IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


එජනිස භාණ්ඩාගාරික ධූරය දූමින්ද දිසානායකට

(ඩයනා උදයංගනී)

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා පත්කරනු ලැබ තිබේ.

මීට පෙර එම ධූරයේ කටයුතු කරනු ලැබුවේ අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා වන අතර ඔහු මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව කටයුතු කරමින් සිටී.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව එහි සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී දුමින්ද දිසානායක මහතා එම තනතුරට පත්කෙරුණු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස ද කටයුතු කරනු ලබයි.

                                 

 



අදහස් (11)

එජනිස භාණ්ඩාගාරික ධූරය දූමින්ද දිසානායකට

Prabha Sunday, 20 October 2019 10:19 AM

කොහෙන් හරි කමක් නැහැ... කීයක් හරි හම්බ කරගන්නනේ ඕනේ... නැද්ද?

:       2       182

RaveendraSunday, 20 October 2019 10:42 PM

නැතුව නැතුව පුතේ .... හොරකම පිලිබදව පස්චාත් උපාධියක් තියෙන මට මේ බාලාංසේ හොරකම් එතරම් අපහසුද ??? මගේ ලේකම් උනත් වැඩේ කරයි යස අගේට.. ඒ ගැන කිසි බයක් ඇතිකරගන්න එපා හොදේ...

:       0       14

salapathalaMonday, 21 October 2019 05:37 AM

මෙය ... හා නැද්ද? යනුවෙන් වෙනස් විය යුතුයි.

:       0       2

Buddhika Sunday, 20 October 2019 10:21 AM

දැන් මෙහෙම පක්ෂයක් නමට විතරයි තියෙන්නේ. මෙහි සාමාජික පක්ෂ ඔක්කොම දැන් පොහොට්ටුවේ..

:       44       47

Hafeel Sunday, 20 October 2019 01:56 PM

කොමියුනිස්ට් පක්ෂයටත්, සමසමාජ පක්ෂයටත් වෙච්චදේ දේ තමයි, දැන් මේ පක්ෂයටත් වෙලා තියන්නේ. දවසින් දවස මේ පක්ෂය දිය වෙමින් පවතිනවා.

:       0       18

sharm warnFriday, 25 October 2019 09:17 AM

බලාගෙන ඉන්නකෝ. පොහොට්ටුවත් පාවී පාවී තියෙයි මහින්ද රාජපක්ෂ ඉන්නකල්.එයා නැති වෙච්ච දවසට පොහොට්ටුවකුත් නැහැ.

:       0       0

sirimal Sunday, 20 October 2019 10:41 AM

තවම හිටපු ජනාධිපතිතුමිය කතා කලේ නැද්ද? එතුමියගේ පරණ පුරුද්ද තවම නැතිවෙලා නැතුවා වගෙයි පෙනෙන්නේ. එතුමිය ඊයේ (19) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි බවට ප්‍රචාරය වුණාට එම ගමන තව දින කිහිපයකින් කල් දමා ඇති බවයි දැන් කියන්නේ. දැනට "පක්ෂය ගොඩ ගැනීමේ සාකච්ඡා" දුරකථන සාකච්ඡාවලට පමණක් සීමා වෙලාලු. ඒ වුණාට මංගල සමරවීර ඇමතිතුමා නම් මෙහෙ ඉඳගෙන බොහොම මහන්සි වෙනවලු.. ඡන්දෙට කලින් කවුරු හරි බාගන්න.

:       191       137

රවින් Sunday, 20 October 2019 10:58 AM

අනුර ප්‍රියදර්ශන යාපා මහතා පොදු පෙරමුණට ගිහිල්ලා කොච්චර කල්ද? අවුරුද්දක්? දෙකක්? එතෙක් කල් මේ කියන එ.ජ.නි.ස. අක්‍රීයවද තිබුනේ? මොකෝ හිටන් මේ පෙරමුණ සක්‍රීය කරන්න හිතුනේ? පහුගිය ටිකේ හම්බවුණු හූ හඬ නිසා අවදි වුණාද..?

:       0       24

Mahee Sunday, 20 October 2019 11:49 AM

වැඩේට හරියටම ගැලපෙන මනුස්සයා. කවුරු කොහොම බලයට එයිද, මොනවා වෙයිද කියලා දන්නේ නැති හින්දා කීයක් හරි හම්බ කරගන්න ලැබෙන අවස්ථාව මොකටද නැති කර ගන්නේ..?

:       0       30

saliya Sunday, 20 October 2019 03:16 PM

තව හූවක් තියා පිළිගන්න., නව භාණ්ඩාගාරික, දුමින්ද..

:       0       34

Chanak los angeles Monday, 21 October 2019 09:48 PM

ඩලස් කියනවා ජන මාධ්‍යයට ඝෝටාගෙන් අතීත දේවල් අහන්න එපාලු. දැම්මම ඔහොම තර්ජනය කරමින් කොන්දේසි දමනවානම් බලයට ආවොත් කොහොමට තිබේවිද කියා සියලු දෙනා තේරුම් ගත යුතුයි .

:       0       8

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 2735 8

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2078 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5586 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4059 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4642 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 7007 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site