IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඒ ටී එම් කාඩ් පතකින් මුදල් සොරාගත් බන්ධනාගාර නියාමක අත්අඩංගුවට

(දිල්රුක්ෂි ග්‍රේරු)
 
අන්සතු බැංකු කාඩ්  පතක් භාවිත කර   ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් වංචනික ලෙස මුදල් ලබාගත් වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයකු  බොරැල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
 
පසුගිය 26 වැනි දින බොරැල්ලේ පදිංචිකරුවකු ඔහුගේ ලංකා බැංකු ගිණුමෙන් බැංකු කාඩ්පත (ඒ.ටී.එම්) භාවිත කිරීමෙන් පසු  එම කාඩ්පත ටෙලර් යන්ත්‍රයේ අතපසුවී දමා ගොස් ඇතැයිද එම කාඩ්පත වෙනත් අයකු භාවිත කර ඇති බවට සිය ජංගම දුරකතනයට කෙටිපණිවිඩයක් ලැබුණේ යැයිද කියමින් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම මෙම නියාමකවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.
 
අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා එම කාඩ්පත භාවිත කරමින් රුපියල් 10,840 ක මුදලක්ද සොරකම් කර ඇතැයි  කාඩ්පත හිමි පුද්ගලයාගේ පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කියයි.

පැමිණිලිකරුගේ ජංගම දුරකතනයට ලැබුණු කෙටි පණිවිඩය ඔස්සේ පරීක්ෂණ අරඹා ඇති පොලීසිය බොරැල්ල  ඉන්ධන පිරවුම්හලකට ගොස් එහි ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කර  කාඩ්පත භාවිත කර ඉන්ධන ලබාගත් ත්‍රීරෝද රියක් හඳුනාගෙන තිබේ.
 
අනතුරුව වැඩිදුර පරීක්ෂා කිරීමේදී බන්ධනාගාර ඇඳුමකට සමාන ඇඳුමක් ඇදගත් පුදුගලයකුද එහි සිටිනු දැන එම පුද්ගලයා කවුරුන්දැයි පසුව පරීක්ෂා කිරීමෙන් නිසි ලෙස හඳුනාගෙන අත්අඩංගුවට ගත් බව පොලෟසිය කියයි.
 
අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා මරදාන පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 
 



අදහස් (5)

ඒ ටී එම් කාඩ් පතකින් මුදල් සොරාගත් බන්ධනාගාර නියාමක අත්අඩංගුවට

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 03 June 2020 05:25 AM

මේ අය කුඩුකාරයන්ගෙන්, මැරයන්ගෙන් අල්ලස් නොගන්නවා නම් තමයි පුදුමේ. ප්‍රථමයෙන්ම මෙවැනි දහජරා වැඩකරන නිලධාරින් සිරගත කළ යුතුයි. ඉන්පසුව හොරකම, වංචාව, දූෂණය නැති බන්ධනාගාරයක් නිර්මාණය කළ යුතුයි.

:       0       122

RaveendraWednesday, 03 June 2020 06:33 AM

සමිත සේනක අලුත්ගමගේ. මයා වෙත, ඔබගේ අදහස් 100% නිවැරදිය, මෙවන් කාලකන්නි නිලධාරීන් බන්ධනාගාර ගත කිරීමෙන් කිසිදු ඵලක් නොමැත. ඒ සඳහා ගතකරන කාලයද අපරාධයකි. මෙවන් තිරිසනුන් අමු අමුවේ මරාදැමීම කල යුතුය. එමගින් පිරිසිදු බන්ධනාගාර සේවයක් බලාපොරොත්තු විය හැක. තීරණය හරිම අමානුෂිකයි.. නමුත් විය යුත්තේ මෙයයි. එය අතිමහත් සමාජයටම සේවයකි. අප තරයේ විශ්වාස කරනවා.. මෙවන් දූෂිත නිලධාරීන්ගේ නම්ගම් ලිපිනයක් මෙන් ඡායාරූපද පළකිරීමෙන් මෙවන් ක්‍රියා යම්තාක් දුරට හෝ අඩුකරගත හැකි බවට... මක්නිසාදයත් මෙවන් අයගේ අඹුදරුවන්ටද පාරේ යාමට නොහැකි තත්වයක් උදාවෙනු ඇත. එවිට මේවා නිසිලෙස නැතිවී යනු ඇත...

:       0       25

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 03 June 2020 07:41 AM

රවීන්ද්‍ර මහතාට ස්තුතියි. ඔබතුමාගෙන් නියෝජනය වන්නේ දේශයේ බුද්ධිමතුන්ගේ අවදිවෙමින් පවතින සැබෑ යථාර්ථයයි.

:       0       29

kusal02 Wednesday, 03 June 2020 08:22 AM

ඊයේ ජනාධිපතිතුමා බන්ධනාගාරය ගැන කියපු කතාව අහගෙන හිටිය කෙනෙක් වගේ...

:       0       0

Kamal Koyrala Wednesday, 03 June 2020 09:38 AM

පසුගිය 26 වැනි දින බොරැල්ලේ පදිංචිකරුවකු ඔහුගේ ලංකා බැංකු ගිණුමෙන් බැංකු කාඩ්පත (ඒ.ටී.එම්) භාවිතා කිරීමෙන් පසු එම කාඩ්පත ටෙලර් යන්ත්‍රයේ අතපසුවී දමා ගොස් ඇතැයිද එම කාඩ්පත වෙනත් අයකු භාවිතා කර ඇති බවට සිය ජංගම දුරකථනයට කෙටිපණිවිඩයක්.., කෙටි පණිවිඩය ලැබෙන තෙක් කරු නිරෝධායනයේද ඉඳලා තියෙන්නේ? වහාම අදාල බැංකුවට දැනුම් නොදී පින් නම්බෙර් එක රහසි ගතයි නම් කොහොමද තව අයෙක් මුදල් ගන්නේ ?

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 32 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 248 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 99 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 111 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 293 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2741 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site