IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


එජාපයේ හොරුන් ඉන්නවා නම් ඉවත් කරනවා - අගමැති

අංජුල මහීක වීරරත්න

එක්සත් ජාතික පක්ෂයේ හොරුන් ඉන්නවා යැයි පරීක්ෂණවලින් තහවුරු වුවහොත් ඔවුන් ඉවත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන්හිදී අද පැවැසීය.

යහපාලන රජය හොරුන් ආරක්ෂා රකන්නේ නැතැයි කී අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවන බව ද කීවේය.

ඕනෑම කාරණයක් හෙළි වුවහොත් ඒ වාර්තා අනුව සොයා බලා කටයුතු කරන බවත්, ඕනෑම කෙනකුගෙන් ප්‍රශ්න කිරීමට දැන් ඉඩ කඩ ලබා දී ඇති බවත් අගමැතිවරයා සඳහන් කළේය.



අදහස් (55)

එජාපයේ හොරුන් ඉන්නවා නම් ඉවත් කරනවා - අගමැති

manoj Sunday, 06 August 2017 12:01 PM

හොරාගේ අම්මා පේන කියනවා.

:       2190       3466

OshanSunday, 06 August 2017 01:58 PM

කලින් හිටපු අය කළ දේවල් නම් සුපිරියි හොඳේ... ඒවා අහුවෙන්නෙත් නැහැ. හොරකම් කරන්න කළින් එයාලගෙන් ඉගෙන ගන්නයි තිබුණේ..

:       742       799

ජගත් Sunday, 06 August 2017 04:48 PM

එහෙනම් මෙයාටත් ඩිමෙන්ෂියාද? අමතක වෙන ලෙඩේ හැදිලා.

:       0       51

පිලපිටියMonday, 07 August 2017 12:13 AM

මෙතුමා තමයි මොරියාටි. මලික් සමරවික්‍රම මහතා තමයි කර්නල් සෙබෙස්ටියන් මොරාන්. රවී කරුණානායක මහත්තයා කියන්නේ ඒ දම්වැලේ මැද පුරුකක් විතරයි.

:       13       2

Chandana- AustraliaMonday, 07 August 2017 01:36 AM

මනෝජ් ඔය මහින්දගේ කාලේ කොහෙද හිටියේ? මම කියන්නේ නැහැ, මේ ආණ්ඩුවේ හොරු නැහැ කියලා හරි, හොරකම් කරන එක හරි කියල හරි. ඒ වුණාට හොරකමක් වෙනවා නම් ඒ ගැන පරීක්ෂණයක් වෙනවා කියන එක පැහැදිලියි. මහින්දගේ කාලේ පොලිසියයි හමුදාවයි නීතියයි ඔක්කොම වැඩ කලේ මහින්ද මහතාට ඕනෑ විදිහට. එකටයි අපි විරුද්ධ වුණේ...

:       5       231

raveendra Sunday, 06 August 2017 12:07 PM

මේ හාදයට මදුවැල් පෑගිලද කොහෙද? මෙච්චර හොඳ අවංක පක්ෂයක ඉන්න උදවියට මෙහෙම කියන එක... රවී උන්නැහේ වුණත් කිව්වේ ඇත්ත නොවැ. හෙට රවී මහත්තයා කොමිෂම ඉදිරියේ මට මතක නැහැ. ඉතින් ඒ වගේ අවංක මිනිසුන් ඉන්න පක්ෂයක උදවියට මෙතුමා අපහාස කරනවා නේද? ඔහෙත් බේගල් ඇදබානවා නේද?මොකටද පරීක්ෂණ? රටේ අවංක ජනතාව පරීක්ෂණ කරලා තීන්දුත් දීලා අවසාන වෙලා තියෙන්න‍ේ...

:       1061       2999

sarath Sunday, 06 August 2017 12:12 PM

ඔය ඉන්නේ, ඔප්පු කරන්න ඕනේ නැහැ. ගේ ගත්ත එකෙන්ම ඔප්පු වෙනවා මොනවා හරි මගඩියක් තියෙනවා කියලා. නැත්නම් තමන්ගේ අප්පොච්චිද කෝටි ගණන් වියදම් කරලා ගෙවල් අරන් දෙන්න. කතාව දෝලාවෙන් ගමන පයින්!!!

:       364       2567

thara Sunday, 06 August 2017 12:13 PM

මුලින්ම ඔබතුමා ගියොත් හොඳයි නේද?

:       1961       2869

upaliMonday, 07 August 2017 12:31 AM

තාරා, එතුමා යන එක වළක්වන්න තමයි මේ ලස්සන රඟපෑම. දැන් බලන්න, විශ්වාසභංගය ආවා නම් ලොක්ක විතරක් නෙමෙයි, තව ලොකු ලොකු කට්ටියව පතුරු ගැහෙනවා. දැන් දැන් සියල්ල වැසීයනවා. ඔක්කොම පව් මෙයා පිටයි වැටෙන්නේ. විශ්වාස භංගේ අත්සන් නොකරපු මහින්ද දැන් කියනවා එයා ඒකට පක්ෂයි කියලා. දයා ගමගේ කියනවා ඉල්ලා අස්වීම රවීටයි, පක්ෂෙටයි හොඳයි කියලා. සජිත් කියනවා හොරුන්ට කවදාවත් පක්ෂ වෙන්නේ නැහැ කියලා. ලොක්කා කියනවා හොරු රකින්නේ නැහැ අපේ පක්ෂේ කියලා. දැන් මේ කවුරුත් ඉතාම ශුද්ධවන්තයෝ... කවදාවත් ඉදිරිපත් නොවන විශ්වාසභංග යෝජනාව ඉවත්වෙනවා කියන්නේ..., සකලවිධ චෞරයන්ම ආරක්ෂා වෙනවා කියන එකයි. කොහොමද ගිවිසුම් ගත නාට්‍යයේ චරිත ටික හැසිරෙන හැටි....

:       0       45

saman Sunday, 06 August 2017 12:28 PM

එහෙනම් ඉතින් මහබැංකු හොරකමේ වගකීම අරන් ඔබතුමාටම තමා මුලින්ම අයින් වෙන්න වෙන්නේ...

:       1371       2548

de silva berlin Sunday, 06 August 2017 12:29 PM

ඔබතුමා ඔය කතාකරන්නේ ලංකාවේ තිබෙන එජාපය ගැනද එහෙම නැත්නම්, වෙනත් රටක තිබෙන පක්ෂයක් ගැනද ? එහෙමත් නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධානයක් හෝ පක්ෂයක් ගැනද ?

:       260       1754

පිටිගල මිලානෝ Sunday, 06 August 2017 12:30 PM

අර රජහොරු නම් තවම නිදැල්ලේ. මේ කියන කතාව විශ්වාස කරන්න පුළුවන්ද?

:       1867       1357

sunil Sunday, 06 August 2017 12:43 PM

"ඉන්නවා නම්" කියලා කියන්නේ ෂුවර් නැත්ද? දැන් ඔය සුඛෝපභෝගී නිවාස සමහරුන්ට සමහරුන්ගෙන් නිකම් ලැබෙන කාලේ ඒවා වෙන්නේ පිනටද? ඒවා දන්නෙම නැතිද? නැතිනම් අපිව ලෙහෙසියෙන් රවටන්න පුළුවන් කියාලා හිතන බබ්බුද?

:       68       1340

Pradeep Liyanage Sunday, 06 August 2017 12:50 PM

හොරුන් ඉන්නවානම් කියන්නේ කට්ටිය කරපුවා ආරංචි වෙලා නෑ වගේ. හොරාගේ අම්මාගෙන් පේන ඇහුවානම් මීට වැඩිය හොඳයි.

:       346       1274

asanga Sunday, 06 August 2017 12:54 PM

කම්බා හොරුන් ගැන කතා කරනවා.

:       48       1189

Chandra Sunday, 06 August 2017 12:55 PM

අර අර්ජුන්ගේ ෆෝන් එකේ ආර්.කේ. සහ පී.එම්. කියලම තිබුණලු මේ අය ගැන.....

:       121       1179

Senarsth Sunday, 06 August 2017 01:26 PM

"ඉන්නවා නම්" ඉහළම තැන ඉඳලා පහළම තැනට එනකම් ඉන්නේ හොරු. මිනිස්සු මේක දන්නා නිසා තමයි එජාපය දිගටම පැරැද්දුවේ. වැඩිම වුණොත් අවංක මිනිස්සු 10 ක් ඇති. විජේදාස මහත්තයා එක්කෙනෙක්. මෙකී නොකී වර්ගවල හොරු එජාපයේ ඉන්නවා. දැන්වත් හොරු එලවලා තමනුත් පක්ෂය අතහැරියොත් එජාපය නැවත ගොඩ එ්වි!!!

:       784       1156

lalith Sunday, 06 August 2017 01:34 PM

හොරු කෙසේ වෙතත් මංකොල්ලකාරයෝ නම් ඉන්නවා. එ්ත් ඉතින් මොකවත් කරන්න බැහැනේ ලිච්ඡවි පාලනේනේ තියෙන්නේ.

:       242       1078

Kumara Sunday, 06 August 2017 01:55 PM

ඔයා මුලින් කිව්වේ වෙනින් දෙයක්...

:       84       1025

ධම්ම Sunday, 06 August 2017 01:59 PM

අපේ පී.එම්. නේද මේ කතා කරන්නේ..?

:       169       1032

Rajith italiy Sunday, 06 August 2017 02:32 PM

ගෙදර මූණ බලන කණ්ණාඩියක් ඇත්තෙම නැද්ද?

:       195       1010

Raawana Sunday, 06 August 2017 02:40 PM

හොරුන්ට වගකිවයුතු තනතුරු දුන්නේ කවුද? අර්ජුන් ආරක්ෂා කලේ කවුද? ඔහු ගැන වග වුණේ කවුද? යහපාලනයට ඡන්දේ දීපු අපට මේවාට පිළිතුරු දෙන්න.

:       101       927

samantha Sunday, 06 August 2017 02:41 PM

මේවට තමයි කියන්නේ ජෝක් කියලා...

:       99       872

Dewa Sunday, 06 August 2017 03:03 PM

අන්න එහෙම තමයි තීරණ ගන්න ඕනෑ. මෙය සියලු දෙනාටම පොදුවිය යුතුයි.

:       154       189

one srilankan Sunday, 06 August 2017 03:09 PM

අනිත් වටයට නිර්දේශිත නම් හැටියට දොස්තර රාජිත, කිරිඇල්ල මහත්වරුන් කියන්න පුළුවන් නේද?

:       39       179

Thilina Sunday, 06 August 2017 03:14 PM

කට්ටිය අපේ පී.එම්. මහත්තයාට මඩ ගහනවා. එහෙම නෙමෙයි. පී.එම්. කියන්නේ හවස. ඒ.එම්. කියන්නේ උදේ.. ඉතින් හවස කරපු හොරකම් පෙන්නේ නෑනේ.... කළුවරයිනේ.

:       198       917

Reks Sunday, 06 August 2017 03:59 PM

එතකොට එජාපයේ ඉතිරිවෙන්නේ කව්ද?

:       80       783

buddika Sunday, 06 August 2017 04:16 PM

ඔයා තාම දන්නේ නැද්ද හොරු ඉන්නවා කියලා..? පරීක්ෂණ අවසන් වෙනකන් අදාළ කෙනා වගකීම් වලින් ඉවත්කරන ක්‍රමවෙදෙකුත් තියෙනවා. එකත් දන්නේ නැද්ද? මේවා ඇහෙන කොට අපේ ඇගේ මාළු නටනවා. මුකුත් නොකිය ඉන්නවා නම් තවත් එකක්...

:       0       17

සෙනෙවි Sunday, 06 August 2017 04:21 PM

ලබන ඡන්දෙදි දෙන්නං ජම්බු...

:       0       0

Hafeel Sunday, 06 August 2017 05:19 PM

මහබැංකු හොරකමේ ප්‍රධානියා මෙතුමා. ජනාධිපති කොමිසමෙන් සේරම එළියට එනකොට දැන් හොඳ වෙන්න හදනවා. ජනතාව සේරම දන්නවා. මෙතුමාගේ 2020 සිහිනයක් තමයි.

:       0       78

raveendra Sunday, 06 August 2017 05:23 PM

ඉන්නවා නම් කිව්වේ පක්ෂයේ ඉන්න කට්ටියට අමතරව අලුතෙන් ඉන්නවද කියලයි.

:       0       1

de silva berlin Sunday, 06 August 2017 09:49 PM

එතකොට අර භාර්යාව සේප්පුවේ මුල්ලක දමලා තිබුණ රුපියල් මිලියන 165 කට ගත්ත ගෙදර පදිංචිවෙලා හිටපු මුකුත්ම දන්නේ නැති අැමැතිතුමා ඔබතුමාගේ පක්ෂේ නෙවේ වෙන්න ඇති නේද?

:       0       0

mahee Sunday, 06 August 2017 10:34 PM

අයියෝ, එහෙම තද තීරණ ගන්න එපා. එහෙම කළොත් අන්තිමට පක්ෂෙට කවුරුවත් ඉතුරු වෙන්නේ නැහැනේ.

:       0       17

nisha Sunday, 06 August 2017 10:53 PM

යහපාලන රජය හොරුන් ආරක්ෂා කරන්නේ නැත. එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවේ.

:       38       0

rohana Sunday, 06 August 2017 11:01 PM

ඉතින් රවී මහතාව ඉවත් කරන්න. අර්ජුන රැකගන්න උත්සාහ කරන්නේ අයි? කතා වැඩක් නැහැ.

:       0       0

rohana Sunday, 06 August 2017 11:07 PM

අගමැතිතුමනි, එක්සත් ජාතික පක්ෂයේ හොරුන් ඉන්නවා යැයි පරීක්ෂණවලින් තහවුරු වෙලා ඉවරයි. ජනතාව අවධානයෙන් ඉන්නේ. කතා වැඩක් නැත. ක්‍රියාවෙන් ඔප්පුකරන්න. මේ දේපොළ මංකොල්ලය නතර කරන්න.

:       0       31

Ratnamalala Monday, 07 August 2017 12:31 AM

ගෙදරින්ම පටන් ගත්තා නම් නේද වැඩේ හොඳ?

:       0       11

sanju Monday, 07 August 2017 12:41 AM

මෙයා තමයි මේ ගැන කතා කරපු අයව පාර්ලිමේන්තුවේදී විහිළුවට ලක් කරලා මේ හොරකම වහන්න හැදුවේ...

:       0       29

shantha bandara Monday, 07 August 2017 01:14 AM

මේ පාර අල්ලන්න හොරකම් කරන්නේ නැහැ. ලිච්ඡවි ක්‍රමේට වැඩේ දෙන්නේ....

:       0       0

dias Monday, 07 August 2017 01:35 AM

ඔබතුමා පරණ හොරුන්ට තවමත් දඬුවම් දෙන්න තියෙනවා. අලුත් අයත් ඉන්නවා. පරණ සහ අලුත් හොරුන්ට ඉක්මනින් දඬුවම් දෙන්න. නැත්නම් ආණ්ඩුවම ගෙදර තමයි.

:       0       5

anura Monday, 07 August 2017 01:45 AM

දාන කමෙන්ට්ස් වලට ඩිස්ලයික් දාන්න... පක්ෂයෙන් වෙනම කට්ටියකුත් දාලා ඉන්න බව නම් පේනවා.

:       2       35

jayantha Monday, 07 August 2017 01:59 AM

මේකට මෙහෙම කිව්වොත් හොඳද? හොරෙක් සහ හොර මුලක් කතාකරයි කියලා...

:       0       31

pitigala Monday, 07 August 2017 02:34 AM

හොරු ඉන්නවා නම් නෙවේ ඉන්නවා. ඒ අය ඔබේ පිහිටෙන් ආරක්ෂා වෙලා ඉන්නවා. ඒකාබද්ධ විපක්ෂයත් එක්ක ඩීල් දාලා එකේ ඉන්න හොරු රකින්නෙත් ඔබ තුමයි. නිකම් බොරු එපා සර්. අපි දන්නවා ඔබතුමා ගැන.

:       0       28

sumudu Monday, 07 August 2017 02:58 AM

ඔප්පු වෙන්න ඕනේ උසාවියෙන් නම්... අයින් කරන්න දෙයක් නැහැ.. එහෙනම් ඉන්න ඕනේ හිරෙනේ. එ්ක කවදාවත් වෙන්නේ නැහැ. අපි දන්නවනේ ලොක්කන්ට නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය.... කොහොමද කියලා.

:       0       30

hewawitharana Monday, 07 August 2017 03:08 AM

ඉන්නවා නම් නෙවේ.... ඉන්නවා... ඕක තේරුම් ගන්න තරම් මොලයක් නැද්ද?

:       0       115

Maraa Monday, 07 August 2017 04:36 AM

ලොකුම හොරාත් ගියානම් හොඳයි.

:       109       1540

Roshan Monday, 07 August 2017 06:27 AM

එතකොට මහහොරා කව්ද දන්නෑ... අර සිරිකොතේ සල්ලි හොරකම් කළැයි කියන කෙනා...

:       0       105

mahesh Monday, 07 August 2017 07:25 AM

ඔබතුමා හරි විහිළුනේ කරන්නේ....

:       0       76

chamara senanayaka Monday, 07 August 2017 07:48 AM

ඩී.එස්. සහ ඩඩ්ලි සේනානායකලාගේ කාලයේ තිබුණු යු. එන්.පී. එකේ නම් හොරු හිටියේ නැහැ.... නමුත් පස්සේ කාලයක ජේ ආර් ජයවර්දන හදපු යු.එන්.පී එකේනම් හිටියෙත්, ඉන්නෙත් ඔක්කොම හොරු... ඕනේනම් නමුත් එක්කම චෝදනා දෙන්නම්...

:       0       109

ananda Monday, 07 August 2017 08:10 AM

ඒ වගේම කෙනෙක් හොරු ගැන කියවනවා. මේවා කියන්නේ ඒ ගොල්ලන්ට ඡන්දේ දීපු අයට වෙන්න ඕනෑ.

:       35       1

සමන් - ඕමානය Monday, 07 August 2017 12:06 PM

ඔය කියන්නේ රවී ගැන නේ... ඔච්චර දේවල් එළිවෙද්දී තාම එයා සම්බන්ධයෙන් කෙලින්ම නොකියන්නේ, ක්‍රියා පිළිවෙතක් නොගන්නේ ඇයි? ඒ වගේම ඒ හුටපටේ අග්‍රස්ථානයේම ඉන්න අර්ජුන් මහේන්ද්‍රන්ව තාම තුරුල් කරගෙන ඉන්නේ මොකද? එයා තාම ඔබ තුමාගේ අති හිතේෂී උපදේශකයෙක් නේද? ඒ කියන්නේ ලැජ්ජා නහරේ කපලම දාලාද? එහෙම නැත්තම් ඔබතුමා තිරේ පිටිපස්සේ හිටිය බව එළිවෙයි කියලාද?

:       11       136

anil Monday, 07 August 2017 08:27 PM

හොරු බේරන්න පාර්ලිමේන්තුවක් විසුරවපු එකම රට ලංකාව.. මහමැතිවරණයකින් පැරදුන අපේක්ෂයින්ට, ජනතාවගේ විරුද්ධත්වය නොතකා, මන්ත්‍රීකම් ලබාදුන්නා එකම රටත් ලංකාවයි

:       0       0

isuru Tuesday, 08 August 2017 10:38 AM

හා හා දැන්ම නෙමෙඉ. 2035 දී වගේ තමා

:       0       0

Rufus R. Wednesday, 09 August 2017 12:14 AM

වාහන මිලට ගන්න අසාධාරණ මුදලක් රජයෙන් ගැනීමත් සොරකමක් නොවෙයි කිවහැකිද? අගමැතිට ඔපමණ මුදලකට වාහනයක් මොකටද? රජයේ මුදල් නාස්ති කිරීමත් සොරකම් කිරීමත් අතර වෙනසක් නැත. මහින්ද පවා අනික් සොරකම් වලට අමතරව මේ සොරකමටත් වගකියන්න ඕනා. කාර් පර්මිට් විකුණගෙන රටේ මුදල් සොරා කෑව සැම දෙනාත් හොරු නොවේද? දේසපාලනයේ මුදල් නාස්තිය සොරකමක්!!! ශිරානි ප්‍රන්සයේ දවස් දෙකට කාමර ගාස්තු ලක්ෂ දෙකකට වඩා ගෙවලා. ඇය හෙරක් නොවෙයිද? මහින්ද කරුට කතා කරන්නේ සුදන වගෙයි. බත් මුට්ටියත් කලුයි කේතලයත් කලුයි.

:       0       0

nandana Wednesday, 09 August 2017 11:07 AM

එහෙනම් ඉතින් මුලින්ම ඔයා අයින් වෙන්න බෑන්ක් කිලීනර් මහත්තයෝ ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 54 0

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 63 0

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 153 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1080 1

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 240 3

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 2130 2

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 291 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1655 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site