(තරිඳු ජයවර්ධන)
දියතලාව යුද හමුදා කඳවුරේදී ගෙල වැළලාගෙන මිය ගියැයි යුද හමුදාවෙන් කී ආධුනික කැඩෙට් නිලධාරියාගේ සිරුර දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා වසර දෙකකට පසු ලබන සඳුදා (13) යළි ගොඩ ගන්නා බව රහස් පොලිසිය කියයි.
කොළඹ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන්, අධිකරණ වෛද්‍ය විශේෂඥ එම් පී හේවගේ සහ රාගම අධිකරණ වෛද්‍ය විශේෂඥ හඳුන් විජේවර්ධන මහත්වරුන් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.
ලහිරු රංජන ප්‍රනාන්දු නම් එම කැඩෙට් නිලධාරියාගේ සිරුර තැන්පත් කර ඇති වැලිවේරිය සුසාන භූමියට හෙට (10) සිට පොලිස් ආරක්ෂාව යොදවන බව රහස් පොලිස් ආරංචි කියයි.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයකු වන ලහිරු රංජන 2015 ජුනි මාසයේදී දියතලාව කඳවුර තුළදී මිය ගියේය. මෙය සිය දිවි හානි කර ගැනීමක් බව යුද හමුදාව කියා තිබුණද මෙම සිදුවීමේදී අපරාධයක් වී ඇතැයි මරණ පරීක්ෂණයේ සාක්කි විභාගයෙන් පසු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට
මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර
දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.
මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කැඩෙට් නිලධාරියාගේ සිරුර වසර දෙකකට පසු ගොඩ ගනී
සෙනෙවි Friday, 10 March 2017 06:41 AM
විශ්ව විද්‍යාල වල නවක වධය ගැන තියෙන උනන්දුව හමුදාවල නවකයන්ට පුහුණු කාලයේ දී ලැබෙන වධ බන්ධන ගැනත් තිබුණා නං හොඳයි