IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කොටි කාලේ බෝම්බ නෙත්තිරිආරු ඇළෙන් මතුවෙයි

(සිතුම් චතුරංග)

එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් මුලතිව්,පුදුකුඩිරිප්පු නෙත්තිරිආරු ඇළෙහි සඟවා තිබූ  අත්බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් පෙරේදා (26) සවස සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

ජලය කාන්දු නොවන සේ පොලිතීන් යොදා ආවරණය කළ පී.වී.සී බට පහක් තුළ සඟවා තිබූ අතර නැවත භාවිතයට ගැනීමේ අරමුණින් ත‍්‍රස්තවාදීන් ඇළ තුළ මෙලෙස පුපුරණ ද්‍රව්‍ය සඟවන්නට ඇති බවට සැක පළ කරයි.

සොයාගත් පුපුරණද්‍රව්‍ය අතර විදේශරටක නිශ්පාදිත ‘මිස් 36’ වර්ගයේ අධි බලැති අත්බෝම්බ 14 ක් , බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා ෆියුස් 12 ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

කිලිනොච්චිය පොලිසිය පැවසූයේ සොයාගත් බෝම්බ ඉන්දියානු ආරක්ෂක අංශ විසින් බහුලව භාවිතා කරන බෝම්බ වර්ගයක් බවත් ත‍්‍රස්තවාදීන් සූක්ෂමවත් ලෙස දිරාපත් නොවන අයුරින් සඟවා තිබු බවයි.

කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝගයක් මත පුපුරණ ද්‍රව්‍ය කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නිශ්ක‍්‍රිය කරනු ලැබීය.



අදහස් (3)

කොටි කාලේ බෝම්බ නෙත්තිරිආරු ඇළෙන් මතුවෙයි

lalithsjm Monday, 27 March 2017 07:13 AM

අවුලක් නැහැ ආයෙමත් කොටි එන්නේ නැහැනේ.

:       6       2

sarath Monday, 27 March 2017 08:30 AM

මොන බොරුද ..කොටි බෝම්බ පුපුරා හරියේ නැහැනේ .දෙමල කොටි හරි අහිංසකයි .නපුරු කොටි ඉන්නේ කැලේ.

:       0       24

menna Monday, 27 March 2017 01:23 PM

ජිනීවා වලට පෙන්නන්ඩ තියෙන්නේ තවමත් අපි විදවනවා තියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 275 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 792 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2069 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2307 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 680 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 294 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site