IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එයාර් බස් ගුවන් යානයක් කටුනායකට

 

 

(ටී.කේ.ජී.කපිල)

 

                   

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට අබුඩාබි බලා ගුවන් ගත් ඉටිහාඩ් ගුවන් සේවයට අයත් A- 380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් අද (2) අලුයම ඉන්ධන ලබා ගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ රාජකාරි කළමනාකාරිවරයා ප්‍රකාශ කළේය .

 

මෙම ගුවන් යානය අද (2) අලුයම 4.28 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර එහි මගීන් සහ කාර්ය මණ්ඩලය 455 ක් සිටියහ.

 

මෙම ගුවන් යානයට ඉන්ධන ලීටර් 40,000 ක් ලබා ගැනීමෙන් පසුව යළිත් උදෑසන 6.11 ට අබුඩාබි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබිණි.

 



අදහස් (10)

එයාර් බස් ගුවන් යානයක් කටුනායකට

ලුම්බිණි Sunday, 02 September 2018 04:51 AM

සිඩ්නි වලදී ඉන්ධන ගහ ගන්න අමතක වෙලා වගේ.

:       23       125

palitha Sunday, 02 September 2018 05:50 AM

අනේ මාර ආඩම්බරයි අපිට මේ වගේ පුවතක් දැකීම... හොඳ වෙලාවට සිංහල භාෂාව ලෝකේ වෙන කිසිම රටක නැති වුණේ. තිබ්බනං එහෙම තවත් ආඩම්බර වෙන්න තිබ්බා...

:       1       27

පිටිගල මිලානෝ Sunday, 02 September 2018 07:04 AM

කොතැනකදී හෝ වැරදීමක් සිදුව ඇත.

:       1       15

Malli Sunday, 02 September 2018 08:07 AM

ඔන්න අපේ අයගේ ප්‍රවෘත්ති... රටකට ගිය කලක්..

:       1       26

Nandalal DE SILVA - France Sunday, 02 September 2018 08:21 AM

මාර වැඩක්නේ මේක! ගුවන් යානයක් ඉන්ධන පුරවාගන්න කටුනායකට බස්සපු එකත් පොල්ගෙඩි අකුරෙන් දමන්න තරම් ආරංචියක්ද? ඕක එන පාර අයිනේ තිබුණු පැට්‍රල් ෂෙඩ් එකකට බස්සලා ඉන්ධන ගත්තා නම් තවත් කමක්නැහැ!

:       24       134

සතයපාලSunday, 02 September 2018 09:52 AM

මේක පුවතක්ද නැද්ද? කියලා හිතාගන්න තරම් ඔය ඔලුගෙඩි ඇතුලේ මොළගෙඩි වර්ධනය වෙලා නැතිව ඇති. ගුවන් ගමනක් කියන්නේ හිතුනු හිතුනු තැන නවත්තලා තෙල් ගහන්න වතුර පුරවන්න හෝ ගුවන් නියමුවන්ට වැසිකිළි කැසිකිළි පහසුකම් ගන්න පුලුවන් ගමනක් නොවේ. එය පිටත් වෙන්න ප්‍රථම තමන්ගේ ගුවන් ගමන සම්පූර්ණයෙන්ම සැලසුම් කර අදාල මගීන්ට ගමන ආරම්භ කිරීමට ප්‍රථම දැනුම් දෙනවා. එවැනි ගුවන්යානයක ඉන්ධන අවසන් වීම නිසා ඉන්ධන ලබා ගැනීමට ගොඩබැස්සවීම එක අතකින් අනතුරුදායක තත්වයක් වන අතර තවත් අතකින් එම ගුවන් සේවයේ සැලසුම් හා කාර්ය පටිපාටියේ දෝෂ සහා අඩුපාඩු පිළිබඳව කෙරෙන හෙලිදරව්වක් වනඅතර විශේෂයෙන් එම ගුවන් සේවයේ සේවය නිරතුරුව ලබා ගන්නා මගීන්ට එය ඉතා වැදගත් පුවතක් වනු ඇත.

:       31       55

janatha anura Sunday, 02 September 2018 10:55 AM

මෙය අපට විශේෂ සිදුවීමක්... කටුනායක ගුවන් පථය හැදුවේ මීට වසර 30පෙර නැවත අලුත් වැඩිය කර පවත්වාගෙන යනවා මෙහි විශාල ප්‍රමාණයේ ගුවන් යානා පැරණි ගුවන් පථය (දැන් ටැක්සි වේ) තුළ ගමන් කරනවිට තටු සමග එන්ජින් සමහරක් තිබෙන්නේ ධාවන පථයෙන් පිට තණකොළ තිබෙන ප්‍රදේශයේ ඉතින් ගුවන් තොටේ වැඩකරපු අපිට මේවා විශේෂ අත්හදා බැලීමක් මෙම ප්‍රදේශයේ හොඳින් වැවෙන තණකොළ විශේෂයක් පිඩලි ගෙනැවිත් ඇතිරීමට අප කටයුතු කරා මතකයි. දූවිලි ඇවිස්සීමෙන් අනතුරක් විය හැකි නිසා...

:       0       1

janatha anura Sunday, 02 September 2018 10:57 AM

අපි ඉන්නේ ලංකාවේ සිඩ්නි, ෆ්‍රාන්ස්වල නොවේ.. අපේ ගුවන් තොටට විශාල යානා එන්නේ නැහැ.

:       0       13

Nandalal DE SILVA - FranceSunday, 02 September 2018 03:42 PM

එ්ක වෙන්න පුළුවන්! ඒ වුණාට ඔබට මෙය අමතකද? දැනට මාස කිහිපයකට පෙර කටුනායක ගුවන් තොටුපොල රාත්‍රීකාලයේ දිගු කාලයක් තිස්සේ වසාදමා, පොල්වලවල් මෙන් ගැඹුරට වලවල් හැදී තිබුණු ධාවන පථය අලුත්වැඩියා කළා. "නව ගුවන් පථය" මගුල් බෙර හඬ මැද්දේ පම්පෝරි ගසා, ලොක්කෙක් පීත්ත පටියක් කපා විවෘත්ත කළදා කිවුවා දැන් අපේ රටට ප්‍රංශයේ නිපදවන ලද ලෝකයේ විශාලතම ගුවන් යානය වන "එයාර් -බස් A -380" යානය පවා බැස්සවිය හැකි බව!!! එමෙන්ම දකුණු පළාතේ ම.රා. ගුවන් තොටුපොල "ඕපන්" කර දිනත් එවැනිම දෙයක් දින ගණනක් තිස්සේ ඇතිවෙන්න ඇහුවා. එ්ත් ඒකට බස්සපු අන්තිම අහස් යානයත් පසුගිය දිනක නැවැත්වූ බව දැනගන්න ලැබුණා! විශාල (ගුවන්) යානා කොහොම වෙතත්, සරුංගලයක්වත් යවන අය දැන් ඒකෙ නැහැ!!!

:       0       0

Kumara Sunday, 02 September 2018 07:02 PM

A380 කියන්නේ ලෝකේ දැනට තියෙන එයා බස් සමාගම හැදුව විශාලම මගී ගුවන් යානය. තට්ටු දෙකකින් සමන්විත මෙය මගීන් 600 පමණ ගෙනයා හැකි යානයක්. අපි හුඟ දෙනෙක් ගමන් කරන්නේ , දැක ඇත්තේ කුඩා ගුවන් යානා නිසා මෙවැනි ගුවන් යානයක් ලංකාවට පැමිණීම ඉතාම වැදගත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 145 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 438 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 633 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1049 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 726 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1594 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site