IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඉලන්චේලියන් යාපන මහාධිකරණ විනිසුරු ධුරයට සමුදෙයි


 
(රොමේෂ් මධුෂංඛ)


උතුරු පළාත පමණක් නොව රටේම ජන හදවත් දිනා ගනිමින් ලෝකයක අවධානය යොමු වූ නඩු තීන්දු රැසක් ලබාදුන් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා යාපනය මහාධිකරණ විනිසුරු තරණතුරට සමුදීමට සිදුව ඇත.


යාපනය මහාධිකරණ විනිසුරු තනතුරට සමූදීමට සිදුව ඇත්තේ එම්.ඉලන්චේලියන් මහතා මේ මස 28 වැනි දා ත්‍රීකුණාමලයේ මහාධිකරණ විනිසුරු වශයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් පත්කර තිබේ.


ඉලන්චේලියන් මහාධිකරණ විනිසුරු තුමන් 2015 වසරේ ජුනි 1 වැනි දා යාපනය මහාධිකරණ විනිසුරු වශයෙන් වැඩ භාරගත්තේද ත්‍රීකුණාමළයේ සේවය කිරීමෙන් පසුවය.


එමෙන්ම ඉලන්චේලියන් මහතා යුද සමයේදී ද වව්නයාව දිස්ත්‍රීක්කයේ මහෙස්ත්‍රාත්වරයා වශයෙන්ද සේවය කර ඇති අතරම යුද සමයේදී මහත් සේවයක් කළ විනිසුරුවරයෙකි. එවකට සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ප්‍රසාදය දිනා සිටි අයෙකි.


අනතුරුව යාපනය මහාධිකරණ විනිසුරු වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසුව ආන්දෝලනයකට ලක් වූ විද්‍යා දැරියගේ නඩු තින්දුව ලබා දුන් ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයෙක් වශයෙන් කටයුතු කලේද ඉලන්චේලියන් මහතාය.

ඉන් පසුව ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබූ සිදුවීමේදීද විනිසුරු වරයාගේ කම්පා වීම හා ලෙන්ගතුබාවය දුටු ලෝකවාසී ජනතාවගේ මහත් ජනාදරයට පත්වූ මහාධිකරණ විනිසුරුවරයකු වශයෙන් එතුමන් හැඳින්විය හැකිය.
 



අදහස් (21)

ඉලන්චේලියන් යාපන මහාධිකරණ විනිසුරු ධුරයට සමුදෙයි

nuwan Thursday, 24 May 2018 08:31 AM

වැඩක් කරන මනුස්සයට ඔහොම තමා වෙන්නේ මේ රටේ. හැමදාම එක තැන පල් වෙන්න වෙලා තියෙන්නෙත් ඕව නිසා තමා!

:       0       14

පාලිත ගුණතිලක Thursday, 24 May 2018 08:35 AM

මාතෘකාව දැක්ක සැනින් කණගාටුවක් ඇතිවුණා. නමුත් එතුමා මේ ක්ෂේත්‍රය තුළ සිටින බව දැනගත් නිසා සතුටු වෙමි. තවත් මෙවැනි මහාධිකරණ විනිසුරුවරුන් අවශ්‍යයි.

:       0       16

රවිඳු Thursday, 24 May 2018 08:45 AM

ඔබ තුමා වඩාත් සුදුසු වන්නේ කොළඹ මහාධිකරණයටයි

:       0       157

නුමා Thursday, 24 May 2018 08:47 AM

මෙතුමාට මහාධිකරණ විනිසුරු ධූරයෙන් ඉහළට එන්න දෙන එකක් නැහැ රට කරවන අයියලා රැල නම්.

:       0       45

KANDEPOLA Thursday, 24 May 2018 08:48 AM

ඔබතුමා කොච්චර ජන ප්‍රසාදයට පත් උනත් කමක් නෑ. එක එක්කෙනාගේ ලණු කාල දේශපාලනයට එහෙම එනවා නෙවෙයි.

:       1       240

Rohitha Thursday, 24 May 2018 09:18 AM

මෙතුමාට අපි හදවතෙන්ම සුබ පතමු!

:       0       245

Raveendra Thursday, 24 May 2018 09:19 AM

ගුණගරුක විනිසුරු තුමෙක්. අප ඔබට සුබ පතනවා.!!!!

:       0       211

Samathasena A . Aluthgama Thursday, 24 May 2018 09:20 AM

කිසියම් කටයුත්තක් සඳහා දැනට දින කිහිපයකට පෙර අධිකරණ සේවා කොමිසන් සභාව වෙත ගියවිටදී, යාපනය ප්‍රදේශයේ අධිකරණ නිලධාරියෙකු මෙපුවත මා හට කියා සිටියා. ඔබතුමාගේ සාධාරණ සහ කාරුනිකත්වයටත්, අපක්ෂපාතිත්වයටත් අපි ඔබතුමාට හිස නමමු. විනිසුරු තුමනි,ඔබතුමා අප රටේ නීති ක්ෂේත්‍රයේ මිණි පහනකි.

:       0       472

NOEL Thursday, 24 May 2018 09:22 AM

මේ විනිසුරු තුමා කොළඹට මාරු කලානම් දැන් බේරී බේරී ඉන්න ලොකු ලොකු තෝරු මෝරු ටිකක් දැලට අල්ලගන්න තිබ්බා. එහෙම වුනා නම් දේශපාලකයන් හුගදෙනෙක් භය වෙනවා.

:       0       210

samantha Thursday, 24 May 2018 09:27 AM

මේ වගේ විනිසුරුවරු ලෝකයට සාමය ඇති කරයි. කවද හරි දිනයක ඒජි වීමට සුබ පැතුම්

:       0       183

de silva Thursday, 24 May 2018 09:41 AM

මෙතුමා අගවිනිසුරු කමට වුවද සුදුසුය.............

:       0       220

Senarath Thursday, 24 May 2018 09:42 AM

එතුමාට දිගාසිරි සහ ජය ප්‍රාර්ථනය කරනවා.

:       0       162

Mahee Thursday, 24 May 2018 10:11 AM

මිනිසුන්ට නොඅසුනාට දෙවියන්ට ඇහෙනවා, ඒ නිසා ශබ්ද දුෂණය කරන්න එපා කියල පුසාරිට කියන්න තරම් එඩිතර, අපක්ෂපාත, යුක්ති ගරුක වූ ඔබතුමන් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!

:       2       383

සතයපාල Thursday, 24 May 2018 11:41 AM

ජාතිය ආගම කුලය නොතකා රටේ බහුතරයේ ගෞරවයට ආදරයට පත්වු උතුම් මිනිසෙකී. ඔබට දීර්ගායූ පතමී.

:       0       3

Jehaan Thursday, 24 May 2018 12:20 PM

මෙන්න නීතියේ ලොකු පුටුවට සුදුස්සෝ ! මෙතුමාගේ දෙමව්පියන්ටත් අපේ ආචාරය ! මනුස්සකම් නැති උගත්කම් රේස් එකේ දරුවන් යවන ලංකාවේ නුතන මව්පියන්ට හොඳ ආදර්ශයක්.

:       0       1

Jagath Leanage Thursday, 24 May 2018 01:42 PM

ඔබතුමා කවදා හෝ දිනක ලංකාවේ අග්‍රවිනිශ්චයකාර තුමා වෙන්න ඕන කෙනෙක් . එසේ වීමට අපගේ උණුසුම් සුභ පැතුම් .

:       0       34

de silva Thursday, 24 May 2018 02:04 PM

යුක්තියට වැඩ කරන අයුක්තියට හිස නොනමන අපේ කාලයේ වීරයෙක් , මේකේ දමල තිබෙන කමෙන්ට්ස් ටික බැලුවම පෙනෙනවා ඔබතුමාට මිනිස්සු කොපමණ ගරු කරනවද ආදරේද කියල

:       0       24

Hafeel Thursday, 24 May 2018 02:48 PM

අපි ප්‍රර්ථනා කරමු ඔබතුමා විග්නේෂ්වරන් නොවේවා කියලා. උතුරු මහා ඇමැති විග්නේෂ්වරනුත් හිටුපු විනිශ්චය කාරයෙක් දැන් දේශපාලනයට ඇවිල්ල නඩු අවුස්සනවා

:       0       6

Nihal Thursday, 24 May 2018 04:45 PM

විශිෂ්ඨ විනිසුරු වරයෙක්...........ඔබ ජනාධිපති සඳහා සුදුසුයි.....

:       0       29

sanathFriday, 25 May 2018 07:13 PM

සුළු ජාතික බැරක් ඔබාමා ඇමරිකාවේ ජනාධිපති උනාට මේ ආත්මෙදි නම් මෙයාට ලංකාවේ ජනාධිපති වෙන්න හිතන්නවත් බැහැ.

:       1       0

ranjith Sunday, 27 May 2018 10:15 PM

මේ අදහස්ම ඇති එතුමාට සතුටුවෙන්න. ජාතිය ආගම නෙවෙයි මිනිස් ගතිගුණ හොද ගතිගුණ වලට මිනිස්සු සදාකාලික ගරුකරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 590 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 112 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 819 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 840 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1231 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1113 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site