සිතුම් චතුරංග
වැටුප් වැඩිකිරීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් උතුරු පළාතේ සේවය කරන ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින් අද (4) වැඩවර්ජනයක නිරතවූහ.
දිවයිනපුරා ලංගම සේවකයින් විසින් වැටුප් වැඩිකිරීම් ඇතුළු ඉල්ලීම් අටක් මුල්කර ගනිමින් ආරම්භ කළ වැඩවර්ජනයට සහයෝගය පලකරමින් උතුරු පළාතේ ලංගම සේවකයින්ද වැඩවර්ජනයේ නිරතව සිටිති.
වවුනියාව , මන්නාරම ,යාපනය , කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයේ ලංගම සේවකයින් , බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් මෙලෙස සේවයෙන් ඉවත්ව සිටිති.
වැඩවර්ජනයේ නිරත ලංගම සේවකයින් පවසා සිටියේ තමන්ගේ ඉල්ලීම් සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා සාධාරණ විසඳුමක් ලබාදෙන තුරු වැඩවර්ජනයේ නිරතවන බවයි.
ලංගම සේවකයින්ගේ වැඩවර්ජනය හේතුවෙන් උතුරු පළාතේ දුෂ්කර ප්‍රදේශවල සිට ගමන්කරන පාසල් සිසුන් සඳහා බස්රථ නොමැතිවීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටි අතර ජනතාවද පීඩාවට පත්ව සිටියහ.
උතුරු පළාත තුළ ලංගම බස්රථ වැඩවර්ජනයේ නිරත වුවද තමන් සාමාන්‍ය පරිදි බස්රථ ධාවනය කරන බව වවුනියාව පෞද්ගලික බස් සංගමය සඳහන් කළේය.
ඡායාරූප - රොමේෂ් මධුෂංක
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උතුරේත් ලංගම සේවකයෝ වැඩ වරති