(ජේ.කේ.එල්.චාමින්ද)
ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ රෝගය වැළදිමෙන් තවත් කුඩා දරුවෙකු මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.
මියගොස් ඇත්තේ අවුරුද්දක් හා මාස දෙකක් වියැති දරුවෙකි. එම දරුවා ගොනපිනුවල ප්‍ර දේශයේ පදිංචි දරුවෙකි. හෘද වස්තුවේ ඇතිවු රෝගි තත්වයක් නිසා මෙම දරුවා කරාපිටිය රෝහලේ ළමා දැඩි සත්කාරක ඒකකයට ඇතුලත් කොට තිබේ.
මෙකි වෛරස් උණ රෝගයට ලක්විමෙන් මැයි මාසයේ සිට ජුනි මස 18 වැනිදින දක්වා කාලය තුලදි කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාරක ඒකකයේ හා වාට්ටුවල ප්‍රථිකාර ලබමින් සිටි කුඩ දරුවන් 20 දෙනෙකු මියගොස් ඇති බැව් රෝහල් අධ්‍යක්ෂක ජයම්පති සේනානායක මහතා සදහන් කළේය.
රෝහල් අධ්යක්ෂකරවරයා පවසන්නේ මේසේ මියගිය දරුවන්ගෙන් දහ දෙනෙකුම හෘද වස්තුවේ සිදුරු, මෝලයේ ආබාධ, උපතින්ම ඇතිවු ආබාධයන්, විවිධ සංකුලතා වලට ලක්වු ප්‍රතිශක්තිකරණය අඩු දරුවන් බවය. එම දරුවන්ට වෛරස් උණ වැලදිමේ වැඩි ඉඩක් පවතින බවද රෝහල්අධ්යක්ෂකවරයා සදහන් කළේය.
කෙසේවුවද මේවනවිට වෛරස් උණ රෝගය පාලනය වි ඇති බව පවසන රෝහල් අධ්‍යක්ෂකවරයා වෛරස් උණ වැළදිමෙන් රෝහල්ගතවන දරුවන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩුවි ඇති බව සදහන් කළේය.
රෝහලේ ළමා වාට්ටුවලට වෛරස් උණ වැළදි දරුවන් 12 දෙනෙකු පමණ ඇතුළත්ව සිටින බව සදහන් කළ රෝහල් අධ්‍යක්ෂකවරයා ඉන්ෆ්ලුවෙන්සා වෛරස් A බවට හදුනාගෙන ඇත්තේ ඉන් දරුවන් දෙදෙනෙකු බවද සදහන් කළේය.
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් තවත් දරුවෙකු මරුට