IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘ඌවේ ගුරු මාරුවට අධ්‍යාපන ලේකම් මැදිහත් විය යුතුයි’

(බිඟුන් මේනක ගමගේ)
 
 

ඌව පළාතේ දෙමළ පාසල්වල උගන්වන, දෙමළ භාෂාව නොදන්නා සියලු සිංහල ගුරුවරුන් ස්ථාන මාරුකිරීමට ඌව පළාත් දෙමළ අධ්‍යාපන ඇමැති සෙන්දිල් තොන්ඩමන් මහතා ගෙන ඇති තීරණයෙන් නැති ප්‍රශ්න ඇති වනු ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
 
 
සිංහල භාෂාව නිවැරැදිව නොදන්නා දෙමළ ගුරුවරුන් සිංහල පාසල්වල ද ඕනෑ තරම් සිටින්නේ යැයි ද ඒ අනුව සෙසු පළාත් ඇමැතිවරු ද මෙවැනි තීන්දු ගතහොත් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විශාල අර්බුදයක් ඇති වනු ඇතැයි ද ස්ටාලින් මහතා අවධාරණය කළේය.
 
 
ගුරුවරුන් නිසි ඇගයීමකට ලක් නොකොට ස්ථානගත කිරීමෙන් මෙවැනි භාෂා ප්‍රශ්න මතුවන්නේ යැයි කී හෙතෙම එමනිසා මෙම ප්‍රශ්නය විසඳීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වහාම මැදිහත් විය යුතු යැයි ද කීවේය.
 
 
මෙම තීරණයෙන් ගුරුවරුන් අපහසුතාවයට පත්වීමට ඉඩ නොදෙන්නේ යැයි ද ලංකා ගුරු සංගමය හැටියට මීට කඩිනමින් මැදිහත් වන්නේ යැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 
 



අදහස් (5)

‘ඌවේ ගුරු මාරුවට අධ්‍යාපන ලේකම් මැදිහත් විය යුතුයි’

jayasekara Wednesday, 06 February 2019 08:41 AM

උතුරේ විෂ බිජ රට මැදටත් බෝ වෙලා වගේ... සංහිදියාව රකින්නේ මහා ජාතිය විතරමද?

:       0       215

sena Wednesday, 06 February 2019 09:10 AM

කරුණාකරලා අලුත් ව්‍යවස්ථාවෙන් පළාත්සභා නැතිකරන්න යෝජනා කරන්න. එහෙම නැති වුනොත් තව අවරුදු 30ක් යන්න කලින් තවත් යුද්ධයක් පටන් ගන්නවා. නැතිනම් ජාතිවාදීන් මේ රට අල්ලාගන්නවා.

:       0       181

kap Wednesday, 06 February 2019 09:30 AM

තේරෙන්නෙ නෑති නිසයි අහන්නේ... දැන් දෙමළ ඉස්කොලෙක දෙමල දන්නේ නැති ටීචර්ලා මොකටද? දෙමල ළමයින්ට සිංහල උගන්වන ටීචර්ටත් දෙමළ බැරිනම්, මාර ප්‍රශ්නයක් නේ... එහෙම නම්, මේ මාරු කිරීම සාධාරණයි වගේ.. ඒ වගේම සිංහල බැරි දෙමළ ටීචර්ලා සිංහල ඉස්කොලවල ඉන්නවා නම්, ඒ අයවත් මාරු කරන්න ඕනේ. නැත්නම් ඒ භාෂාවට අදාලව පාඨමාලාවක් කරවලා විභාගයකින් සමත් කරවන්න ඕනේ. මේ රටේ භාෂා ප්‍රශ්නයක් තියෙන්නේ ඇයි කියලා දැන් තේරෙනවා.. ඇයි මේ අය මේකට විරුද්ධ වන්නේ? අනිවාර්යෙන්ම ගම් පළාතෙන් මාරුවෙන්න වෙයි කියලානේද?

:       136       173

SenaWednesday, 06 February 2019 11:06 AM

අලුත් භාෂාවක් ඉගෙන ගැනීමේදී වඩාත්ම සාර්ථක ක්‍රමය එම භාෂාවෙන්ම ඒක ඉගනගන්න එක - ගම්වල් ඉස්කෝලවලින් විශ්ව විද්ද්යාලයට ගියපු ඉංජිනේරුවෝ දොස්තරලා ආදී සියලුම දෙනා මේ ඇත්ත දන්නවා - අනික අලුත උපන් දරුවෝ තමන්ගේ භාෂාව ඉගනගන්නේ වෙනත් කිසියම් භාෂාවක ආදාරයෙන් නෙවෙයිනේ .....

:       0       0

Deepal Nirosh Wednesday, 06 February 2019 09:55 AM

ජාතික සංහිඳියාව කඳුකරයටත් ව්‍යාප්ත වෙලා...

:       0       107

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජේදාසට - සාරථිට වාරණ නියෝගයක්
2024 අප්‍රේල් මස 24 264 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 410 1

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 938 3

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 231 2

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 383 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1795 2

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site