IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කැබිනට් ඇමැතිවරු 8කට එරෙහිව පැමිණිල්ලක්

 ( ළහිරු හර්ෂණ )

වත්කම් ප්‍රකාශයට පත්නොකළ කැබිනට් ඇමතිවරු 8 දෙනෙකුට එරෙහිව ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අද (10) පැමිණිල්ලක් ඉදිරිපත්  කළේය.

කැබිනට් අමාත්‍ය වරුන් වන සජිත් ප්‍රේමදාස,  නවීන් දිසානායක,  හරීන් ප්‍රනාන්දු, අකිල විරාජ් කාරියවසම්,  රවී කරුනානායක,  ගයන්ත කරුණාතිලක, මනෝ ගනේෂන්,  එම්.එච්.ඒ හලීම් යන අමාත්‍ය වරුන්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

2019 අගෝස්තු 20 වන විට 2018/19 වර්ෂ වලට අදාලව සිය වත්කම් බැරකම් ප්‍රකාශනයට පත්කළ යුතු උවද වත්කම් බැරකම් ප්‍රකාශන නීතියෙහි 4 (a) (ii) කොටසට අනුකූලව සියලූම කැබිනට් ඇමතිවරුන් ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලබාදිය යුතුය.

නමුත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් 2019 ගෝස්තු මස 28 වැනි දින ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පතට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය දන්වා ඇත්තේ 2019 අගෝස්තු මස 20 වැනි දින වනවි ටද කැබිනට් ඇමතිවරු 8 දෙනෙකු තම වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බවයි.

 



අදහස් (12)

කැබිනට් ඇමැතිවරු 8කට එරෙහිව පැමිණිල්ලක්

Gamarala Tuesday, 10 September 2019 07:33 AM

ඕකට කියන්න පුළුවන් මම දන්නේ නැහැ, එහෙම නැත්නම් මට මතක නැහැ කියල.

:       0       65

සිරිබිරිස්Wednesday, 11 September 2019 01:38 AM

ගමරාළ උන්නැහේ කලබල වෙන්න එපා. මම එය නොකර හිටියේ මම අහලා තිබුණු කවියක් මතක තිබූ නිසා... එහි තිබුණු අන්සතු සැපතක් දැක දල ලොබිනේ.. උන්මතු නිරයේ දුක්මයි විඳිනේ... කියලා. මම කැමති නැහැ මගේ වත්කම් දැකපු කිසිවෙකුත් අපාගත වෙනවාට. මම ආවොත් ඔය පණත කුණුකූඩෙට දානවා...

:       0       0

dayan Tuesday, 10 September 2019 07:39 AM

අයියෝ මොකක්ද ඉතින්? දඩය රුපියල් 1000/= නේ.

:       0       27

Rasika Tuesday, 10 September 2019 07:55 AM

දැන් බලද්දී හොරු අල්ලන්න අපු කට්ටියනේ , රටටම හොරකම් කරන්නේ . ජනාධිපති අපේක්ෂකයෙකුත් ඉන්නවා නේද ? හොරුන්ගෙත් හොරු කම්බ හොරු .

:       22       335

රවින් Tuesday, 10 September 2019 08:17 AM

වත්කම් බැරකම් හෙළි කලොත් අහුවෙනවා. පහුගිය ටිකේ සමහර උදවිය රෑ නිදියගත්ත තැන් පවා අමතක වෙලා කියලා වක්‍රාකාරව කියා තිබුනේ. අනේද කියන්නේ .........

:       0       139

sandy123 Tuesday, 10 September 2019 08:53 AM

ඔය 225ම හොරු. ඊට පසු පළාත් සභා, මහ නගර සභා, ප්‍රාදේශීය සභා, රාජ්‍ය සේවකයින් (විශේෂයෙන් ඉහල තනතුරු දරන පුද්ගලයින්) යන එකී මෙකී අය බොහොමයක් හොරු. සල්ලිවලට, බලයට සහ පුහු මහන්තත්වයට මල පෙරේතයන් වගේ. මැරෙන කොට තමන්ට අයිති අඩි 6ක බිම් කැබැල්ලක් විතරමයි. සමහර අයට එ්කත් වැඩි වුණා බෝම්බ හින්දා.. කොයි කෑම කෑවත් උගුරෙන් පල්ලයාට යනකොට ජරාව. ඒ යතාර්ථය තේරුම් ගන්න බැරි මේ නරුමයන් තමන්ගේ බල ප්‍රදේශයෙන් උපන් ඇඳුමින්ම ඉතා ඉක්මණින් පන්නන්න ඕනේ.

:       0       0

Sasanka Tuesday, 10 September 2019 08:57 AM

ඔය ඔක්කොම සෙල්ලම් මේ ආණ්ඩුව තියනකම් කරයි. ඒකාධිපතියෙක් පත්වුණු දාට ඔය පැමිණිලි කරන කාටත් සුදුවෑන් තමයි.

:       0       0

sena Tuesday, 10 September 2019 09:24 AM

නැතිනම් ඡන්දෙ කිට්ටුවෙනකොටම මේවා මේ උදවියට මතක් වෙන්නේ මොකද?

:       0       0

Sugath Premalal Tuesday, 10 September 2019 12:43 PM

අපේ නව ජනදිපතිත් ඔතන ඉන්නවා නේද......ඔය දෙයින් වෙන්නේ ආර්යාවට නින්දාවක් නේද.........එය දුකට කාරණාවක්....එතකොට නිදන් හරපුව ගැන තොරතොරු හොයන නැද්ද....

:       1       0

Krishan Senarath Tuesday, 10 September 2019 12:51 PM

කොහෙද ඉතිං වත්කම් බැරකම් ලේඛන වල පුරවනවාට වඩා වත්කම් බැරකම් තියෙනවා ලේඛනයේ ඉඩමදියි ඇමුණුම් සහිතව තමයි ඔය ඇමතිවරුන්ට ඉදිරිපත් කරන්න වෙන්නේ එකටත් පිටු 200ක්වත් යන්න පුළුවන් අපේ ඩොකෙක්ගේ කොච්චර වත්කම් තියෙනවාද එවා පුරවන්නම සැහෙන්න ඇමුණුම් යනවා ඉතිං මං නම් එහෙම අමුණන්නේ නැහැ ඇමතිවරුන් හොරාකාපූ ගණන් ඇමතිවරුන් දන්නේ නැතිනිසා පුරවන්නම අමාරුයි

:       0       0

sandy123 Tuesday, 10 September 2019 02:23 PM

ඔය 225ම හොරු. ඊට පසු පළාත් සභා, මහා නගර සභා, ප්‍රාදේශීය සභා, රාජ්‍ය සේවකයින් (විශේෂයෙන් ඉහල තනතුරු දරන පුද්ගලයින්) යන එකී මෙකී අය බොහොමයක් හොරු. සල්ලිවලට, බලයට සහ පුහු මහන්තත්වයට පෙරේත මල පෙරේතයෝ. මැරෙන කොට තමන්ට අයිති අඩි 6ක බිම් කැබැල්ලක් විතරමයි. සමහර අයට එකත් වැඩි වුනා බෝම්බ වලට පින් සිද්ධවෙන්න. කොයි කෑම කෑවත් උගුරෙන් පල්ලයාට යනකොට ජරාව. ඒ යතාර්ථය තේරුම් ගන්න බැරි මේ නරුමයන් තමන්ගේ බල ප්‍රදේශයෙන් උපන් ඇදුමින්ම ඉතා ඉක්මනින් පන්නන්න ඕනේ.

:       0       2

Mahee Tuesday, 10 September 2019 02:56 PM

අනේ ප්‍රකාශ කරන්න තරම් පෞද්ගලික වත්කමක් නැතුව කොහොම මොනවා ප්‍රකාශ කරන්නද දෙයියනේ? ඔක්කොම මහජන දේපල නොවැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 126 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 264 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1133 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 149 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 350 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 320 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site