IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘උණ රෝගීන්ගේ සංඛ්‍යා ලේඛන වැරදියි’- චන්දිමා රාසපුත්‍ර

ඩී.ජී.සුගතපාල    

                                                         
මේ දිනවල දකුණු පළාත පුරා පැතිර යන උණ රෝගය පිළිබඳ  මාතර සහ කරාපිටිය රෝහල් වලින් නිවැරදි සංඛ්‍යා ලේඛන නොදෙන බවත් එම තොරතුරු වසන් කරන්නේ ඇයි දැයි නොදන්නා බවත් අද (22) පැවති දකුණු පළාත් සභා රැස්විමේදී අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා පැවසීය.


සභාපති කේ.ඒ.සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්  කලේගාන පළාත් සභා ගොඩනැගිල්ලේදී රැස්වීම පැවැත්විණි.


එහිදි අමාත්‍යවරයා මෙසේ කීය. මේ දිනවල පැතිර යන උණ රෝගය නිසා මව්පියන් භිෂණයට පත්වෙලා.එක් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකුගේ ලොකු දරුවට හැදුනා.පස්සේ අනෙක් දරුවටත් හැදුනා පස්සේ එම වෛද්‍යවරයා විසින්ම දරුවා ගිලන් රථයේ දමාගෙන කොළඹට ගෙන ගියා.


මේ උණ හැදෙන්නේ මාතරදියි. නමුත් මැරෙන්නේ කරාපිටියේදියි. හැබැයි මාතර නිවැරදි සංඛ්‍යා ලේඛන දන්නෙත් නැහැ. කරාපිටිය දන්නෙත් නැහැ.ඇයි මේ තොරතුරු හංගන්නේ.“


 “ඇල්පිටිය රෝහලේ මේ වනවිට උණ රෝගින් පනහක් සිටිනවා.වාට්ටු ඉඩ නැහැ.මේ නිසා පිටින් පුටු ගෙනැල්ල රෝගින් වාඩි කරලා. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දෙන සංඛ්‍යා ලේඛන වැරදියි“ යැයි සභානායක චම්ලි විතානාච්චි මහතා පැවසීය.
 
 



අදහස් (7)

‘උණ රෝගීන්ගේ සංඛ්‍යා ලේඛන වැරදියි’- චන්දිමා රාසපුත්‍ර

nuwan Tuesday, 22 May 2018 09:22 AM

ලෝකේ ජයගන්න කලින් රට ඇතුලේ විදිමත් ක්‍රමවේදයක් අනුව වැඩ කරන්න යොමු වුණා නම් හොද නැද්ද?

:       0       219

කුමාර් (ගල්ෆ්) Tuesday, 22 May 2018 10:35 AM

ලංකාවේ වේද හා හෙද සේවාව දෙකම අකාර්යක්ෂමයි, ඔවුන්ගේ කිසිම කැපවීමක් නැත රෝගීන්ගේ ජීවිත බේරන්න. මෙයාලාට ඕනා මුදල්, නිවාස රට කාර් ලොකු පඩි පිටරට අධික පුහුණුව. ඔක්කොම රටේ දුප්පතාගේ පීඩනයෙන් ගෙවන රජයේ මුදල් වලින්, ඒ උනාට හොස්ස ලඟින් මැස්සා ගිය හැටියේ, වර්ජන අකුරට වැඩ. මොන ලෙඩා මැරුණත් උන්ට කමක් නැත.

:       2       31

කරුණාපාල Tuesday, 22 May 2018 10:43 AM

ඒ දොස්තර ජී එම් ඕ ඒ මාෆියාවට සම්බන්ධ දොස්තර කෙනෙක්ද? අර බ්‍රිතානයේ ශෛල්‍ය වෛද්‍යවරයාට එරෙහිව වර්ජනය කල අයෙක්ද? අපි නම් හිතාගෙන හිටියේ ජී එම් ඕ ඒ දොස්තරලගේ ළමයින්ට ලෙඩ හැදෙන්නේ නැහැ කියලයි. ගිලන්රථය දොස්තර පදවා ගෙන යාම බරපතල වරදක් ලෙස තමයි මා නම් දකින්නේ.

:       0       6

Ranjith Silva Tuesday, 22 May 2018 10:46 AM

කෝ මේ ජී.එම්.ඕ.ඒ අදන් යටද. මෙව්වට උත්තර දෙන්න අනේ. සයිටම් පස්සේ එළවනවට වඩා වටිනවා.

:       0       11

සතයපාල Tuesday, 22 May 2018 11:00 AM

මියගිය රෝගීන්ගේ සංඛ්‍යාව හොය හොයා ආතල් ගන්නවාට වැඩිය පළාත් සභාව හා එහි අමාත්‍යවරු විදියට වගකීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කල යුතුයි. මේ වෙලාවේ විපතට පත් වූවන්ට වෛද්‍ය ආධාර ඖෂධ හා ආනෙකුත් අවශ්‍ය පහසුකම් සොයාබලා ඒවා ලබදීමට මැදිහත් වෙනවා වෙනූවට දේශපාලන වාසි ලබාගත හැකි කරුණු සෙවීම ලැජ්ජා සහගත ක්‍රියාවකි.

:       18       45

SamareTuesday, 22 May 2018 01:39 PM

ආධාර දෙන්න තමයි නිවැරදි සංඛ්‍යා ලේඛන ඉල්ලන්නේ , නැතුව බෙහෙත් ටොන් ගණන් ගෙනෙන්නද කියන්නේ

:       0       0

සතයපාලTuesday, 22 May 2018 05:07 PM

මියගිය අයගේ සංඛ්‍යා ලේඛන මොකටද මහත්තයෝ ජීවත්වෙලා ඉන්න රෝගින්ට වෛද්‍ය ආධාර හා ඖෂධ ලබා දෙන්න, මුලින්ම ලියලා තියනදේ හරියට කියව ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1123 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1091 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 621 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1614 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 81 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2692 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1545 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site