IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොකේන් කිලෝ 769 ක් විනාශ කිරීම ඇරැඹේ

(ඩයනා උදයංගනී)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින්  පසුගිය වසර තුන තුළ මෙරටදී අත්අඩංගුවට ගත් රුපියල්  මිලියන 10935 කට අධික වටිනාකමකින් යුත් කොකෝන් මත්ද්‍රව්‍ය කිලෝ 769 ක් සහ ග්‍රෑම් 464 ක  ප්‍රමාණයක් විනාශ කිරීමේ කටයුතු කැලණිය ගෝනවල පිහිටි ඩී.එන්.එස් ගබඩා සංකීර්ණ පරිශ්‍රයේ දී මේ වන විට ආරම්භ වී තිබේ.

මෙම කොකේන් ඔරුගොඩවත්ත, කැලණිය පෙතියාගොඩ සහ රත්මලාන යන ප්‍රදේශයන්ගෙන් අත් අඩංගුවට ගත් ඒවා වේ.

එම කොකේන් ජලය ලීටර් 4000 ක් තුළ දියකිරීම සිදුකරන අතර පසුව  පුත්තලමේ පිහිටි  සිමෙන්ති කර්මාන්ත ශාලාවක් වෙත ගෙනගොස් එහි ඇති උදුනක් තුළ දී  සෙලසියස් අංශක 1800 ත් 2000 ක උෂ්ණත්වයක් යටතේ   පුළුස්සා විනාශ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතාගේ පුර්ණ අධීක්ෂණ යටතේ මෙම ක්‍රියාවලිය ආරම්භ කෙරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම කටයුතු නිරීක්ෂණය සදහා පැමිණීමට නියමිතය.

2016, 2017 යන වසර වල අත්අඩංගුවට ගෙන ඇති මෙම  කොකේන් තොගය අධිකරණ වෙත ඉදිරිපත් කර අධිකරණ ක්‍රියාවලියෙන් පසු මෙලෙස විනාශ කිරීම  සිදුවේ.

මේ සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාවරියගේ අවසරය මත  සාම්පල් පරීක්ෂාවක් සිදුකර ඇති අතර මෙම සියලු ක්‍රියාවලිය පරිසරයට කිසිදු හානියක් සිදු නොවන අයුරින් වායු වශයෙන් පරිසරයට මුදා හැරෙන  බව  පොලිසිය පවසයි.

මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ඇති ඉන්සී එකෝසයිකල් නැමති ආයතනය මගින් කොකේන් දිය කිරීමේ කටයුතු සිදුකෙරිණ.

මෙම  අවස්ථාවට  අන්තරායකර ඖෂධ  පාලන මණ්ඩලය, පරිසර අධිකාරිය ද , පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ  නිලධාරීහු ද එක්ව සිටිති.

 ( ඡායාරූප -ලහිරු හර්ෂණ)

 



අදහස් (33)

කොකේන් කිලෝ 769 ක් විනාශ කිරීම ඇරැඹේ

isurandi Monday, 01 April 2019 04:51 AM

මේවා රට තුලට ගෙනා අයව විනාශ කරන්නේ කවද්ද?

:       0       242

Thushara Monday, 01 April 2019 05:28 AM

අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු. ඔය ටික නැති බැරි මිනිස්සුන්ට බෙදලා දුන්නනම් මොකද වෙන්නෙ

:       353       213

NissankaMonday, 01 April 2019 06:13 AM

අයි රොටි පුච්චලා කන්නද? කිරි පිටි වෙනුවට දිය කරලා බොන්නද?

:       0       220

chandimaTuesday, 02 April 2019 01:27 AM

එකනේ තුෂාර, ගෙනාපු උන්ම අල්ලලා ප්‍රති අපනයනය කලානම් රටම ගොඩනේ?

:       0       0

Raveendra Monday, 01 April 2019 05:41 AM

" රටක්, ජාතියක් මෙන්ම තරුණ පරපුර විනාශ කිරීමට සුක්ෂම ලෙස අර අදින අන්තවාදී පරයන්ගේ " ක්‍රියාවන් වැලැක්වීමට ඔබ සැම ගන්නා උත්සාහය අප හදවතින්ම අගය කරන්නෙමු.

:       8       245

maaraya Monday, 01 April 2019 05:53 AM

අද දුම් ගහල සමහර පැතිවල අය සූර් වෙලා ඉඳි

:       4       116

Nissanka Monday, 01 April 2019 06:17 AM

දැනටමත් මේවා පාන්පිටි වෙලාද දන්නේ නැහැ. කැලණිය පැත්තෙනේ තිබිලා තියෙන්නේ?

:       34       254

Vajira Monday, 01 April 2019 06:21 AM

මේ ජරාව ගෙන්නන්න වියදම් කරලා තියෙන්නේ කෝටි අටසීයක් විතර රටේ සල්ලි නේද?. ඉතින් විනිමය අනුපාතය බහින්නේ නැතිවෙයිද?

:       0       44

Lashan Monday, 01 April 2019 06:32 AM

කිලෝ 750ක් පේන්න නෑ

:       120       76

BAGALAWATHI Monday, 01 April 2019 07:02 AM

අපරාදේ, ඔය ටික විද්‍යාලන්කරට දුනනම් යහපලනෙට සල්ලිටිකකක් හොයාගන්නවා.

:       62       160

රොමියෙල් අප්පුහාමි Monday, 01 April 2019 07:05 AM

එතකොට හිටපු අගමැතිවරයෙක්ගේ කවුදෝ ගෙනාපු කන්ටේනර් ගණන් ඒවාට මොකද වුනේ? ඒවා කොකේන් නොවේද?

:       0       211

kap Monday, 01 April 2019 07:32 AM

ආයතන දහයක්, දාහක් විතර සෙනග එකතුවෙලා, ඉතා සංකීර්ණ ක්‍රමයකට , පෞද්ගලික ආයතනවලට ගෙවාගෙන , සල්ලි නාස්තිකරගෙන කරන මේ මගුල එක සිම්පල් විදිහකින් ඉවර කරන්න තිබ්බා. බෑග් ඔක්කොමේ තියෙන කොකේන් කුඩු ටික කක්කුස්සි වලකට හලුවනම් ගේම ඉවරයි. බඩුත් විනාශයි. හෑබෑයි එතකොට පත්තරවල ටීවීවල මුන දාගන්න හම්බ වෙන්නෙ නෑ.

:       9       162

MaheeMonday, 01 April 2019 09:31 AM

අපොයි ඒක හරි යන්නේ නෑ. විනාඩි 5ක් යනකොට අපේ කට්ටිය කක්කුස්සි වළ ඇතුලේ ඉඳියි, පැනලා පුළුවන් හරියක් එකතු කරගන්න...

:       0       59

prabha Monday, 01 April 2019 07:54 AM

මේ පින්තූරවල ඉන්න සමහරු බලන් ඉන්නේ විස්සොපෙන් වගේ

:       0       133

නුමා Monday, 01 April 2019 08:10 AM

ඔය ටික රටක් විදිහට විකුණලා, ණය පියවගන්න බැරි වෙයිද?

:       27       67

banda Monday, 01 April 2019 08:17 AM

අපරාදේ ජාතික ධනය විනශකරනවා ....

:       89       86

Amila Monday, 01 April 2019 08:32 AM

කොකේන්ම කියලා ශුවර්ද? අනික සිමෙන්ති ෆැක්ටරියට අරන් යනකොට ඒකේ පිච්චෙන්නේ ඕකම කියලා ශුවර්ද?

:       102       83

koralage Monday, 01 April 2019 08:56 AM

මේකටත් මහජන මුදල වියදම් කරන්න හදන්නේ . අනේ සංසාරේ ලංකාවට ගිය කලක් .

:       51       2

ඩී. ජයදේව Monday, 01 April 2019 08:57 AM

වතුර වාෂ්ප වෙලා සිමෙන්ති ගෝනි වල ආපහු රට ඇතුළට එයි වගේ

:       0       63

amila Monday, 01 April 2019 09:33 AM

විනාශ කරනවට වඩා මේවා නීත්‍යානුකූලව ගනුදෙනු වෙන රටකට විකුණලා සල්ලි ගත්තා නම් ලොකු සංවර්ධනයක් කරන්න තිබ්බා...

:       65       3

ෂෙහාන් Monday, 01 April 2019 01:00 PM

ඇයි වෙන රටවල ඉන්නේ මිනිස්සු නෙමෙයිද? තමන්ගේ මිනිස්සුන්ට සල්ලි දීලා කොකේන් පොවන රට මොකක්ද?

:       0       104

උදය Monday, 01 April 2019 11:21 AM

මේවායින් අග්ගලා හදලා ගෙන්නපු අයටම කැව්වා නම් නරකද?

:       0       3

diasMonday, 01 April 2019 04:05 PM

එහෙනම් අපේ අය පෝලිමේ ඉදී අග්ගලා ගන්ට.

:       0       9

anura Monday, 01 April 2019 12:13 PM

දැන් කුඩු කිලෝව එල්ලන කොට ඔය විදිහට ඔක්කොමලා එකතුවෙලා ප්‍රදර්ශනය කරලද ඒක කරන්නේ?

:       13       3

sudath Monday, 01 April 2019 01:01 PM

කුඩු විනාශ කිරීම ඉතා අගේ කළ යුතුයි. නමුත් මෙවැනි දේ සඳහාත් උත්සව පැවැත්විය යුතුද? මිනිසුන් ගොනාට ඇන්දවීමේ සීමාවක් නැත. අහෝ රටකට ගිය කලක්...!!!

:       73       32

MahanagaMonday, 01 April 2019 11:28 PM

පෙන්නන්නේ නැතුව විනාශ කරහම කියනවා කෝ අපි දැක්කේ නෑ කියල. පෙන්නුවම කියනවා අපෝ ඒක පෙන්නන්න වියදම් කල සල්ලි කියල. කීය වියදම් කරලා හරි පෙන්නපු ඒක හොදයි.

:       0       1

vidimath Monday, 01 April 2019 01:35 PM

ඔය ගෝනි වල තියෙන්නේ පිටි, කුඩු ඔක්කොම උස්සලා විධිමත්ව බෙදා හැරලා, ලොක්කගේ පුත්තු කුඩු ගහලා අහු වෙලා.. ඒකයි ප්‍රශ්නේ ගිනි තියන්නේ..

:       74       57

rohana kumara mendis Monday, 01 April 2019 03:04 PM

ඔය ගෝනිවල කොහොමත් තියෙන්නේ වෙන මොනවා හරි තමයි. කොකේන්වත් කුඩුවත් නැහැ. ඔය බොරු කරන්නේ....

:       100       56

Rasika Monday, 01 April 2019 03:44 PM

මේකේ දාලා තියෙන කොමෙන්ට් වලින් තේරෙන්නේ.. මේ රටේ ඉන්න ගොඩ දෙනෙක්ට පොලීසිය හෝ රජය ගැන කිසිම විශ්වාසයක් නැති කමයි. මේක බරපතල කරුණක්. මුළුමනින්ම වගකියන්න ඕනේ.. දේශපාලකයෝයි.. උසස් නිලධාරීනුයි. නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න නම්, එය ස්වාධීන වෙන්න ඕනේ.. නීතිපතිව පත්කරන්නේ ජනාධිපතිනම්, පොලිස්පතිව පත් කරන්නේ දේශපාලකයා නම්, හමුදාපතිව පත් කරන්නේ දේශපලකයා නම්... ස්වාධීන නිලධාරින් හෝ ආයතන ලංකාවේ නැහැ..

:       0       88

Ananda Monday, 01 April 2019 04:01 PM

කුඩු ගෙනාපු එවුන්ව පුච්චන්නේ කවදද?

:       0       16

chandima Monday, 01 April 2019 08:50 PM

දැන් බලන්න කුඩු අල්ලපු රාළහාමිලා පෙලට ඉඳල පත්තරේට පොටෝ දාගන්නවා. කුඩු විනාශ කරන කට්ටිය පෙලට ඉඳල පත්තරේට පොටෝ දාගන්නවා. කුඩු කාරයෝ අද එල්ලනවා ගෙට එල්ලනවා කියල යටිගිරියෙන් කෑගහලා පත්තරේට පොටෝ දාගන්නවා. කුඩු අල්ලපු කට්ටියට වීර පදක්කම් දීල උත්සව තියල පත්තරේට පොටෝ දාගන්නවා.

:       0       0

anura Tuesday, 02 April 2019 02:35 AM

ඔබ සැම ගන්නා උත්සාහය අප හදවතින්ම අගය කරන්නෙමු. නමුත් එන මැතිවරණයේදී ඡන්දෙ දෙන්න නම් බැහැ ඇමෙරිකාවත් මේ ක්‍රියාවලියට විරුද්ධ වෙලා බොහොම අමාරුවෙන් මේවා නිෂ්පාදනය කරන්නේ

:       0       0

anura Tuesday, 02 April 2019 02:37 AM

අපේ රට කුඩු තිප්පලක් බවට පත් කලේ රෝ සංවිදානය නැවත ඔලුව උස්සන්න බැරිවෙන්න. ලංකාවේ ආණ්ඩුව මුළා වෙලා අකාර්යක්ෂමතාව හේතුව.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2679 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 7306 4

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3725 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3069 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11750 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 8022 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site