IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කීත් නොයාර් සිද්ධියට අත්අඩංගුවට ගත් මේජර් ජනරාල් රිමාන්ඩ්


 
තරිඳු ජයවර්ධන,නිමන්ති රණසිංහ
 
මාධ්‍යවේදී කීන් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා කිරීමට ආධාර අනුබල දුන්නැයි අත්අඩංගුවට ගත් ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අධිකරණය නියෝග කළේය.
 
අමල් කරුණාසේකර මහතා පෙරේදා යුද හමුදා රෝහලට ඇතුළත් වී තිබුණු අතර ඊයේ සවස එම රෝහලට ගිය රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය.
 
පොලිස් ආරක්ෂාව යටතේ එම රෝහලේ සිටි අමල් කරුණාසේකර මහතා පරීක්ෂා කර බැලූ ගල්කිස්ස අංක තුන අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා ඔහු රිමාන්ඩ් කරන ලෙස අද (6) සවස නියෝග කළේය. 

ලබන නව වැනි දා එම්ආර්අයි පරීක්ෂණයකට යළිත් යුද හමුදා රෝහලට ගෙන ඒමට අවශ්‍ය යැයි කී හෙයින් ඒ සඳහා යොමු කරන ලෙස ද බන්ධනාගාර අධිකාරීට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අවශ්‍ය පරිදි ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස ද කියෝග කළේය.
 
මාධ්‍යවේදීන් කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා කිරීමේ සිද්ධියට සැකපිට මීට පෙර අත්අඩංගුවට ගත් ත්‍රිපෝලි යුද හමුදා කඳවුරේ බුද්ධි අනු කණ්ඩයේ අණ දෙන නිලධාරී මේජර් බුලත්වත්ත ඇතුළු පිරිසට එම අපරාධය සිදු කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට මේජර් ජනරාල්වරයා අත්අඩංගුවට ගත්තේය.
 
මීට පෙර රහස් පොලිසිය කළ ඉල්ලීමක් සළකා බැලූ අධිකරණය කරුණාසේකර මහතාගේ විදෙස් ගමන් ද තහනම් කර තිබිණි.  

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ ඒ මහතා විශ්‍රාම ගැනීමත් සමඟ ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක ලෙස පත් කරනු ලැබීය.
 



අදහස් (4)

කීත් නොයාර් සිද්ධියට අත්අඩංගුවට ගත් මේජර් ජනරාල් රිමාන්ඩ්

Aluthgama A. Samathasena. Friday, 06 April 2018 11:58 AM

ජාත්‍යන්තරයේදී පුවත්පත් කලාවේදීන් හඳුන්වන්නේ නිලනොලත් රජවරුන් හැටියටයි. එහෙත් අප රටේ හමුදාවේ ඉහල නිලයක් ලබපු සමහරුන් ඒවා දන්නේ නැත. ඔවුන් සිතන්නේ නිහතමානී උගත් මිනිසුන් නිවටයන් ලෙසටයි.

:       506       436

Sapumal.Sunday, 08 April 2018 09:19 AM

මෙයට අන්ලයික් රැසක් දමා ඇති අය සාධාරණ අය නම් වෙන්නට බැහැ. එසේත් නැතිනම්, කාගේ හරි මුදලකට එසේ කරනවා විය හැකියි. කෙසේ වෙතත් මේ අය ගැන පරීක්ෂා කළහොත්, රහස් පොලීසියට සමහරවිට වැදගත් තොරතුරු සොයා ගැනීමට හැකිවේවි !!!

:       0       0

Chanak Los angeles Friday, 06 April 2018 05:15 PM

රට මුදාගත්තා කියා පම්පෝරි ගහන පුද්ගලයෝ කර තිබෙන්නේ එසේ මෙසේ වැඩනම් නොවේ. මේවා එලියට එන නිසා තමයි අත්අඩංගුවට ගැනීම් වලක්වන්න උසාවි නියෝග අරගන්න හදන්නේ

:       187       138

Upul Saturday, 07 April 2018 04:48 AM

නිලයේ ගෞරවය රකිනවා වෙනුවට දේශපාලකයින් සතුටු කිරීමට යැමේ ප්‍රතිඵල...

:       12       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 582 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 72 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 249 1

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 703 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 232 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 294 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site