IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කෝටි 9 ක ගජමුතු සමග අයෙක් අත්අඩංගුවට

( තිලකරත්න දිසානායක)

රුපියල් කෝටි නවයකට අලෙවි කිරීමට ගෙන ආ ගජමුතු 8ක් සමග 39 හැවිරිදි පුද්ගලයෙක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (5) දහවල් අත් අඩංගූවට ගනු ලැබීය.

හස්තියකුගේ දළයෙන් ලබා ගත් බව කියන ගජමුතු කිහිපයක් අලෙවි කිරීමට ඇති බවට හොරගොල්ල උද්‍යාන බාර නිලධාරී රෝහණ ප්‍රදීප් මහතාට ලැබී ඇති රහසිගත තොරතුරක් මත මෙම වැටලීම කර ඇත.

එම ගජමුතු මිලදී ගන්නා මුවාවෙන් ගම්පහ මිරිස්වත්ත - වතුරුගම මාර්ගයේ නියම කරගත් ස්ථානයකට විකිණුම්කරු ගෙන්වා ගෙන තිබේ.

එම ගජමුතු රුපියල් කෝටි නවයකට අලෙවි කරන බවට විකුණුම්කරු ගැණුම්කරුවන්ට පවසා ඇත.

ධනවත් ව්‍යාපාරිකයකුගේ නියෝජිතයකු ලෙස පෙනී සිටි රෝහණ මහතා මුදල් සියල්ල එකවර ලබාදෙන බව පවසමින් ක්‍රමයෙන් ගජමුතුවල මිල අඩුකරමින් රුපියල් කෝටි හතර හමාරකට මිල තීන්දු කර ධනවතාට ඒ බව දැනුම් දෙන අන්දමට ඇමතුමක් ලබා දී ඇත.මේ අනුව ධනවත් ව්‍යාපාරිකයා හමුවීමට සඳහා යාමට විකුණුම්කරු වාහනයකට නංවාගෙන ගම්පහ වනජීවී කාර්යාලය වෙත පැමිණ තිබේ.

මේ සමග ඉපැරණි පුරාවිද්‍යා සලකුණක් සහිත ගල් මංජුසාවක්ද තිබී ඇත. වතුපිටිවල  රුග්ගහවිල ප්‍රදේශයෙහි පදිංචිකරුවකු බව කියන සැකකරුගෙන් මේ පිළිබදව ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ගෙවත්තෙහි වලක් හාරමින් සිටියදී මෙම මංජුසාව හමුවු බවත් ඒ තුළ ගජමුතු තිබු බවත් ය.



අදහස් (9)

කෝටි 9 ක ගජමුතු සමග අයෙක් අත්අඩංගුවට

akila Thursday, 05 October 2017 11:10 AM

ඉතින් ගෙවත්තේ තිබිල හම්බ උනානම් එක ඒ මනුස්සයටනේ අයිතිය.

:       1       1007

jayampathi Thursday, 05 October 2017 11:52 AM

ඇත්තට මට මේ නීතිය තේරුම් ගන්න බැ. මේක නීති විරෝධී කටයුත්තක් වෙන්නේ කොහොමද ? වෙන රටවල්වල මෙවැනි දේවල් සහ පුරාවස්තු ප්‍රසිද්දියේ වෙන්දේසි කරනවා.

:       0       86

srimala Thursday, 05 October 2017 11:56 AM

හදිස්සියෙන් වත් අපේ වත්තේ තිබිල මැණික් ගලක් හම්බ වුනොත් මොකද කරන්නේ ? පොලිසියෙන් අල්ලයිද ?

:       0       232

terrance Thursday, 05 October 2017 12:05 PM

දැන් ඉතින් මේවට මොකද කරන්නේ?

:       0       47

ලාල් Thursday, 05 October 2017 01:21 PM

ඇත්තටම කිව්වොත් ගජමුතු කියලා දෙයක් නැහැ.විශේෂයෙන්ම අලි ඇතුන් ගැනම පරියේෂණ කරන සත්ව විශේෂඥයන්ගෙන් ඇහැව්වොත් මේක පැහැදිලි කරයි. ලෝකේ සමහර රටවල් ඉන්නවා ඒ රටවල් ඉන්න අලින්ගෙන් සීයට 90 කට වඩා දල පිහිටලා තියෙනවා. එහෙත් එම රටවල වත් ගජමුතු කියල දෙයක් නැහැ. ලංකාවේ අලින්ගෙන් සීයට 5 කටත් වඩා අඩු ප්‍රමාණයක තමයි දල පිහිටලා තියෙන්නේ. ඒකෙත් ගජමුතු මෙහෙම තියෙනවා නං අර අනික් රටවල් වල කොහොම තියෙන්න ඕනිද?

:       268       46

Fernando Thursday, 05 October 2017 05:32 PM

පාරෙ යන මනුස්සයෙක් ගෙනත් දුන්න මැණික් බෑග් එක වගේ මේක අයිති ඒ මනුස්සයටයි

:       1       74

හෂාන් Thursday, 05 October 2017 11:26 PM

ගෙවත්තේ තිබිල හම්බ වුණා නම් එ්ක ඒ මනුස්සයට අයිතිය කියන්නේ මේ හැමෝම, එ් මනුස්සය වත්තෙන් එම ගල් මංජුසාව හමු වුණෘ කියන එක විස්වාස කරනවද?

:       0       2

ලුම්බිණි Friday, 06 October 2017 03:10 AM

ගජ මුතු යනු හිඩැස් සහිත ඇත් දල තුල කැඩී ගිය කුඩා දල කැබලි දිගුකාලයක් තුල එහා මෙහා සෙලවීම තුලින් රවුන් බවට පත් වූ කැබලි පමණි. මේවා රවුන් වී ඇත්තේ බොහෝ කාලයක් තුල සලිත වීම තුලිනි. කිසිම වටිනා කමක් නැත.

:       3       114

lal Friday, 06 October 2017 06:41 AM

මේවා සත5 කට වටින්නේ නැති ගල් ...... මේවා අපරාදේ කාලේ

:       0       59

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 299 0

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 148 0

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 1215 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 590 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 310 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 913 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site