( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
08 වැනි පාර්ලිමේන්තු ව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් ඉක්ම යන තෙක් නව පාර්ලිමේන්තුවක් නොකැදවීමෙන් තමන්ගේත් , රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (21) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.
ජනාධිපති වරයා වෙනුවෙන් නීතිපතිවරයා සහ නීතිපති වරයා මෙහි වගඋත්තර කරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
පැවති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මාර්තු මස 02වැනිදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය පෙත්සම් මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.
විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සම මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ 08වන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු 09වන පාර්ලිමේන්තුව තෝරා ගැනීමට මැතිවරණය ජූනි මස 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කල බවය .
එම මැතිවරණ දිනය පාර්ලිමේන්තු ව විසුරුවා හැරි දිනයේ සිට මාස තුනකට පසු දිනය ක් වන අතර මැතිවරණ කොමිසමේ එම තීරණය නීතිවිරෝධී බව පෙත්සම්කරු කියයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු ව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් ඉක්ම යාමට පෙර නව පාර්ලිමේන්තු ව කැඳවනු ලැබිය යුතු නමුත් එසේ නොකර සිටීම සහ පැරණි පාර්ලිමේන්තු ව හෝ නොකැදවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පෙත්සම් කරු කියයි .
පවතින තත්ත්වය තුළ 08 වන පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කළ යුතු බවද පෙත්සම්කාර එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය පෙත්සමින් පෙන්වා දේ.
එබැවින් මෙම ක්‍රියාවලිය තුලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ට තීරණය කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.
එසේම 08 වන පාර්ලිමේන්තුව ජූනි මස 03 වැනිදා සිට බල පවත්වන බවට ප්‍රකාශයක් කරන ලෙස ද පෙත්සම මගින් ඉල්ලා ඇත.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එජාප මහ ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි
ධනා Thursday, 21 May 2020 01:04 PM
රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම්, ඔය බඩකඩිත්තුව රැස් කරේ නෑ කියලා උල්ලංඝනය වෙන්නේ නෑ. අහක ඉන්න රටේ මිනිස්සු තමුන්නැහැලාගේ ආත්මාර්ථකාමී වැඩවලට ගාවා නොගත්තා නං හොඳයි..
RaveendraFriday, 22 May 2020 03:58 AM
සහතික ඇත්ත.. මේ ගොයියා තමන්ගේ මෙන්ම අනිකුත් 224 බඩවියත රැකගැනීමට මහජනතාවගේ මූලික අයිතිවාසිකම් කියන කැරට් අලේ පෙන්නලා තවත් කාලයක් පිනට ගිලගිල ඉන්න. හොඳින් මධ්‍යස්ථව හිතමු "මේ කවුරුවත්" දියවන්නාව පට්ටියේ මීට පෙර ලැගලා ඉන්නකොට ඔය කියන අයිතිවාසිකම් ගැන බැලුවද? තම තමන්ගේ සුඛවිහරණය වෙනුවෙන් තීන්දු තීරණ ගත්තද කියලා අමුතුවෙන් කිවයුතු නැහැ.. මෙය අකිලට කියවීමට හැකි වේවා...!!! එනවා මෙතන අහිංසක මිනිසුන්ව ඉදිරියට දාලා තවත් කාලයක් පිනටම ජීවත් වෙන්න...!!!
Ratne Thursday, 21 May 2020 01:26 PM
පාර්ලිමේන්තුව මඟින් සිදුකරන ලද ජනතා විරෝධී සහ ඉතා නොසැලකිලිමත් කටයුතු හේතුවෙන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් බොහොමයක් උල්ලංගනය වූ බව ඔවුන්ට අමතක වී ඇත. ආරම්භයේ දී තරමක් දුරට හෝ ඵලදායි කටයුතු (උදාඃ කොමිසන් සභා පිහිටුවීම) කීපයක් සිදු කළද, පසුව එනම් දැනදැනම පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුකිරීමට හැකිවන පරිදි රටේ ආරක්ෂාව නැති කිරීම, මහ බැංකු වංචාවට එම ආණ්ඩුවේ ඉහළම තනතුරුවල කීපදෙනෙක් සම්බන්ධව පැවතීම, ගෙන ආ අවිධිමත් හා අඩුපාඩු රාශියක් සහිත 19වැනි සංශෝධනය මඟින් ගැටළු නිර්මානය කිරීම, ආදිය එයින් කීපයක් වේ. මේ නිසා 8 වැනි පාර්ලිමේන්තුව නැවත කැඳවීමට වඩා, මෑතක දී පාකිස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ ආකාරය ද ඉක්මවා ගොස්, දැනට කරගෙන යනු ලබන නිරෝධායන ආදී කටයුතු වළක්වා ඇමරිකාව වැනි රටවල මෙන් ජනතාව වසංගතයට බීලිදීමට කටයුතු කිරීම සුදුසුයි. එසේ නැතිනම් දැනට රටතුළ කරගෙන යනු ලබන ක්‍රියාවලියට අකුල් හෙලීමෙන් තොරව සිටීමට විපක්ෂ කණ්ඩායම්වලට අවබෝධය පහළ විය යුතුයි...
ananda Thursday, 21 May 2020 07:41 PM
කොරෝනා ඔබ රටට කළ හානිය විශාලයි. මේ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් රැකදෙන්න. කොරෝනා නිසා මිනිසුන් මිය ගියත් ප්‍රශ්නයක් නැත.
චමින්ද Friday, 22 May 2020 01:13 AM
මාර්තු මාසෙ දෙවැනිදා විසුරුවා හැරි පාර්ලිමේන්තුවේ නිල කාලය අගෝස්තු අවසාන වනතුරු පැවතීමට තිබුණා. මෙයට පෙර අදහස් දැක්වූ ධනා සහ රත්නේ දෙදෙනාම දැක්වූ අදහස් අනුව ඔවුන් ඒකාධිපතිත්වයට කැමැති බවක් පේනවා. මතක තියාගන්න නියමිත මැතිවරණයෙන් තුනෙන් දෙකේ බලයක් ලැබුණොත් එවැනි තත්වයක් ඇතිවෙන්න පුළුවන් බව...
සමන්විමල් Friday, 22 May 2020 03:52 AM
ඈ... ප්‍රාදේශීය සභා ඡන්දය අවුරුදු ගාණක් කල් ඇද්දා, පළාත් සභා මැතිවරණය තාම තියාගන්න බෑ.. එතකොට ඔය කියන එක කඩ වුනේ නැතිද?
Deepal Nirosh Friday, 22 May 2020 05:00 AM
එදා කිසිම ස්වභාවික ප්‍රශ්න නොතිබියදී කෘත්‍රිම හේතු හදාගෙන පළාත් සභා මැතිවරණ, පළාත් පාලන මැතිවරණ දින නියමයක් නැතුව කල් දැම්මා. එතකොට ඔය තමුන්ටත් ජනතාවටත් හිමියි කියන මානව අයිතිවාසිකම් කඩ වුණේ නැද්ද? ඒ් තීන්දු ගත්තු පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවන්නෙ කාගේ වුවමනාවකටද?