IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කොචින් ගුවන්තොට වසා තිබුණත් ශ්‍රී ලන්කන් මගීන්ට අමතර පහසුකම්

දකුණු ඉන්දියාවේ කොචින් නගරයෙහි දැනට පවතින ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන්  18 වැනිදා තෙක් වසා දැමුණු  කොචින් ගුවන්තොටුපොළ ලබන 26  වැනිදා තෙක් තව දුරටත්  වසා දැමීමට ගුවන්තොටුපෙළ බලධාරීන් කටයුතු කර තිබේ.

මේ  හේතුවෙන් මගීන්ට මුහුණපෑමට සිදුවන අපහසුතාවයන් අවම කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම  විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර  ඇත.

මේ අනුව කොචින් සිට කොළඹට පැමිණීමට ගුවන් ප්‍රවේශපත් වෙන්කරවා ගත්  ගුවන් මගීන්ට ශ්‍රීලංකන් මෙහෙයුම් සිදුකරන ත්‍රිවේන්ද්‍රන් හරහා හෝ දකුණු ඉන්දියාවේ වෙනත් ඕනෑම ගමනාන්තයක් හරහා තම ගුවන් සංචාරය සිදුකිරීමට අවස්ථාව සලසා දී  තිබේ. 

ඒ සඳහා කිසිදු අමතර අයකිරීමක් නොමැති බවද  ගුවන් සමාගම ගුවන් මගීන්ට දැනුම් දී තිබේ.  මීට අමතරව, කොළඹ සිට කොචින් දක්වා පියාසර කිරීමට නියමිත මගීන් සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය මෙහෙයුම් සිදු කරන දකුණු ඉන්දියාවේ  ත්‍රිවේන්ද්‍රන් හෝ වෙනත් ඕනෑම ගමනාන්තයක් වෙත පියාසර කිරීමට පහසුකම සලසා දී ඇත. 

ශ්‍රීලංකන් ගුවන් සමාගම ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රන් සහ කොළඹ අතර අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා තාවකාලිකව ගුවන් ධාරිතාව වැඩි කිරීමටද කටයුතු යොදා ඇතැයිද  ගුවන්තොටුපොළ ආරංචි කියයි. 

මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ගුවන් මගීන්ට මුහුණදීමට සිදුවූ අපහසුතාවය පිළිබඳව කනගාටු වන බවද  ගුවන් සමාගම පවසයි.

ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොචින් වෙත දිනපතා ගුවන් සේවා පහසුකම් සැපයීම ආරම්භ කරන අතර  මෙම ආපදා තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු කොචින් ගුවන් තොටුපළ බලධාරීන්ගෙන් ලබාගැනීමට නියමිතය.
 
කොචින් සහ කොළඹ අතර ගුවන් ගමන් සිදුකරන ගුවන් මගීන්, පහත දැක්වෙන දුරකථන අංක මගින්  ශ්‍රීලංකන්  ගුවන් සමාගම හා සම්බන්ධ විය හැක. 
ශ්‍රී ලංකාව– 197 ඉන්දියාව - කොචින් ගුවන් තොටුපළ  ශ්‍රීලංකන්  කාර්යාලය (91)4842611313 කොචින් ශ්‍රීලංකන්  කාර්යාලය - (91)4842362042

වැඩිදුර තොරතුරු  සඳහා  www.srilankan.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. 

(36698)
 

 



අදහස් (0)

කොචින් ගුවන්තොට වසා තිබුණත් ශ්‍රී ලන්කන් මගීන්ට අමතර පහසුකම්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 298 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 839 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2187 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2434 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 715 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 302 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site