IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කටුනායක ගුවන්තොටේ ආගමන විගමන කටයුතු තවත් කඩිනම් කරන්න පියවර

කටුනායක ගුවන් තොටුපොලෙහි  ආගමන විගමන කටයුතුහි ප්‍රමාදය වළක්වා ගැනීම වෙනුවෙන්  පියවර කිහිපයක් මේ වන විට ක්‍රියාත්මක කිරිමට සැළසුම් කර  ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.


ඒ අනුව ආගමන හා විගමන සහ රේගු නියාමන කටයුතුවලට අදාලව මඟ පෙන්වන්නන් ගුවන් තොටුපොළෙහි විවිධ ස්ථාවනවල  යෙදවීමටත් , උපදෙස් දැන්වීම්,  විද්‍යුත් වර්ණ සංඥා ගුවන් තොටුපොළේ අවශ්‍ය ස්ථානවල සවි කිරීමටත්  විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා  උපදෙස් ලබා දී ඇති අතර අවශ්‍ය වන්නේ නම්  තම අමාත්‍යාංශය යටතේ ඇති ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමෙන් අවශ්‍ය සහාය ලබා ගන්නා ලෙසත්  අදාළ අංශ දැනුම්වත් කර තිබේ.


 මේ ක්‍රියා මාර්ගය තුළින් ආගමන විගමන කටයුතුවල ප්‍රමාදය අවම කර ගුවන් මගීන්ට වැඩි පහසුකම් සැපයීම අපේක්ෂා කරන බවද අමාත්‍යංශය සඳහන් කරයි.


මෙය දීර්ඝකාලීන විසඳුමකට යාමට මත්තෙන් එම කටයුතු සාර්ථක කර ගැනීමට තාවකාලික පියවරක් පමණක් බවත්  අමාත්‍යංශය සඳහන් කරයි.


මෙම  කෙටි කාලීන විසඳුම් තාවකාලික බවත් ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා  දීමට අවශ්‍ය  සැලසුම් වහා සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, එමෙන්ම  දියුණු තාක්ෂණික මෙවලම් මේ සඳහා එක් කරන ලෙසත්  ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා  අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී   තිබේ.

(36698)



අදහස් (7)

කටුනායක ගුවන්තොටේ ආගමන විගමන කටයුතු තවත් කඩිනම් කරන්න පියවර

පිටිගල මිලානෝ Thursday, 31 January 2019 11:11 AM

ආගමන විගමනයට සහ රේගුවට හමුදා නිලධාරින්ද අනුයුක්ත කිරීම කාලෝචිත බව මගේ අදහසයි.

:       0       0

yaha Thursday, 31 January 2019 11:14 AM

ඇත්තටම හොඳ වැඩක්. තව එකක් තමා ඔය ඕකේ වැඩ කරන අපේ ලාංකික අයගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ. ඒ අය සමහරු දිහා ඊරිසියාවෙන් බලනවා වගේම, සමහර මිනිසුන්න්ට නරක විදිහට සලකන්නත් පුරුදු වෙලා ඉන්නේ. ආයේ ඔය විදේශ සේවා එකේ අය ඕකෙන් අයින් කරන්න ඕනේ. වෙනම තැනක තියන්න ඕනේ. ඒ වැඩේ සල්ලි ගරාගන්න වැඩක් වෙලා ඉවරයි. ආයෙත් අපේ තියෙන්න මහා ජරාම DUTY FREE ෂොප් ටිකක්.. ටිකක් පිළිවෙලක් ඇතුව ලස්සනට හොඳට දාන්න.. ජාවාරම්කාරයෝ එලියට දාන්න. හැබැයි ආගමන විගමන නිලදාරීන් නම් හොඳා. රේගුව නම් දන්නේ නැහැ මිනිස්සු පිටරට ගිහින් කොච්චර දුක් විඳලා කීයක් හරි හම්බ කරගෙනද එන්නේ කියලා.. සල්ලි කඩා ගන්න ඉන්නේ.

:       0       3

ajith Thursday, 31 January 2019 12:00 PM

මම ගිය සතියේ විනාඩි 30 කට වැඩියෙන් ආගමන කවුන්ටරයේ හිටිය. කවුන්ටරයේ ඉන්න අය වැඩ කරන්නේ හීනෙන් වගේ. වැසිකිලි වලට යන්න බෑ අපිරිසිදුයි. අඩුම ගානේ ලගම තියන සිංගප්පුරු ගුවන් තොටුපලටවත් ගිහින් බලලා ඉගෙන ගන්න.

:       0       0

Sisili Bisili Thursday, 31 January 2019 01:49 PM

දුරකථන app එකක් හඳුන්වා දෙන්න, ගුවන් තොටුපොළේ විස්තර සහිතව. සජීව ගුවන් ගමන් යාවත්කාලීන කිරීමක් සිදු කරන්න. අදහසක් පමණයි.

:       0       0

de silva berlin Thursday, 31 January 2019 04:44 PM

ඔකේ ඇතුලේ මග පෙන්වන්නෝ අවශ්‍ය වන්නේ නැහැ , එහෙම පුද්ගලයෝ දැම්මොත් හොර ජාවාරම් වැඩි වෙනවා ඇරෙන්නේ වෙන දෙයක් සිදු වන්නේ නැහැ ,

:       0       0

Indhika Friday, 01 February 2019 02:26 AM

හොද වැඩක්. තවත් කරන්න වැඩ තියෙනවා. මම ගිය දෙසැම්බර් ලංකාවට ආව වෙලේ ඉමිගිරේෂන් එකෙන් එලියට එන්න පැය දෙකක් ගත වුණා. එච්චර සෙනග ඉද්දී කවුන්ටර් වලින් බාගයක් වහල තිබ්බේ.

:       0       0

de silva berlin Friday, 01 February 2019 03:08 AM

කටුනායක ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරතවන නිලධාරීන් බොහෝවිට රාජකාරියට වාර්තා කළ පසු තම ආසනවල නොසිට ගුවන්තොටුපලේ රස්තියාදු ගසමින් සහ විවේක කාමරවල රැදී සිටිමින් කාලය ගත කරන්න පුරුදු වෙලා තිබෙනවා , ඔවුන් තම ආසනවලට පැමිණෙන්නේ බොහෝවිට පෝලිම් දිගු වුණාට පස්සේ , රාජකාරියට වාර්තාකරණ නිලධාරීන් තම ආසනවල ඉඳගෙන ඉන්නවනම් කිසිම ප්‍රශ්නයක් නැත වැඩේ ලස්සනට සිදු වේවි ,

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 79 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 50 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 71 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 212 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2644 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 230 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site