IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කතරගම පොලිස් ස්ථානාධිපති ඉවත් කරන්න නියෝග


 
තරිදු ජයවර්ධන
 
කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් කේ උපාලි මහතා වහාම එම ධුරයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා යොදවන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට නියෝග කළේය.
 
කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයක් විමර්ශනය කිරීම ආරම්භ කළ බවත් එම පැමිණිලි සැලකිල්ලට ගෙන ඒ මහතා පොලිස් ස්ථානාධිපති ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කළ බවත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
 
මීට මාස තුනකට පමණ පෙර ද කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා එම තනතුරින් ඉවත් කර ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනත් පොලිසියක ස්ථානාධිපති ලෙස පත් කරන ලෙස උපදෙස් ලබා දුන්නත් එය ක්‍රියාත්මක නොවූ බව ද, මෙවර ඔහුට ස්ථානාධිපති ධුරයක් නොදී සාමාන්‍ය රාජකාරි සදහා යෙදවීමට තීන්දු කළ බව ද ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සදහන් කරයි.



අදහස් (5)

කතරගම පොලිස් ස්ථානාධිපති ඉවත් කරන්න නියෝග

සතයපාල Friday, 05 October 2018 02:15 PM

පොලිස් කොමිසමට අවනත නොවන පොලිස්පතිවරයෙක් තියාගෙන මේ ආණ්ඩුව කරන්නේ බලවත් වරදක්... එක්කෝ පොලිස්පතිවරයා ඉවත් කළ යුතුයි. එසේ නැතිනම් පොලිස් කොමිසමේ සමාජිකයින්ට ඉල්ලා අස්වෙන්න කියා නව කොමිසමක් පත්කළ යුතුයි. යහාපාලනය කියන්නේ එක එක්කෙනාට ඕනෑ විදියට රිලා නැටුම් නටන්න දෙන එක නොවේ කියලා මේ ජෝඩුවට තේරෙන්නේ නැති හැටි....

:       0       226

Perakum Friday, 05 October 2018 02:27 PM

මීට මාස තුනකට පෙර කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා එම තනතුරින් ඉවත් කර ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනත් පොලිසියක ස්ථානාධිපති ලෙස පත් කරන ලෙස දුන් උපදෙස් ක්‍රියාත්මක නොවූ බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි. එහෙනම් මොකටද ඔය නිවට කොමිසම...? මේ නියෝගයටත් වෙන්නේ ඒකම තමයි. නිකරුනේ මහජන මුදලින් නඩත්තු වෙන ආයතන තව කොපමණ ඇත්ද? කව්ද මේවට වගකියන්නේ?

:       0       189

OMG Friday, 05 October 2018 05:18 PM

පොලිසියට මහා අපල කාලයක් මේ.

:       0       19

K D DEWAPRIYAS Saturday, 06 October 2018 03:07 AM

කතරගමට වුණු ලොකු සේවයක්... කතරගම කුඩු ගංජා වලින් කතරගම පිරුණා.

:       0       40

arschfikaa Saturday, 06 October 2018 08:07 AM

වංචා, දූෂණ, හොරකම් ආදිය කරන සුරුට්ටු පොලිස්කාරයින් සේරමලාවම වහාම අස්කරලා ගෙදර යවන්න! එම ඉඩවලට උගත්, ශීලාචාර, දක්ෂ.... අයව පත් කරන්න !!

:       0       86

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 476 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 389 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 402 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 221 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 655 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1127 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site