IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කුඩා ජල විදුලි බලාගාර තැනීමට අයදුම්පත් 3500ක්

(අජිත්ලාල් ශාන්තඋදය)


ලංකාව පුරා පිහිටි ඇළදොළ ගංගා ආදියේ ජලය උපයෝගී කරගෙන කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාර තැනීම සඳහා අයදුම්පත් 3500ක් ඇතත් තව ඉදිකළ හැක්කේ කුඩා පරිමාණ විදුලිබලාගාර  75 ක් බව ශ‍්‍රී ලංකා සුනිත්‍ය  බලශක්ති අධිකාරියේ පුනර්ජනන බලශක්ති අධ්‍යක්‍ෂ අතුල ජයතුංග මහතා පවසයි.
 
 මේ වනවිට රත්නපුර, කෑගල්ල, නුවරඑළිය ඇතුලූ තෙත් කලාපිය කදුකර ප‍්‍රදේශ ආශ‍්‍රිතව කුඩා පරිමාන පෞද්ගලික ජල විදුලි බලාගාර වලින් සැලකිය යුතු මෙගවොට් ප‍්‍රමාණයක් ජාතික ජල විදුලි බල පද්ධතියට එක්වන බවද ඒ මහතා පැවසීය.
 
 කෙසේ වෙතත් 2015 වර්ෂයෙන් පසු කිසිදු කුඩා පරිමාන ජල විදුලි බලාගාරයකට  අවසර දී නැති බවද අතුල ජයතුංග අධ්‍යක්‍ෂවරයා රත්නපුරේ දී ජනමාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
 
 තාක්‍ෂණයේ හැරවුම් ලක්‍ෂයක් පැමිණිය හොත් බලශක්ති අර්බුදයක් ඇතිවනු ඇතැයි සැක පහළ කරන බව කී අතුල ජයසිංහ මහතා කුඩාපරිමාන ජල විදුලි බලාගාරයකින් නිපදවන විදුලිය මෙගාවොට් එකකට යන මිලත් ඞීසල් විදුලි බලාගාරයකින් මෙගාවොට් එකක් නිපදවීමට වැයවන මිලත් අතර ඇත්තේ විශාල පරතරයක් බවද පෙන්වා දුන්නේය.
 
 කුඩා ජල විදුලි බලාගාරයක් සඳහා අවසර දීමේ දී බලාගාරය ඉදිකිරිම සඳහා ඉල්ලූම්කරන ප‍්‍රදේශයේ වැසි ලැබීම් ඇතුලූ ස්වභාවික පරිසර පද්ධතියේ වසර දහයක ඉතිහාස තොරතුරු සැලකිල්ලිට ගන්නා බව ද කීවේය. ආයතන ගණනාවක නිර්දේශ ලබාගත් පසු කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ඉදිකිරිමට අනුමැතිය පුනර්ජනනීය බලශක්ති අධිකාරියෙන් ලබාදෙන බව ද කීවේය.
 
 එහෙත් ඇතැම් ප‍්‍රදේශවල සංවිධානාත්මක පිරිස් ආයෝජකයන්ගෙන් මුදල් බලාපොරොත්තුව විරෝධතා පවත්වා රටේ බලශක්ති අර්බූදයට පිළියම් ගෙනෙන කුඩා පරිමාන ජල විදුලි බලාගාර ඉදිකිරිමට බාධාකරන බව ද කීවේය.
 
‘‘මේවා කරන්නේ තණ්හාවට. අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව අපි කෙටි කාලයක් ඉවසමු. කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමේ කටයුත්ත ආරම්භ කරනවිට පියවරයන් ගණනාවක් පහුකලා ඇවිත් තියෙන්නේ.  අනුන්ගේ දේවල් ගැන සොයනනේ නැතුව, තණ්හාව, ආශාව, කුහකකම ඉවතලා වෙනවැඩක් බලාගමු’’ යැයි කීවේය.
 
කුඩා පරිමාණ ජල විදුලි බලාගාර සඳහා අවසර ලබාගත් අයට හෝ සමාගම් වලට අභිමත පරිදි පරිසර හානි සිදුකර ඒවා ඉදිකරන තෙක්  නිහඬව සිටිය යුතුද යැයි එවිට මාධ්‍යවේදීන් විමසුවේය. අතුල ජයසිංහ අධ්‍යක්‍ෂවරයා පැවසුවේ පරිසර හානියක් නොමැතිව කිසිම ව්‍යාපෘතියක් හෝ සංවර්ධන කටයුත්තක් කළ නොහැකි බවයි.
 
රත්නපුර සහ කෑගල්ල දිස්සත‍්‍රික්ක වල අවසර දී ඇති කුඩා පරිමාන ජල විදුලිබලාගාර ඉදිකිරීම සම්බන්‍ධයෙන් ස්ථාන ගණනාවකින් මේ වනවිට මහජන විරෝධයන් මතුව තිබේ.

සබැඳි පුවත්

https://tinyurl.com/yx9l67sa



අදහස් (9)

කුඩා ජල විදුලි බලාගාර තැනීමට අයදුම්පත් 3500ක්

ලුම්බිණි Monday, 01 April 2019 04:19 AM

මෙය ඉතාමත් අකාර්යක්ෂම ක්‍රමයක්. සම්පත් නාස්තියක්. පරිසරයට හානියක්. මේවා නැතුව හරියට විදුලිය නිපදවන ව්‍යාපෘතියක් පටන් ගන්න. මේක හැමදාම පායන කොට ලයිට් නැතිවන දැන දැනත් කරන අනුවන දෙයක්. වයි ෆයි, ඉන්ටර්නෙට් තිබුනට මදි. ලයිට් සහ වතුර හරියට සපයා ගන්න බැරි රටක් වීම ලැජ්ජාවට කරුණක්.

:       24       105

කල්පනා Monday, 01 April 2019 04:48 AM

සූර්ය බලශක්තිය මගින් මෙවැනිදේ ඇතිකල නොහැකිද

:       6       33

chinthaka Monday, 01 April 2019 05:20 AM

අතුල ජයසිංහ කියන ඊනියා බුද්ධිමතාට නොතේරෙන සත්‍ය නම්, පරිසරය විනාශකර ස්ථාපිත කරන බලාගාරයක් ස්වභාවික ජලය නොමැතිව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නය්

:       1       19

ajith Monday, 01 April 2019 07:56 AM

මේ අර්බුදයට හොදම විසදුමක් තමයි. රජයෙන් පහසු ගෙවීමේ ක්‍රමයට නිවාස වලට, විදුහල් වලට, පෞද්ගලික හා රජයේ ආයතන වලට සූර්ය කෝෂ ලබා දීම. ලංකාව වගේ හිරු එලිය වැඩි රටවල් වලට අඩු වියදමින් නොකඩවා විදුලිය ලබා ගැනීමේ හොදම ක්‍රමය මේක.

:       0       21

smnMonday, 01 April 2019 08:48 AM

Ajith මයාගේ යෝජනාව බෙහෙවින් වටිනවා.. මම එය ඉත සිතින්ම අනුමත කරනවා.

:       0       19

Amila Monday, 01 April 2019 08:34 AM

කුඩා ජලවිදුලි බලාගාර හොඳයි.. වහින කාලෙට. නමුත් පෑවිල්ල කාලෙට සෝලර් බලාගාර තමයි නියම විසඳුම...

:       2       3

anura Monday, 01 April 2019 12:33 PM

හොඳයි පහුගිය දවසක බඹර කන්ද දිය ඇල්ලටත් වැඩක් දීලා කියලා දැන ගන්නට ලැබුණා. දැන් ඉතිරි වෙලා තියෙන කුඩා දියඇලි ටිකටත් වැඩක් දුන්නාම ඔක්කොම සම්පූර්ණයි. ගේදොර නඩත්තු කරන්න බැරි සමහර බේබද්දනුත් ගෙදර බඩු මුට්ටු, ළමයි හා බිරිඳත් විකුණලා කොහොම හරි යැපෙන්න බලනවා...

:       1       15

himal Monday, 01 April 2019 02:38 PM

මෙතන ප්‍රතිචාර දක්වන සමහරු ගැටළුව තේරුම් අරගෙනවත් නෑ. ලංකාවේ තව දුරටත් මහා පරිමාණ ජල විදුලි බලාගාර හදන එක ප්‍රායෝගික නෑ. ඒකයි කුඩා පරිමාණ ජල විදුලි බලාගාර හදන්නේ. හරියට විදුලිය නිපදවන්න කතා කරන අයට මොකක්ද තියෙන යෝජනාව? සූර්ය බලශක්ති බලාගාරවලින් විදුලි පරිහෝජනය අධික රාත්‍රී කාලයට විදුලිය ගන්න බෑ වගේම වලාකුළු සහිත අහසක් ආවොත් නිෂ්පාදනය ඇණ හිටිනවා. විශාල විදුලි පරිභෝජනයක් (මසකට ඒකක 200 වගේ ඉක්මවන) තැනකට නම් දීර්ඝ කාලීන ආයෝජනයක් කියලා සෝලාර් පැනල ගන්න හැකියි. මොකද ආයෝජනයේ ප්‍රති ගෙවුම් කාලය වැඩියි. සෝලාර් පැනල වල...

:       12       3

රවිදු දිල්ශාන් Thursday, 27 May 2021 04:17 PM

පරිසර හානි අවම වන අකාරයෙන් අදාල ප්‍රමීතීන්ට අනුව ජල විදුලි බලා ගාරයක් ඉදිකිරීම් කල හැකි යෝග්‍ය ස්තානයක්, අප සතුව තිබෙනවා, ස්වභාව ධර්මයට හානියක් නොවන ලෙස හා බාහිර ගැටලු වලින් තොරවූ ස්ථානකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්නට යනවාද?’’
2024 අප්‍රේල් මස 19 25 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 90 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 458 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 803 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 270 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 243 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site