තරිඳු ජයවර්ධන සහ රංජන් කස්තුරි
ඉන්ෆ්ලුවෙන්සා රෝගය ගැන වැරදි තොරතුරු හා සංඛ්‍යාලේඛණ ප්‍රචාරය වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද පැවසීය.
ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් මේ වන විට 2510ක් වාර්තා වී ඇති බවත්, දරුවන් 14 දෙනකු සහ වැඩිහිටියකු වශයෙන් මරණ 15ක් වාර්තා වී ඇති බවත් ඇමැතිවරයා කීවේය.
ඉන්ෆ්ලුවෙන්සා පාලනය කිරීමට අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට දී ඇතැයි අවධාරණය කළ ඇමැතිවරයා ඊට අවශ්‍ය ප්‍රතිපාදන ද වෙන් කර දී ඇතැයි ප්‍රකාශ කළේය.
රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේදීය.
මේ සඳහා එන්නතක් තිබිය දී එය ලබා නොදීම ගැන ඇමැතුම් ප්‍රශ්න කරන බව කී ඇමැතිවරයා එම එන්නත භාවිතයට සුදුසුද යන්න ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ප්‍රකාශ කළේය. ඩෙංගු රෝගය උත්සන්න වූ අවස්ථාවේදී මෙවැනිම එන්නතක් ගැන කතා බහ වුවද එය නුසුදුසු බව කියමින් ලංකාවේ ලබා නුදුන් බවත්, අවසානයේ එම එන්නතින් ප්‍රතිඵලයක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේදී පවා කතා බහට ලක්වූ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම රෝගය වැළැඳුණු ඇමැත් පුද්ගලයන් පෞද්ගලික ප්‍රතිකාර ලබා ගෙන අවසානයේ රෝහල්වලට ඇතුළු වන බව ද, මූලික අවස්ථාවේම රෝහලට ඇතුළුවුවහොත් අවශ්‍ය අධීක්ෂණ කටයුතු සිදු කරමින් ප්‍රතිකාර කළ හැකි බව ද ඔහු කීවේය.
රෝගීන් ප්‍රමාණය වැඩි වූයෙන් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය නම් පෞද්ගලික රෝහල්වල දැඩිසත්කාර ඒකක ප්‍රයෝජනයට ගන්නා ලෙස තමා දැනුම් දුන් බව කී ඇමැතිවරයා රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම සිදුකරන බව අවධාරණය කළේය.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්ෆ්ලුවෙන්සා පාලනයට සෑම පියවරක්ම ගන්නවා - ඇමැති රාජිත
Sanath Wednesday, 06 June 2018 09:12 AM
ඇමැතිතුමා කියන දේවල් මිනිස්සු ගණන් ගන්නේ නැහැ. ඒ නිසා ඕනෑම දෙයක් කියන්න.
kamal Wednesday, 06 June 2018 09:46 AM
දවස් සීයකින්ද?
කසුන් Wednesday, 06 June 2018 12:01 PM
ඔයාගේ කියුම් කෙරුම් දැන් රටට විහිළුවක් වෙලා !!
Lapaya Wednesday, 06 June 2018 12:12 PM
සිංගප්පූරු රෝහල් වලින්ද දැඩි සත්කාර ගන්න කියන්නේ. තමුන් අපේ සල්ලි වලින් ගත්තා වගේනේ...
Hafeel Wednesday, 06 June 2018 03:15 PM
මේ එන්නත කොළඹ පුරපතිගේ වැසිකිළි නඩත්තුවට වඩා මිල අධිකද?