IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොටි කොඩි-නිල ඇඳුම් රැගෙන යමින් සිටි පිරිසක් අත්අඩංගුවට

   
                      
රොමේෂ් මධුෂංඛ      

                              
මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක්, කොටි සංවිධානයට අයත් කොඩියක් සහ බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බවට ඔඩ්ඩුසුඩාන් පොලීසිය පවසයි.


ඔඩ්ඩුසුඩාන් පේරාරු මංසන්ධිය ප්‍රදේශයේ දී මාන්කුලම් පොලීසියට අයත් රථවාහන පොලිස් නිලධාරීන් පිරිසක් මුර සේවයේ යෙදී සිට ඇති අතර එම අවස්ථාවේ දී පැමිණි ත්‍රී රෝද රථයක් පරික්ෂා කිරීමට යාමේදී ත්‍රී රෝද රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පසුව රථවාහන පොලිස් නිලධාරීන් විසින් අදාළ ත්‍රී රෝද රථය ලුහුබඳින අවස්ථාවේ දී එහි සිටි එක් අයකු පලා ගොස් ඇති අතර ත්‍රී රෝද රථයේ රියදුරු හා තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට රථවාහන පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත.


පසුව අදාළ ත්‍රී රෝද රථය පරික්ෂා කිරීමේදී කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද නිල යුද ඇඳුමක්, කොටි සංවිධානයේ කොඩියක්, ක්ලේමෝ බෝම්බයක් , අත්බෝම්බ තොගයක් ඇතුළු යුද උපකරණ තොගයක් තිබී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත.


කෙසේ නමුත් යුද සමයේදී කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද මෙම යුද උපකරණ නැවත මෙලෙස රැගෙන යාම පිළිබඳව ආරක්ෂක අංශ වල දැඩි අවධානයකට යොමුව ඇති අතරම ත්‍රී රෝද රථයේ සිට පලා ගිය සැකකරු ද අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ සිටින සියලුම පොලිස් නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් එක්ව අද (22) අලුයම සිට පුළුල් සෝදිසි මෙහෙයුමක් මේ වන විට ආරම්භ කර තිබේ.

 



අදහස් (10)

කොටි කොඩි-නිල ඇඳුම් රැගෙන යමින් සිටි පිරිසක් අත්අඩංගුවට

jayath Friday, 22 June 2018 05:46 AM

කව්රුවත් නිකන් බොරුවට කලබල වෙන්න ඕන නැහැ මේ ය මේ අයගේ ළමයින්ට කොටි කියල කට්ට්ටියක් හිටිය එයාල මේවා තමයි පාවිච්චි කලේ කියල පෙන්නන්න ගෙනියන්න ඇති නැතුව මේ සන්හින්දියව කලේ කොයින්ද අනේ කොටි !

:       825       971

Aka Friday, 22 June 2018 07:08 AM

නාට්‍යයක් පෙන්වන්න වෙන්න ඇති අනේ...

:       67       113

sisira Friday, 22 June 2018 07:12 AM

ජාතික ආරක්ෂාව සුරකින බව කියන අයට දැන්වත් ඇස් ඇරෙයි කියලා හිතනවා. අසූගණන් වලත් මේ විදියට හෙමිහිට තමයි පටන් ගත්තේ..

:       0       196

Duranga Bandara Friday, 22 June 2018 07:46 AM

ඔය කොහේ හරි කෞතුකාගාරයකට අරන් යන අහිංසක කොටියෙක් වෙන්න අැති...

:       132       135

Hafeel Friday, 22 June 2018 07:48 AM

මෙයලාටද රාජිතයි, ස්වාමිනාදනුයි වන්දි දෙන්නයි කිව්වේ?

:       59       244

Giripura Friday, 22 June 2018 07:58 AM

මේ වගේ මෘග, අධම, දුෂ්ඨ රැලකටද වන්දි ගෙවන්න, ආධාර දෙන්න අපේ පාලකයෝ වලිකන්නේ?

:       0       144

Ranga Friday, 22 June 2018 08:01 AM

මං හිතන්නෙත් මේක වැරදි වැටහීමක් කියලයි... ඒ ළමයි ඉස්කෝලෙ ප්‍රොජෙක්ට් එකකට ගෙනිච්ච බඩු වගයක් අහුවෙලා.. ඒ ළමයි හරිම සංහිඳියාවෙන් ජීවත් වෙන්නේ... ලඟදි ගමකට පැන්න දිවියෙක්වත් ඔලුව අත ගගා කකුල් අතගගා කරවල් උඩ තියාගෙන ආදරෙන් ගෙනියනව දැක්කේ... ඒකට අපේ අය ..කරොත් කරන්නේ නොසණ්ඩාල වැඩතමයි...

:       173       470

KANDEPOLA Friday, 22 June 2018 09:29 AM

ඊළාම් සංකල්පය ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවගේ ආකල්ප වල සැලකිය යුතු වෙනසක් සිදු කිරීමට සමත් වෙලා තියෙනවා. එම තත්ත්වය හුදෙක් 'සංහිඳියාව' කියන වචනෙන් සමනය කරන්න බෑ. ඊට එහා ගිය ප්‍රායෝගික වැඩ පිළිවෙලක් වගේම, අවංකව ඊට කැප වුන පිරිසකගේ මැදිහත්වීම අවශ්‍යයි.

:       0       0

lalithsjm Friday, 22 June 2018 10:20 AM

මේ මහත්වරුන්ට මොකුත් කියන්න එපා. රාජිතට තරහ යයි. උන්නාන්සේගේ දරුවොනේ...

:       1       129

kalani Friday, 22 June 2018 12:16 PM

නියපොත්තෙන් කඩා දැමිය හැකි දෙයක් මහගසක් වෙනකම් බලා ඉන්න එපා. අළු යට ගිනි...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1704 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 845 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 695 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 339 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 594 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 539 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1405 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site