනුවෙන් තරඟ වලට ඉදිරිපත් වුන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට. මෙවර ලංකවේ නන් දෙසින් අාපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙතුමාගේ පෙනී සිටීම අගය කරනවා.
gayan Sunday, 06 May 2018 01:35 AM
මෙතන කොමෙන්ට් කරන අයගේ මොලේ අන්ධ කයිප්පුද මන්දා? හරි තීරණයක් ගත්තොත් ආඩපාලි කියනවා. තීරණයක් නොගෙන හිටියොත් අම්බානට බනිනවා. යකෝ ඉඩෝරයකට පස්සේ වැටුණු වැහි පොදක් වගේ ඉඳලා ඉඳලා ගත්ත හොඳ තීරණයක් මේක. ඔය නිලධාරින් ඔක්කොම හොරු. ඒ අයට ඕනේ ආණ්ඩුව පන්න ගන්න. ක්‍රීඩකයන්ගේ මානසිකත්වය බිඳලා රටට ලැජ්ජා කරවලා ඒකේ වරද ආණ්ඩුවට පටවන්න. ඕක පිටුපස අනිවාර්යයෙන් නීච ඊනියා දේශප්‍රේමියෙක් ඇති...
SAMAN Sunday, 06 May 2018 05:00 AM
මෝඩ බුවල්ලෝ ටිකක්නේ පත්තරේ කියවන්නේ.., මේකෙන්ම තේරෙනවා ඒක...
rocky Sunday, 06 May 2018 08:51 AM
මේ ඔක්කොටම මුල ක්‍රීඩාව ! සෙල්ලම් කළොත් නිෂ්ඵල වෙයි දැනගනිල්ලා.. කියලා තියෙන්නේ කට කහනවට නෙමෙයිනේ. මේ කොමෙන්ට්වරු උන්නැහේලා වුනත් ජල්බරි අඳින්නේ ක්‍රීඩා තරඟ හින්දනේ. ක්‍රීඩා කරන එක තහනම් කරන්න. ඒත් සම්පූර්ණයෙන්ම එපා.. එහාට මෙහාට පනින එක.. ඉරට්ට පිම්ම වගේ පිල්ලි ගැහීම, අංචි ඇදීම, ටෙන්ඩර් කෙලිය වගේ ගරු ක්‍රීඩා පුහුණුව දේශපාලකයින්ට පමණක් ලබා දෙන්න!
sensa Tuesday, 08 May 2018 02:36 AM
මම නම් දකින්නේ මේ සිද්ධිය වෙනත් විදියකට. සමහර අය ජනප්‍රිය වෙන්න හිතාගෙන නැත්නම් තමුන් වැඩකාරයා කියලා පෙන්නන්න බලය අයුතු විදියට පාවිච්චි කරනවා. මේ ස්ද්ධියට ක්‍රිඩා අධ්යක්ෂ ගෙදර යන්න් ඕනෑනම් ඒත්සමගම ඇමතිතුමත් ඊටත් කලියෙන් අමාත්‍යංශ ලේකම් ගෙදර යා යුතුයි. මොකක්ද අඩුපාඩුව කියලා හොයලා බලලා විසදුම් දෙනවා මිස පළිගැනීම් කරන එක වැරදියි. රාජ්‍ය අංශය එකෙකුගෙවත් පෟද්ගලික දේපලක් නෙවෙයිනේ. ඇමති තුමෝ හොදින් අධ්‍යනය කරන්න අගේ ඉදන් කණ කන එකෙක් ළග ඉන්නවා වගේ.