(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා )
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත් පාර්ශ්වයන්ට සහනාධාර ලබා දීමට ප්‍රමාද වන හේතු ඇත්නම් ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නීතිපතිවරායට නියෝග කළේය.
අධිකරණය මෙසේ නියෝග කළේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිසා සිව වගා බිම් වලට හානි සිදුවීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම් ඊවා වනසුන්දර , විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම්.ඞී.පී.මනතුංග මහතා ඇතුළු උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින් හතරදෙනෙකු සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශ ලේකම් එන්.රූපසිංහ , වාරිමාර්ග සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම් , මධ්‍යම පරිසර අධිකාරිය සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
මෙරට වියළි කලාපයට ජලය ලබාදීම සහ බලශක්ති අර්බුදයට පිළිතුරු සැපයීම අරමුණු කරගනිමින් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බව පෙත්සම්කරුවෝ සඳහන් කරති.
උමා ඔය සහ මහතොටිල්ල ඔයේ ජලය භූගත උමඟක් ඔස්සේ දකුණු වියළි කලාපයට අයත් මොනරාගල ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමේ අරමුණෙන් මෙම ව්‍යාපෘති කරන බව පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත.
මෙම ව්‍යාපාතිය නිසා පවුල් 1200ක් පමණ පීඩාවට පත්ව සිටින අතර 13000ක් පමණ ජනතාවකට පානිය ජල අර්බුදයකට, වගා කටයුතු වලට අවශ්‍ය ජලය නොමැතිවීම නිසා ජීවිකාව කරගෙන යාමේ අර්බුදයකටද ලක්ව සිටින බව පෙත්සම්කරුවෝ කියා සිටිති.
මෙම ව්‍යාපෘතිය නිසා ප්‍රදේශයේ භූගත ජලය සිඳීයාමෙන් පාරිසරික ගැටලූ ඇතිවී තිබෙන බවත් නිසි පරිසර ඇගයීම් වාර්තාවකින් තොරව සිදු කරන මෙම ව්‍යාපෘතිය නිසා ගම්මාන 10ක පමණ පිරිස් වලටද නිවාස අහිමි වී ඇති අතර ඇතැම් නිවාස වලට අර්ධ වශයෙන් හානි සිදු වී ඇති බවද පෙතසමේ සඳහන් වේ.එබැවින් එම ජල ව්‍යාපෘතියට බලපත්‍ර ලබා දීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
පෙත්සම්කරුයන් වෙනුවෙන් රවින්ද්‍රනාත් දාබරේ, නිල්මල් වික්‍රමසිංහ සහ සුගත් අතපත්තු යන නීතිඥවරුන් පෙනී සිටියහ. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පෙනී සිටියේය.
පෙත්සම ලබන පෙබරවාරි 11 වැනිදා යළි සලකා බැලීමට නියමිතය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උමා ඔයේ සහනාධාර ප්‍රමාදවීම ගැන හොයන්නැයි නීතිපතිට නියෝග