IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


එක් මාරක රිය අනතුරකින් රුපියල් ලක්ෂ 10ක් වතුරේ

ඉන්දිකා රාමනායක
 
ශ්‍රී ලංකාවේ    සිදුවන එක් මාරක රිය අනතුරක් වෙනුවෙන් රජයට රුපියල් මිලියනයක මුදලක් වැය වන  බව රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා    පැවසීය.
 
මාරක රිය අනතුරේ පරීක්ෂණ සඳහා   යන පොලිස් නිලධාරීන්ට, මහේස්ත‍්‍රාත්වරයාට, අධිකරණය වෛද්‍යවරයාට සහ අධිකරණ කටයුත්තු වෙනුවෙන් මෙම   මුදල වැය වන බවද හෙතෙම කියා සිටියේය.
 
 ශ්‍රී ලංකාව පුරා දිනකට මාරක රියඅනතුරු අටක් පමණ සිදුවන බවත් මෙම මාරක අනතුරු හේතුවෙන් වසරකට ජනතාවගේ මුදල් කෝටි   ගණන්  වියදම් වන බවත්  අජිත් රෝහණ මහතා කියා සිටියේය.
 
මාරක රිය අනතුරු වලට අමතරව දිනකට රටතුළ  රිය අනතුරු  100- 105 අතර ප‍්‍රමානයක් සිදුවන බවද  හෙතෙම කියා සිටියේය.
 
මාර්ග ආරක්ෂාව සහ රිය අනතුරු අවම කිරීම පොලිසියට තනිවම  සිදුකළ නොහැකි කි‍්‍රයාවක් බවත්  ජනතාවගේ සහය    මේ සඳහා අවශ්‍ය බවත් හෙතෙම කියා සිටියේය.
 
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසුවේ  රාජ්‍ය පරිපාලන සහ නීතිය හා සාමය  අමාත්‍යාංශයේ    පැවති  මාධ්‍ය හමුවකදීය.



අදහස් (6)

එක් මාරක රිය අනතුරකින් රුපියල් ලක්ෂ 10ක් වතුරේ

Bamunuarachchi Thursday, 04 October 2018 03:13 PM

වැඩේ සිම්පල්... ත්‍රීවීලර් මොටර්සයිකල් පාරෙන් ඉවත් කරන්න. වාහන දඩ උපරිම කරන්න...

:       0       13

ajith Thursday, 04 October 2018 09:02 PM

ඔය ලක්ෂ 10 ට අමතරව ජීවිත නැතිවීමෙන් ඒ පව්ල්වලට, යැපෙන්නන්ට වෙන හානිය ඉතා විශාලයි. වෙන රටවල් මාරක සහ බරපතල රිය අනතුරු අඩු කරන්න විශාල මුදලක් වැය කරනවා. අවාසනාවට අපේ රට බෞද්ධ රටක් වෙලත් ජීවිතයක වටිනාකම 10ක් විතරයි. මේ අනතුරුවල හේතුව,රියදුරන්ගේ විනයක් නැති කම වගේම, ලංකාවේ මාර්ග වල ප්‍රමිතිය හරි අඩුයි....

:       0       0

Chanak Los angeles Friday, 05 October 2018 01:11 AM

දුම්රිය හරස් මාර්ග අනතුරකදී පුවත්පත්වල ලියන්නේ අනාරක්ෂිත දුම්රිය ස්ථානයක් කියලයි. පොඩ්ඩක් හිතලා බලන්න දුම්රිය හරස් මාර්ගයක් අනාරක්ෂිතව තබා තියන්න පුළුවන්ද? ලංකාවේ සමහර ප්‍රසිද්ධ හතරමං ස්ථානයන් කෙළවර වාහන නවතිනු... කියන පුවරුවක් දකින්නවත් නැහැ. රියදුරන් එම ස්ථාන පසුකර යන්නේ ඔවුන් හිතන ආකාරයටයි. එම ස්ථාන ආරක්‍ෂිත ලෙස සකසාදීමට වගකියන්නේ කව්ද? බදු ගන්න රජයද? බදු ගෙවන ජනයාද? මැති ඇමැතිවරු හොරකම් කරන සල්ලිවලින් මහාමාර්ගය රියැදුරන්ට ආරක්‍ෂිත ලෙස වාහන පදවන්න සකසා දෙන්න බැරිකමක් නැහැනේද?

:       0       0

janaka Friday, 05 October 2018 04:17 AM

මට පෙනෙන සහ දැනෙන ආකාරයට අජිත් රෝහණ මහතා කරන ප්‍රකාශය සම්පුර්ණම බොරුවක්. මාරක රියඅනතුරක පරීක්ෂණ සදහා සම්බන්දවන පොලිස් නිලදාරීන්, මහේස්ත්‍රාත් වරයා සහ අධිකරණ වෛද්‍යවරයා ආදී සියලුදෙන රාජ්‍ය නිලදාරීන් සහ රාජ්‍ය සේවකයන් වන අතර ඔවුන් සියලුදෙනා සේවයට බදවාගෙන ඇත්තේ මාසික වැටුප් සහ අනෙකුත් දීමනා සහිතවයි. මාරක රියඅනතුරක පරීක්ෂණ කටයුතු යනු ඔවුන්ගේ රාජකාරියට අදාල රාජකාරියේ කෙටසක් මිස විශේෂ යමක් නොවන අතර ඔවුන් ආයතන තුල නිදාගෙන සිටියත් ඔවුන්ට හිමි වැටුප් සහ අනෙකුත් දීමනා නියමිත පරිදි කලට වෙලාවට ලබාදීමට රජය පියවරගෙන ඇත. එසේම මාරක රියඅනතුරක් යනු රජයේ අමතර වියදමක් නොවන අතර එය රජයේ අමතර ආදායම් මාර්ගයකි. කෙසේද යත් අනතුරට බාජනය වන වාහන වල අයිතිකරුවන්ගෙන් රජය දඩ මුදල් අයකරන බැවිනි. එසේම පරීක්ෂණ සදහා සම්බන්දවන සියලු නිලදාරීන් හට අනතුරට සම්බන්ද දෙපාර්ශවයෙන්ම තුටුපධු ලැබෙන අවස්ථා නොඅඩු බැවින් ඔවුන්ටද අමතර ආදායම් මාර්ගයකි. එබැවින් පොලිස්පතිවරයාගේ සිටම දුෂිත පොලිසියේ ඉහල නිලදාරීයෙකු වන අජිත් රෝහණ මහතා කරන ප්‍රකාශය සම්පුර්ණම බොරුවක් බව මගේ අදහසයි.

:       25       122

Sugath Friday, 05 October 2018 04:47 AM

මේවා වෙන්නේ පොලිසිය පහව අරගෙන වැරදි කරුවන් අල්ලන්නේ නැති නිසය්. අපි ආණ්ඩුවට ටැක්ස් ගෙවන්නේ මේවා සම්බන්ද වැඩ වලටය්.

:       0       4

Adheesha Friday, 05 October 2018 06:41 AM

වාහනේ නොම්මර තහඩු ලාම්පු නෑ කියල පොලිසියේ පන්ති යන්න වුනා. ඇත්ටටම ඒ පන්තිය ඩයිවින් ලයිසන් ගන්න හැමෝටම වටිනවා. එ්ක නිසා ලයිසන් දෙන්න ඉස්සල්ල පන්තිය තිබ්බනම් ගොඩක් වටිනවා කියල හිතෙනවා.

:       0       129

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 103 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 308 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 303 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 321 1

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 615 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 501 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site