ඩයනා උදයංගනී
ජාතික ලැයිස්තුවෙන් පැමිණි දෙතුන් දෙනෙකු එක්සත් ජාතික පක්ෂය විනාශ මුඛයට ඇද දමා ඇතැයි එම පක්ෂයේ උපනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.
කිසිඳු ජනපදනමක් පවා නොමැති එම සුළුතරය විසින් පක්ෂයට සිදුකර ඇති විනාශය යළි ආපස්සට හැර වීමට නොහැකි තරම් බරපතළ වී ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙම තත්ත්වය හමුවේ පක්ෂය තුල රැඩිකල් වෙනසක් සහිත ප්රතිසංවිධානයක් සිදුවිය යුතු බවත් තරුණ කොටස් සඳහා ඉදිරියට පැමිණීමට අවස්ථාව සලසා දිය යුතු බවත් රවි කරුණානායක මහතා කියා සිටියේය.
රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ මෝදර, කිඹුලාඇල ප්‍රදේශයේ ක්‍රීඩා සංගම් සඳහා ක්‍රීඩා භාන්ඩ ප්රදානය කිරීම වෙනුවෙන් අද (01) උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
තමා සම්බන්ධයෙන් සොයාබැලීමට පක්ෂය විසින් මාරපන කමිටුව පත් කළ බව ද පැවසූ කරුණානායක මහතා ජනවරමක් නොමැති අය ජනපදනමක් තිබෙන තමා වැනි අයෙකු පිළිබඳව තීරණ ගන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරන බව ද කියා සිටියේය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එජාපයේ රැඩිකල් වෙනසක් ඕනෑ - රවී
de silva Thursday, 01 March 2018 11:17 AM
ඔවු ඔබතුමා වැනි හොරු වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපලා පක්ෂයට කළ අවනම්බුවට සරිලන වන්දියක් ඉල්ලලා නඩු පවරන්න පුළුවන් විදිහට පක්ෂ ව්‍යවස්ථාවේ රැඩිකල් වෙනසක් කල යුතුයි.................
බන්ඩාThursday, 01 March 2018 08:56 PM
මේ වගේ කතා කියල තමන්ගෙ නොදන්න කම පෙන්නන්න එපා.
ලසන්ත Thursday, 01 March 2018 11:42 AM
වැල යන අතට ගහ මැස්ස කිව්වලු! එල්ලෙන්න වැලක් හෙව්වා කිව්වලු! පිදුරු ගහෙත් එල්ලෙනවා කිව්වලු! මුට්ටිය කේතලයට කලුයි කිව්වාලු! මම දන්නේ නෑ කිව්වලු!
Laksitha Thursday, 01 March 2018 11:45 AM
ඒක ඇත්ත ඇහුවෙන්නේ නැති හොරු හොයලා බලන්න ඕනා..............
Sunil Thursday, 01 March 2018 11:53 AM
දුෂණ චෝදනා තියෙන ඔක්කොම කට්ටිය පක්ෂෙන් ඉවත් කලාම ඔය රැඩිකල් වෙනස වේවි. වසර ගණනාවකට පෙර අපි දැනගෙන සිටි ඒජාපය මෙහෙම දුෂිතයන්ගෙන් පිරුණු එකක් නොවේ.
Raveendra Thursday, 01 March 2018 11:55 AM
ඔහෙත් ඇතුළු හැත්ත බුරුත්ත එලියට ගිහින් රැඩිකල් බැරිනම් මෙඩිකල් වෙනසක් කර ගත්තාට අපටනම් කිසිදු ප්‍රස්නයක් නොමැති අතර අපගේ මවුබිම විනෂනොකර ඕනෑම මගුලක් නැටුවාට කම් නැත.
kap Thursday, 01 March 2018 12:33 PM
ඔයා තමයි මේක කෑවේ.. මේපාර පරදින්න හේතුව ඔයායි. අපේ සල්ලි වලින් සුර සැප විඳින්න ලැජ්ජාවක් නැද්ද? අපි දන්නවා ඔයාගේ කම්පැනිවල අතීතය...
Indhika Thursday, 01 March 2018 12:38 PM
මේ වගේ අයට උත්සවවලට ආරාධනා කරන අයත් ඉන්නවනේ මම කියන්නේ...
Bamunuarachchi Thursday, 01 March 2018 12:40 PM
ඔහෙලා වගේ මිනිස්සු අතුගා දමනවා නම් රැඩිකල් බැරිනම් ඕනෙම කෙන්ගෙඩියක් කමක් නැහැ. හැබැයි එජාපයම අතුගා දමනවා නම් තමයි හොඳ...
Lokka Thursday, 01 March 2018 12:46 PM
දැන් ඔහෙනම් ලොකුවට වෙනස් වෙලා. අලුත් ගෙදර හොඳට නින්ද යනවා ඇති. ගෙදර ගැනුම් මිල නොදන්නා මිනිහා රැඩිකල් වෙනසකට කතා කරන එක විහිළුවක්. මේවා හොඳයි කොණ්ඩේ බැඳපු පරණ චීන්නුන්ට.
dias Thursday, 01 March 2018 12:53 PM
ඕනේ තමාගේ පක්ෂ සාමාජිකත්වය මුලින්ම අහෝසි කල යුතුයි. දෙවැනිව ඕනේ කිව්ව කට්ටියව අයින් කළ යුතුයි. වින්සන්ට් පෙරේරා, සුගතදාස සහ ප්‍රේමදාස මහාතාට පින්දෙන්න. හොරුන් සහ හොරකම්වලට අනුබල දෙන්න අපේ පක්ෂ නායකත්වයෙන් අයින් කළ යුතුයි. ඕනේ උතුරු කොළඹින් ගම්බද ආසනයකට තරඟ කර දිනලා පෙන්වන්නයි.
V.warnakulasuriya Thursday, 01 March 2018 12:54 PM
පට්ට හොරුන්ටත් ජනපදනමක් ඇති රටක.. අපි ජීවත් වෙමු. ඒ කියන්නේ ජනතාව හොරු සමඟයි කියන එකනේ...
pradeep Thursday, 01 March 2018 12:58 PM
අපේ වැදගත් පක්ෂය විනාශ කරන්න එපා. පක්ෂය විනය තීරණ නොගන්නවා නම් අපිට අලියා දුකෙන් නමුත් අත් අරින්න වෙනවා. අපිත් බලාගෙන ඉන්නේ රැඩිකල් වෙනස වෙනකම්...
chanaka Thursday, 01 March 2018 01:09 PM
අපට නම් වෙනසක් ඇතුව හෝ නැතුව එජාපෙ නම් එපාම එපාවෙලා ඉවරයි. මේ කරපු විනාශය හොඳටම ඇති...
nihal Dharmatileke Thursday, 01 March 2018 01:56 PM
ඉස්සා ඔළුවේ අසුචි තියාගෙන මම සුදනා කියනවා. පක්ෂයේ නම නින්දාවට ලක්කෙරුවා. ඔබතුමා ගෙදර යන්න.
dias Thursday, 01 March 2018 03:22 PM
ඔබතුමා නිශ්ශබ්දව හිටියොත් අපේ පක්ෂයට කරන මහගු සේවයක්.
Sanath Thursday, 01 March 2018 07:26 PM
පළමුවෙන්ම කලයුත්තේ ඉතාමත් කාර්යක්ෂම නායකයෙකු සහ උප නායකයෙක් පත්කිරීමයි.
සංජීව Thursday, 01 March 2018 11:12 PM
ඔබතුමා හරි.
Buddika Friday, 02 March 2018 01:50 AM
අනිවාර්යෙන්ම ඕනේ... ඒ වගේම ඔබ පක්ෂයේ සියලු තනතුරු වලින් ඉවත් විය යුතුයි.
gamini Friday, 02 March 2018 02:13 AM
ඩඩ්ලි සේනානායක මහතා නැවත ඉපදේවා. එතුමා වන්නෙක් රටේ නායකයා වේවා.
BamunuarachchiFriday, 02 March 2018 08:41 AM
එක ස්ට්‍රයික් එකටයි එයා ආණ්ඩුව දාලා ගියේ... මේ ප්‍රශ්න එයාට ආවා නම් ඩඩ්ලි සේනානායක මහතා බෙල්ලේ වැලලාගනීවි. ඩඩ්ලි සේනානායක මහතා ප්‍රශ්න වලට මුහුණ දිය හැකි කෙනෙකු නොවේ. එයා රළු මුහුදේ නැව ගෙනියන්න පුළුවන් කපිතාන් කෙනෙක් නොවෙයි.
yaha Friday, 02 March 2018 02:58 AM
ඔව්, හොරු තමා අයින් කරන්න ඕනේ.
Sunil Friday, 02 March 2018 05:39 AM
ඇත්ත කතාව. අපි එකතු වෙමු,
Rohana Friday, 02 March 2018 06:41 AM
දුෂිතයන් එලවා එජාපය රැඩිකල් වෙනසක් කල යුතුයි .
KDRAG Friday, 02 March 2018 07:28 AM
උතුරු කොළඹ ආසනය ඉතිහාසයෙහි පළමු වරට එක්සත් ජාතික පක්ෂය දිනලා වගේනේ මෙතුමාගේ කතාව... කෝට්ටේ ආසනය භාරව අවුරුදු ගණනක් හිටපු රවි කරුණානායක මැතිතුමා කෝට්ටේ කවදාවත් එක්සත් ජාතික පක්ෂයට දිනන්නට බැරි නිසා උතුරු කොළඹට පැනලා... දැන් ලොකු කතාවක් නම් තියෙනවා.
Bamunuarachchi Friday, 02 March 2018 08:43 AM
දූෂිතයින් එළෙව්වාම එජාපයේ කව්ද ඉතිරි වන්නේ?
Samuvel Friday, 02 March 2018 08:51 AM
ඔව්, හරි එජාපෙ අපි ආයිත් ඩඩ්ලි යුගයට ගෙනෙමු. එසේ නම් අයින් කලයුතු කට්ටිය ලියාගන්න. දේශීය නිෂ්පාදන වැඩි නොකර රටින්ම බඩු ගැනීම හොඳයි කියන අය, රටේ සම්පත් විකුණන අය, සොරකම් වලට සම්බන්ධ අය, කිසිම ආර්ථික සැලැස්මක් නැති අය, ගමේ රටේ වෙන්නේ මොනවාද? ගම්මු ඉල්ලන්නේ මොනවාද නොදන්නා අය, වෙනත් රටක දුටු අධ්‍යාපන හෝ නිෂ්පාදන සැලැස්මක් කිසිම යෝග්‍යතා පරීක්ෂණයකින් තොරව ක්‍රියාත්මක කිරීමට තීරණය කරන අය, වැඩ කිරිමට අසමත් අය, වැඩ කිරීමට වඩා තමන්ගේ සැප ගැනම සොයන අය, බොරු කයිවාරු ගහන අය, රටේ සංස්කෘතියට නොගැළපෙන සංකල්ප ඉල්ලන අය, කිසිම අධ්‍යයනයකින් තොරව නායකයා කියන ගෙනෙන ඕනෑම යෝජනාවකට අත උස්සන අය, වයසට ගිහින් කිසිම වැඩක් බැරි වුවත් ගරු ඇමැතිකම් දරන අය... හොඳට බලන්න තව කී දෙනාද එජාපෙට ඉතුරු වෙලා ඉන්නේ කියලා ...
de silva Friday, 02 March 2018 09:37 AM
තමන් ජීවත්වුණු කෝටි 16 කට වැඩි මිලක් වටිනා නිවාසය තම භාර්යාවට ලැබුණේ කොහොමද කියන්න දන්නේ නැති වුණාට, සිහිබුද්ධිය මදි වුණාට පක්ෂේ රැඩිකල් වෙනස්කම් කරන්න කතාකරන්න නම් සිහිබුද්ධිය හොඳට තිබෙනවා. වැඩිපුර දොඩවන්න ගියොත් වෙන්නේ අලෝසියස්ලා ඉන්න රිමාන්ඩ් එකේම කාමරයක් වෙන්කර ගන්න. අර කලින් දමපු බබා පාර්ට් එක දමලා සද්ද නොකර හිටියොත් හැමෝටම ඕක අමතක වෙලා යන්නත් පුළුවන්..., එජාපෙ ඉස්සර හිටිය නායකයින් වන ජයවර්ධන, ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි මහත්වරුන් තම පුද්ගලික ධනයත් මහජනතාවට දුන්නා මිස, පගාවට කෝටි 16 වටිනා ගෙවල් ලබාගත්තේ නැත. එජාපෙට කරන්න පුළුවන් ලොකුම උදව්ව ඔබතුමා පක්ෂෙන් අස්වෙලා දේශපාලනයෙන් විශ්‍රාම යන එකයි.