IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඕස්ට්‍රේලියානු අගමැති පාර්ලිමේන්තු සගයින්ගේ පුරවැසි භාවය සොයයි

සිඞ්නිහිදීය (රොයිටර්)
 
පාර්ලිමේන්තුවේ සියලු සාමාජිකයන් තමන් ද්විත්ව පුරවැසියකු ද නැද්ද යන වග අනාවරණය කළ යුතු බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කරයි.
 
මැල්කම් ටර්න්බුල්ගේ මධ්‍ය දක්ෂිණාංශික ආණ්ඩුවේ නියෝජ්‍ය අග්‍රමාත්‍යවරයා ඇතුළු පස් දෙනකු පාර්ලිමේන්තුවේ සිටීම නුසුදුසු යැයි එරට මහාධිකරණයක් විසින් තීරණය කිරීමත් සමඟ ඕස්ට්‍රේලියානු දේශපාලනය තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය. 
 
නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට සිදු වූ පස් දෙනාම ද්විත්ව පුරවැසයෝ වූහ. බාර්නබි ජොයිසි ඇතුළු පස් දෙනාට පාර්ලිමේන්තු සාමාජිකත්වය අහිමි වීමට හේතු වූයේ ද්විත්ව පුරවැසිභාවයයි. 
 
ඕස්ට්‍රේලියාවේ ව්‍යවස්ථාව අනුව විදේශිකයන්ට එරට පාර්ලිමේන්තුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ නොහැක. දැනට පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාවට අනුකූලව තේරී පත්වූවන් ද සොයා බලන්නැයි ඉල්ලමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාට දැඩි පීඩනයක් එල්ල වී තිබේ. 
 
වත්මන් නිදහස් මතධාරි ජාතික සන්ධාන (ලිබරල්-නැෂනල් සන්ධාන ආණ්ඩුව) තිදෙනකු ද්විත්ව පුරවැසියන් බව සඳහන් කරමින් මහාධිකරණය ඔවුන් පාර්ලිමේන්තුවේ සිටීම නුසුදුසු බව නියෝග මීට සති කිහිපයකට පෙරදීය. 
 
ඒත් සමඟම එම ආණ්ඩුවේ තවත් සාමාජිකයකු තමන් ද්විත්ව පුරවැසියකු බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. ඉන්පසු සුළුතර පක්ෂවල සිටි ද්විත්ව පුරවැසිභාවය හිමි පිරිස් ද ඒ බව අනාවරණය කළේය. එසේ නමුත් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන විපක්ෂය තවමත් මේ අර්බුදයෙන් බලපෑමක් වී නැතැයි වාර්තා වේ. 
 
කෙසේ නමුත් එල්ල වන දැඩි පීඩනය හමුවේ පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා ද්විත්ව පුරවැසියන් ද නැද්ද යන්න අනාවරණය කරගැනීම සඳහා කටයුතු සකසන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. 
 
පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා තම පුරවැසිභාවය තහවුරු කිරීමටත්, ද්විත්ව පුරවැසිභාවය තිබුණේ නම් එය ප්‍රතික්ෂේප කළ බව තහවුරු කරන ලිපි ලේඛනත් ඉදිරිපත් කළ යුතු යැයි අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත. 
 
 
055
 
 



අදහස් (5)

ඕස්ට්‍රේලියානු අගමැති පාර්ලිමේන්තු සගයින්ගේ පුරවැසි භාවය සොයයි

de silva Monday, 06 November 2017 09:25 AM

ඕස්ට්‍රේලියාවේ සමහර මන්ත්‍රීවරු තමන් ද්විත්ව පුරවැසියන් බව ප්‍රකාශකර ස්වෙච්ඡාවෙන් ඉල්ලලා අස් වෙනවා. ලංකාවේ මන්ත්‍රීලා අධිකරණයෙන් අස්කරත්, ශ්‍රේස්ඨාධිකරණයට ඇපිල් කරලා බලෙන්ම එල්ලිලා ඉන්නවා...

:       2       12

lasantha Monday, 06 November 2017 09:46 AM

විපක්ෂේ අයගේ විතරයි ද්විත්ව පුරවැසි කම හොයන්න ඕනේ. ආණ්ඩු පක්ෂේ අයගෙයි සුළු ජාතින් නියෝජනය කරන අයගෙයි හොයන්න ඕනේ නෑ. මේ අගමැතිතුමා වැඩක් හරියට කරන්න දන්නේ නෑනේ බලාගෙන යනකොට....

:       206       51

guy Monday, 06 November 2017 10:24 AM

මේක අපිට ගොඩක් හොඳයි.. සාමාජිකයින්ට ස්වෙච්ඡාවෙන් අදහස් පවසන්න.

:       0       0

de silva Monday, 06 November 2017 11:28 AM

ලංකාවේ නීති හදන ආයතනය වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු නීති පිළිපදින්නත් ඉගෙන ගත යුතුය. එහෙම බැරි අය ගෙදර යැවිය යුතුය.

:       0       91

de silva Monday, 06 November 2017 11:39 AM

ලසන්ත මහත්මයා තව ද්විත්ව පුරවැසියෝ ආණ්ඩුවේ ඉන්නවා නම් මෙලහකට විරුද්ධවාදීන් නඩු දමලා, ගොඩක් දෙනා පී.ආර් එක සහ පුරවැසි බව පටලාගෙන, යුරෝපාරටක්, ඇමෙරිකාව හෝ ඕස්ට්‍රේලියාව පුරවැසිභාවය නිකන් දෙන්නේ නැහැ. එක්කෝ එහෙ පුරවැසියෙක් කසාද බැඳලා තිබෙන්න ඕනේ.. එහෙම නැත්නම් එහෙ පදිංචිවෙලා වසර ගණනාවක් රැකියාවක් කරලා තිබෙන්න ඕනේ...

:       3       119

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 10 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 36 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 173 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 137 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 572 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 455 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site