IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘කැබිනට් මණ්ඩලයේ කයිවාරුව විතරයි වැඩ නෑ‘ - රවී කියයි

(ආරියරත්න රණබාහු සහ ඩයනා උදයංගනී)

මේ රට කා දමා තිබෙන්නේ දේශපාලනඥයින්  නොව මහ බැංකුවේ කට්ටිය යැයි  හිටපු මුදල් අමාත්‍ය කොළඹ දිස්ත්‍රික් (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කැබිනට් මණ්ඩලයේ ඇති  ප්‍රශ්නය කයිවාරුව මිස වැඩ පෙන්වීමක් නොමැති බවද  මන්ත්‍රීවරයා කීය.
පාර්ලිමේන්තුවේදී අද පැවැති සක්‍රීය බැරකම්  කළමනාකරණය කිරීමේ පනත පිළිබඳව පනත  විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

‘අපි හැමදාම කටයුතු කර තිබෙන්නේ දේශපාලනය ගැන හිතලා මිස රට ගැන  හිතලා නොවෙයි. විපක්ෂයේ වැඩේ  පවතින ආණ්ඩුවට ප්‍රහාර එල්ල කිරීම. අපිට සැබෑ ආර්ථික නිදහසක් ලැබිලා නැහැ.

අපට විශ්වාස භංග යෝජනා ගේනවා.දෝෂාභියෝග ගේනවා.නමුත් ඒකෙන් මේ රටේ තියෙන බැරෑරුම්  ප්‍රශ්න විසදෙනවාද?රුපියල අව ප්‍රමාණය වීම සඳහා බලපාන්නේ කවුද දේශපාලනඥයින්ද කැබිනට් මණ්ඩලයද ජනාධිපතිද අගමැතිද  නැහැ. මෙතෙක් දුර බොහොම ආඩම්බරයෙන් හිතුමතේ තමන්ගෙම පාලනයක් කියා කටයුතු කරන මහ බැංකුවයි.

මහ බැංකුව කියන  කියන කියන විදියට වැඩ කරලා තියෙනවා නම්  මෙහෙම රුපියල බාල්දු වෙනවාද.මේකට දේශපාලනය ඇගිලි ගැහුවේ නැහැ කියනවානම්  කොහොමද ඩොලර් එක රුපියල් 158 ට ඇවිත් තියෙන්නේ. අපිට අපි ගැනම ස්වයං විවේචනයක් සිදු කිරීම අවශ්‍යයි.

අපට පෙර තිබු ආණ්ඩුවටත්  ආර්ථික  යුද්ධය ජයග්‍රහණය  කරන්න බැරි වුණේ  කෙටි කාලීන ගමනක් ගිහින් ආර්ථිකය පාලනය කිරීමට කටයුතු කළ නිසයි. අපිත් හිතුවා මේ ආර්ථික ප්‍රථිපත්තිය දවසින් දවස හදාගන්න පුළුවන් වෙයි කියලා. මෙතැන අපට සෘජු තීරණ ගන්න බැරි එකයි තියෙන ප්‍රශ්නය.ඉතාම දියාරු තීරණ ගැනීමයි දැනට සිදු වන්නේ.මීට වසර දෙකකට පෙර ගන්න තිබු තීරණ  අපි ගන්නේ අදයි. මෙතැන කරන්න තියෙන්නේ ඔළු මාරු කිරීම නොවෙයි ප්‍රතිපත්ති වෙනස් කිරීමයි.

මම ආණ්ඩුවට කියනවා මේ රටේ ඉදිකිරීම්  ක්ෂේත්‍රයේ හොඳ ගමනක යන්නේ. පිටරට ඉන්න  සුද්දෝ ඇවිත් කියන දේවල් පිළිගෙන ඒක විනාශ කරන්න එපා.  
  

 



අදහස් (27)

‘කැබිනට් මණ්ඩලයේ කයිවාරුව විතරයි වැඩ නෑ‘ - රවී කියයි

naradha Friday, 23 March 2018 03:03 PM

මොකද දන්නේ නැහැ... මේ මහත්තයා හිටපු ගමන් හෙන ගහන ඇත්ත කතා කරන්නේ?

:       0       136

RaveendraFriday, 23 March 2018 04:11 PM

naradha මයා වෙත, මේයා ඉන්නකොට ඔය කියන "මඩුවේ" පුදුම වැඩ තොගයක් කලේ.

:       0       98

umenSaturday, 24 March 2018 02:37 AM

මේ අයට ග්‍රාමීය බැංකුවක්වත් කඩන්න හරියට ප්ලෑන් කරගන්න බැහැ. වැඩක්ම නැහැ.

:       0       38

RaveendraSaturday, 24 March 2018 04:47 AM

මගේ නම "රවීනේ" ග්‍රහලොව ඉන්න.... නම සුපතලය මේ අප ලක්දෙරණේ.... හොරකම් කලත් කෙරුවේ බඩ වැඩුමටනේ.... හෙන වැදුනත් කම් නැත මගේ නම රවිනේ...

:       0       36

sathyapalaSaturday, 24 March 2018 04:57 AM

කරන්න පුළුවන් අපරාධ ඔක්කොම කරලා මේ අය දැන් සුදනන් වෙන්න හදනවා.

:       0       23

Ajith Nissanka Friday, 23 March 2018 03:13 PM

අනේ මගේ කට! රට ගැන හිතලා පිටරට කෙනකුට මහ බැංකුව බාරදීලා දැන් මොනවද මේ කියවන්නේ?

:       0       302

සඳුන් Friday, 23 March 2018 03:16 PM

විදුහල්පති කෙනෙක් රු 15,000ක අල්ලසකට වසර 5ක බරපතල වැඩසහිත හිර දඬුවම්. මහා පරිමාණ මහජන මුදල් හොරු මයික් වලට ටෝක් දෙනවා. මොවුන්ට ස්වභාවධර්මයෙන් දඬුවම් ලැබෙයි මෙහෙම කරනවට... !

:       0       339

sirimal Friday, 23 March 2018 03:24 PM

"කලකට රහලු කලකට වහ වෙනවාලු"...

:       0       35

nimal Friday, 23 March 2018 03:25 PM

කොහෙන්ද ඒ කතාව කරලා තියෙන්නේ ...?

:       1       292

Amara Friday, 23 March 2018 03:58 PM

මෙතුමා හොඳම වැඩක් තමයි කරේ, දැන් ඔක්කොම ගෙදර යන්ඩ ලෑස්ති වෙලා නේ ඉන්නේ.

:       0       69

සතයපාල Friday, 23 March 2018 04:33 PM

ඒ හිතේ අමාරුවට කියන කතා. ඒ දවස්වල මෙයා දුන්නෙ ලොරි ටෝක් වැඩ ත්‍රීවීල් සයිස්.

:       0       69

Sunil Friday, 23 March 2018 05:04 PM

ඕකනේ කියන්නේ හැමෝටම වැඩ බැහැ කියාලා.

:       0       66

Paranakot mudali Friday, 23 March 2018 07:00 PM

සුදු අලියා නිකම් කලු බැටලුවා වෙලා...............

:       0       0

Rohana Saturday, 24 March 2018 02:52 AM

මේ රට කා දමා තිබෙන්නේ දේශපාලනඥයින්. එජාපය විනාශ කලා. දේශපාලනඥයින්. සියලුදෙනාම රටේ සම්පත් මංකොල්ල කෑවා.

:       0       0

sanju Saturday, 24 March 2018 03:16 AM

අනේ මේ... පාර්ලිමේන්තුව හරියට වැඩ කරනවා නම් දැන් හිරේ ඉන්න ඕනේ තමා...

:       0       6

buddika Saturday, 24 March 2018 03:36 AM

අර්ජුන අැලෝසියස් ගෙවල් අරන් දුන්නේ අපිටද? මට නිකන් විකාර වගේ...

:       0       67

Jayantha Saturday, 24 March 2018 03:54 AM

මෙයා වැඩ දාලා මහ බැංකුවටත් ඇන්නා නේ...

:       0       6

රවින් Saturday, 24 March 2018 03:58 AM

ඕනෑම තැනක දියුණුවක් තියනවා නම් එතන හොරකම නැහැ. තම තමන් කරපු හොරකම් ගැන නිදහසෙන් පසු උත්තරීතරයි කියන තැන ඉන්න හා හිටපු අයගේ හදවතට තට්ටු කෙරුවා නම් අහගන්න පුළුවන් වෙයි. ආයතනික ප්‍රධානින් හොරකම් කරලා ගණකාධිවරයාට කියනවා. පොත බැලන්ස් කරන්න කියලා.

:       0       30

Raveendra Saturday, 24 March 2018 04:32 AM

අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ හොරෙක් විතරයි. කියලා බැලුවාම වාසලේ කවටයා තනතුරටත් ඉහළින්ම සුදුසුකම් තියෙනවා. අනේ වාසනාවන්!!!

:       0       42

sam Saturday, 24 March 2018 06:40 AM

අපිට ඔච්චර ආදරේ නම්, ඉස්සෙල්ලා ඔබතුමා කරපු හොරකම් වලට හිරේ ගිහින් එන්නකෝ...

:       0       19

rohan Saturday, 24 March 2018 07:53 AM

මේකට තමයි කියන්නේ බලේ තියනකොට මොලේ නැහැ. මොලේ තියනකොට බලේ නැහැ කියලා.

:       0       0

Jayhan Saturday, 24 March 2018 09:14 AM

රවීට උත්තර දෙන්න ඕනෙම කෝල් එකක් ඇවිත් වගේ... මල්දෙණිය ඔයා නම් .. අනේ මන්දා.

:       0       0

Aluthgama A. Samathasena. Saturday, 24 March 2018 10:23 AM

යූ එන් පීය කෑවා. පොඩි මිනිහෙකුට වාහනයක් ගැනීමට බැරිවෙන තරමටම බදු ඉහළ දැම්මා. ඒකෙන් පක්ෂය අමාරුවේ වැටුණා. ඒ වුනාට කරපු හොරකම් වලට දඬුවම් ලැබෙන එක වළක්වන්නේ නැති නිසා පක්ෂයේ අනිත් අයත් එක්ක තරහයි. 'කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් බළලෝ කිව්වලු' .

:       0       4

pali Saturday, 24 March 2018 01:39 PM

රට කෑවේ තමන් මත මහත් විස්වාසයෙන් බලාපොරොත්තු තබා එවූ ජනතාව නොසලකා තමන් ගේ අාත්මාර්ථය වෙනුවෙන් රටේ ධනය සොරකම් කළ දෙපැත්තේම නායකයෝයි. මේ තැනැත්තා දිගින් දිගටම මහබැංකුවට අවලාද නගන නිසා යමක් මතක් කිරීමට අවශ්‍යයි. ඒ ජාතිලැදි බැංකු නිලධාරියෙක් විත්තියේ නීතීඥයාට කියා සිටියේ ඔබ අනුන්ගේ මුදලට කතා කලත් තමා මෙය කරන්නේ ජාතියට සාධාරණයක් කිරීම සඳහා බවයි. එවැනි අය සිටිනතැන ගැරහි්මට රවි නැඹුරුවීම අසාමාන්‍ය නැත. බැංකුවේ සල්ලිවලින් බදු අරන් ඒවා බැංකුවටම විකිණීමේ පාදඩ ව්‍යාපාරයේ යෙදුනු අැමතිවරු වීමත්, ඔවුන්ට රැකවරණය ඉහළින් ලැබුණු රටක මුදල් අවප්‍රමාණ නොවෙයිද?

:       0       1

raawana Saturday, 24 March 2018 02:12 PM

රාජ්‍ය බැංකු ප්‍රධානින් ගෙන්නලා අඩු ලන්සු ඉදිරිපත් කරන්න උපදෙස් දුන්න හැටි අමතක වුනාද? කිරි මුට්ටියට ගොම දාල දැන් සුදනා වෙන්න හදනවා. පක්ෂෙට කරපු අවනම්බුව මකන්න ලැබෙන්නේ නැහැ.

:       0       1

Darshana Sunday, 25 March 2018 05:56 AM

බලාගෙන යද්දී මහ බැංකුව හොරා කාල තියෙන්නේ බැංකුවේම අයනේ. පව් අනේ අහිංසක රවී ඇමතිකමෙන් අයින් කලේ .....

:       0       1

sena Monday, 26 March 2018 07:41 AM

මෙන්න වැඩ කාරයෙක්... සැරයක් අලිමංකඩට, පාමන්කඩ කියලා පල් කළා. දැන් නායකතුමාටත් බෙල්ල නැතිව ගෙදර යන්න වැඩ ලෑස්ති කළා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 19 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 36 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 54 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 179 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2602 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 215 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site