IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කතරගම මහ පෙරහර අද

(කතරගම එම්.කේ. නන්දසේන සහ කතරගම කේ.ඩී. දේවප්‍රිය)

රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ මංගල්‍යයේ අවසන් මහ පෙරහර අද (7) රාත්‍රියේ පැවැත්වේ.


දින 14 ක් තිස්සේ පෙරහර ගමන් ගත් මාර්ගයෙහි අද වෙනසක් සිදුවන අතර ඒ අනුව වත බැඳ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආරම්භවන පෙරහර දෙවැනි වාහල්කඩ දොරටුවෙන් පිටත්වී පළමුව ගමන් කරනු ලබන්නේ කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය වෙතය.

මහදේවාලයට එදා රජදවස වෙන්කර තිබෙන නිල අතර ප්‍රධානතම නිලය වන පිරිත් නිලය වෙන්කර තිබෙන්නේ කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයටය. ඇසළ පෙරහර මංගල්‍යයත් නිමා කිරීමෙන් පසු ඇතෙක් බරට වස්තුව (රන්, රිදී, මුතු, මැණික්,කහවනු) කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය වෙත පූජා කිරීම පුරාණයේදී සිදුකෙරුනු අතර එය සංකේතවත් කරමින් බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා විසින් වෙන්කරන ලද විශේෂිත පඬුරු මල්ලක් කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන් වෙත පූජා කරනු ලැබේ.

මෙහිදී නා හිමියන් විසින් පිරිස පංචශීලයේ පිහිටුවා විශේෂ අනුශාසනාවක් සිදුකිරීමට නියමිතය.
ඉන්පසු බස්නායක නිලමේවරයා සහ මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඩී.ඒ. පද්මකුලසූරිය මහත්මියද කිරිවෙහෙර උඩ මළුවේ සිට පෙරහර මංගල්‍යය කිසිදු අපල උපද්‍රවයකින් තොරව නිමා කිරීමට සහාය දැක්වූ කපුමහතුන්ටත් අකෙුත් කාර්ය මණ්ඩලයටත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සියලු සංවිධානයන්ටත් පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවටත් කෘතවේදීත්වය පිරිනමනු ඇත.

අනතුරුව පෙරහර එම මාර්ගය ඔස්සේ මහදේවාලය මළුව මැදින් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්වී පිටවීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගමන්කර චිරාගත පුදසිරිත් ඉටු කිරීමෙන් පසු ප්‍රධාන වීදිය ඔස්සේ මහදේවාලය වෙත ගෙවදීමෙන් අනතුරුව පෙරහර මංගල්‍යය නිමාවට පත්වන්නේය.

අද දිනය තුළ පෙරහර ගමන් මග දිග නිසා අලි ඇතුන් හා නර්ථන කණ්ඩායම් ඇතුළු විශේෂාංග වැඩි වශයෙන් පෙරහරට එක් කිරීමට නියමිතය.

හෙට (8) අලුයම මැණික් ගඟේ ජීවමාලි තොටුපල වෙත විශේෂ පෙරහරකින් ගමන් කර දිය කැපීමේ මංගල්‍යය සිදු කරනු ලබයි.

 



අදහස් (0)

කතරගම මහ පෙරහර අද

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 144 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 306 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1323 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 187 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 396 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 356 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site