ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර රජයේ සේවකයන් ගමන් ගනිමින් සිටි බස් රථයකට තලේබාන් සංවිධානය අද (24) එල්ල කරන ලද ප්‍රහාරයකින් 24 දෙනකු මියගොස් 42 ක් තුවාල ලැබූහ.
බස් රථයට එල්ල වී ඇත්තේ කාර් බෝම්බ ප්‍රහාරයක් වන අතර ප්‍රහාරය එල්ල වී ඇත්තේ කාර්යබහුල වේලාවකය. උදෑසන 7ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. තලේබාන් සංවිධානය පසුගිය දින කිහිපයේදී දිස්ත්‍රික්ක කිහිපයක බලය අත්පන් කරගන්නා අවස්ථාවකදී මෙම ප්‍රහාරය එල්ල විය. ඒ අතරම පසුගිය සති කිහිපයේදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ ස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන ලදි.
ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල් හි බටහිර කොටසේ ස්ථානයකට මෙම ප්‍රහාරය එල්ල වූ අතර එම ප්‍රදේශය ෂියා හසාරා වාර්ගික සුළු ජාතිකයන්ට නිවහන වී තිබේ. මීට පෙර මෙම ජන කොටස ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල වී තිබේ.
කාබුල්හි හසාරා ජන කොටස සඳුඳා දිනයේදී පසුගිය වසරේ එල්ල වූ ප්‍රහාරයක වසරක සංවත්සරය සැමරීමට සූදානමින් සිටියේය. පසුගිය වසරේ ජූලි 24 වැනිදා කාබුල් නුවරට එල්ල වූ ප්‍රහාරයකින් 84 දෙනකු මියගොස් 300කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. එහිදි ඉලක්ක වූයේ හසාරා ජන කොටසේ සාමාජිකයෝය.
එම ප්‍රහාරය අයි.එස් සංවිධානය ඇෆ්ගනිස්තානය තුළ දියත් කරන ලද පළමු ප්‍රහාරය ලෙසින් හැඳින්වුණු අතර ඉන් පසු අවස්ථා කිහිපයදීම අයි.එස් සංවිධානය ඇෆ්ගනිස්තානයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරන ලදි.
(ඒ.එෆ්.පී 055)
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.
පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කාබුල් නුවරට තවත් ප්‍රහාරයක් 24 ක් මරුට
ධම්ම Tuesday, 25 July 2017 03:03 AM
ඇමෙරිකානු ආක්‍රමණික හමුදාව වහාම රටින් පිටවිය යුතුය. තලේබාන්වරු කාගේවත් රටක් අල්ලන්න ගියේ නැත. අයිඑස් ඔවුන්ට ඈඳීම ආක්‍රමණයිකයින්ගේ අසාර්ථක උපක්‍රමයකි.