තරිඳු ජයවර්ධන
ජාතික පොලිස් කොමිෂන් සභාව හා පොලිස්පතිවරයා අතර මතුව ඇති ගැටළු දින 14ක් ඇතුළත නිරාකරණය කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දැනුම්වත් කරන ලෙස අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පොලිස් කොමිසමටත් පොලිස්පතිවරයාටත් දැනුම් දුන්නේය.
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්විය.
පොලිස් කොමිෂන් සභාව ලබා දෙන නියෝග පොලිස්පතිවරයා ක්‍රියාත්මක නොකිරීම නිසා මතුව ඇති ගැටළුව ගැන සාකච්ඡා කිරීම සඳහා දෙපාර්ශ්වයම අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවට කැඳවා තිබිණි.
එම ගැටළු ගැන පුළුල් ලෙස අවධානය යොමු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එම ගැටලු දින 14ක් තුල සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ගන්නා ලෙස දෙපාර්ශ්වයට දැනුම් දුන්නේය.
පොලිස් කොමිෂන් සභාවෙන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කැරුණු පාලිත සිරිවර්ධන මහතාට අදාල උසස්වීම ලබා නොදීම, දේශපාලන පලිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන්ට අදාළ සහන ලබා නොදීම, යුද්ධයෙන් පීඩාවට පත්වූ පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබා නොදීම, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි විභාග නොකිරීම ඇතුළු කාරණා කිහිපයක් පොලිස්පතිවරයා ඉටු නොකළ බව කියමින් ජාතික පොලිස් කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ කරුණු දක්වා තිබිණි.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොමිසම සහ පොලිස්පති අතර ගැටලුව විසඳාගන්න දින 14ක් කල් දෙයි
Chanak Los angeles Friday, 07 September 2018 09:37 PM
මිනී මැරුමකට සිරගත කල කෙනෙකුට නියෝජ්‍ය පොලිස්පතිකම දෙන්න කියලා කොමිසම කියන්නේ මොන පදනම යටතේද ? එහෙම පුද්ගලයාව නැවත පොලිස් සේවයේ යෙදවූයේ කවුද කෙසේද කියන එකයි ඔය කොමිසමෙන් සොයා බැලිය යුත්තේ
muditha Saturday, 08 September 2018 08:05 AM
කව්ද මිනී මරලා තියෙන්නේ? සාක්කි තියෙනවද? අධිකරණයෙන් දඬුවම් දීලා තියෙනවද?
Bamunuarachchi Sunday, 09 September 2018 09:38 AM
නොවිසඳුනත් අපිට කමක් නැත.