IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කොට්ටාව ධර්මපාලයේ අලුත් විදුහල්පතිට විරෝධය

(තරිඳු ජයවර්ධන)

කොට්ටාව ධර්මපාල විද්‍යාලයට අලුතින් පත් කළ විදුහල්පතිවරයා අද (17) වැඩ බාර ගැනීමට පැමිණීමත් සමඟ පාසලේ නොසන්සුන්තාවක් ඇති විය. එම නොසස්සුන්තාව පාලනය කිරීමට පොලිසිය කැඳවීමට සිදුවූ බව ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයයේ ආරංචි මාර්ග කියයි.

පාසලේ විදුහල්පති පුරප්පාඩුව පිරවීමට පැවැත්වූ සමූඛ පරීක්ෂණයෙන් පළමු වැනියා වූ නිලධාරියා කපා දමා දෙවැනියා වූ නිලධාරියා පත් කළැයි කියමින් කොට්ටාව ධර්මපාල විද්‍යාලයයේ සිසුහු පිරිසක් හා දෙමාපියෝ පිරිසක් විරෝධතා දැක්වූහ.

මීට සතියකට පමණ පෙර ද මෙම විදුහල්පතිවරයා වැඩ බාර ගැනීමට එතියි ලද තොරතුරු අනුව සිසුහු සහ දෙමාපියෝ විරෝධය පළ කළහ.නව විදුහල්පතිවරයා රාජකාරි ආරම්භ කිරීමෙන් පසු ඔහු පාසලෙන් පිටව ගිය බව කලාප අධ්‍යාපන කාර්යාලයයේ උසස් නිලධාරියෙක් පැවසීය.

 මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය කියනුයේ විදුහල්පතිවරයකු තෝරා ගැනීම සඳහා  පැවැති සමූඛ පරීක්ෂණය දේශපාලන බලපෑම් මත සිදු වූ බවයි. මේ ගැන පසුගිය 13 වැනි දා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට දැනුම් දුන් බව ද, වැඩ බලන විදුහල්පති ලෙස කටයුතු කළ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියා තාවකාලිකව එම විදුහලේ විදුහල්පති ලෙස පත් කිරීමට ආණ්ඩුකාරවරයා එකඟ වූ බව ද ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි. එසේ තිබියදී වෙනත් පුද්ගලයකු විදුහල්පති ලෙස පත් කර ඇතැයි ඔහු සඳහන් කරයි

කොට්ටාව ධර්මපාල විද්‍යාලයයේ විදුහල්පති පත් කරද්දී දේශපාලන මැදිහත්වීමක් කළ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගෙන් කළ විමසීමක දී ඔහු කීවේ ඒ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.නව විදුහල්පතිවරයා තමාගේ කිසිවකු නොවන බවත්, ඔහු උපාධි හතරක් ඇති උගතකු බවත් කී දේවප්‍රිය මහතා ඔහු නීත්‍යනුකූලව වැඩ කරන විදුහල්පතිවරයකු බව ද සඳහන් කළේය. නව විදුහල්පතිට එරෙහි උසිගැන්වීම් පිටුපස දේශපාලන බලවේග මෙන්ම හිටපු විදුහල්පතිවරයකු සහ කැපුණු විදුහල්පතිවරයකුද සිටිය හැකි බව ද මහ ඇමැතිවරයා පැවසීය. 



අදහස් (4)

කොට්ටාව ධර්මපාලයේ අලුත් විදුහල්පතිට විරෝධය

deebi Friday, 17 March 2017 12:03 PM

වසර කීපයකට පෙරනම් විදුහල්පතිවරයෙක් එනකොටම කිසිවෙක් විරුද්ද වන්නේ නැහැ. ආවට පසු හොඳ නැත්නම් අදක්ෂ නම් තමයි විරෝදතා එන්නේ.

:       3       311

akila Friday, 17 March 2017 12:25 PM

සම්මුක පරීක්ෂණයකින් පළවෙනිය තෝරනවා කියල ඇහුවමයි . මේක කාටහරි කඩේයන අයගේ උසි ගැන්වීමක් වගෙයි

:       5       225

sudath Friday, 17 March 2017 02:30 PM

එන්න පෙරම ඔහු ගැන දන්නවනම්, හොඳ නැත්නම්, එන්න පෙර විරුද්ධ වෙන එක තමයි හොඳ. මට ආරංචි විදිහට මහරගම පැත්තේ කුඩා ඉස්කෝලෙකින් මෙයා එන්නේ. එයාට ඒ ඉස්කෝලෙවත් පාලනය කරගන්න බැරුව ඉඳල තියෙන්නේ. කොට්ටාව ධර්මපාලය වගේ ළමයි ගොඩක් ඉන්න පාසලකට මෙයාට වඩා සුදුසු කෙනෙක් ඕන. වැඩ බලන විදුහල්පති ලෙස කටයුතු කළ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියා ඉතා හොඳින් කටයුතු කර ඇත. ඔහුගේ සේවය දිගටම ලැබෙන්නේ නම් ඉතා අගනේය.

:       0       0

mahee Saturday, 18 March 2017 01:14 AM

ගුරුන්නාන්සේලා ටික ළමයි ටිකත් උසි ගන්න ගෙන ධර්මපාලය වනසන්න හදනවා වගෙයි.

:       0       36

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 0 0

චිත්‍රපටයක් නිෂ්පාදනය සඳහා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක් වංචා කළැයි විශ්වාසය කඩකිරිමේ චෝදනාව යටතේ හිටපු උපකාරක පන්ති ගුරුවරයකු වූ උපුල් ශාන්ත සන්


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 3 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 0 0

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 541 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 185 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 252 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site