IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


උමාඔය ගැන වාර්තාවක් ඉල්ලයි

 
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහවැලි සංවර්ධන අධිකාරිය ඇතුළු බලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියෝග කළේය.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිසා සිය නිවාස සහ වගාබිම් වලට හානි සිදුවීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් ගොනු කළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග කළේය.

අගවිනිසුරු ප‍්‍රියාසත් ඩෙප් ,අනිල් ගුණරත්න ,නලින් පෙරේරා යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි පෙත්සම කැඳවූ අතර එහිදී මෙම දැනුම් දීම සිදු කරන ලදී.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතියෙන් ඒ ආශ‍්‍රිතව හානියට පත් ගම් කිහිපයක් සම්බන්ධ කරුණු වලට පමණක් මෙම පෙත්සම සීමා වී ඇති බවයි.

නමුත් මෙම ව්‍යාපෘතියේ කටයුතු වෙනත් ප‍්‍රදේශ කරාද ව්‍යාප්ත වී ඇති බව හෙතෙම කීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන්  දැනට පවතින තත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහවැලි සංවර්ධන අධිකාරිය ඇතුළු බලධාරීන්ට නියෝග නිකුත් කළ අතරම පෙත්සම ලබන මස 11 වැනිදා නැවත කැඳවීමට තීරණය කළේය.

බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම්.ඞී.පී.මනතුංග මහතා ඇතුළු උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින් හතරදෙනෙකු සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශ ලේකම් එන්.රූපසිංහ , වාරිමාර්ග සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම් , මධ්‍යම පරිසර අධිකාරිය සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

 

මෙම ව්‍යාපාතිය නිසා පවුල් 1200ක් පමණ පීඩාවට පත්ව සිටින අතර 13000ක් පමණ ජනතාවක් පානිය ජල අර්බුදයකටත්, වගා කටයුතු වලට අවශ්‍ය ජලය නොමැතිවීම නිසා ජීවිකාව කරගෙන යාමේ අර්බුදයකටද ලක්ව සිටින බව පෙත්සම්කරුවෝ කියා සිටිති.

නිසි පරිසර ඇගයීම් වාර්තාවකින් තොරව සිදු කරන මෙම ව්‍යාපෘතිය නිසා ගම්මාන 10ක පමණ පිරිසකට නිවාස අහිමි වී ඇති අතර ඇතැම් නිවාස වලට අර්ධ වශයෙන් හානි සිදු වී ඇති බවද පෙක්සමේ සඳහන් වේ.

එබැවින් එම ජල ව්‍යාපෘතියට බලපත‍්‍ර ලබා දීම නීතිවිරෝධී බවට ප‍්‍රකාශ කරන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
 



අදහස් (0)

උමාඔය ගැන වාර්තාවක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 95 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 225 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 968 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 122 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 307 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 285 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site